ඔන්න අදනම් වෙනදට වඩා ඉක්මනට ඉවර කරගන්න පුළුවන් වුනා උපසිරැසිය. හැමදාම පරක්කු කරලත් බැහැනේ . හොදයි එහෙමනම් අපි බලමු මොකද වෙන්නේ කියලා අද කොටහේ.
අතීත කතාව
ඇලෙක්ස් රයන් දෙන්නා ලියාහ්ගේ කාමරේ පරික්ෂා කරලා එද්දීම හැරීගේ අතටම මාට්ටු වෙනවා. එතැනදී මේ තුන්දෙනවම කවුද පැහැරගන්නවා. පස්සේ මේ කට්ටියව යවනවා මෙහෙයුමකට . හැබැයි එකත් පරීක්ෂණයක්. කෙනෙක්ව මරලා ඒකට ඇලෙක්ස්,රයන් සහ හැරීව අල්ලලා. කොහොමහරි මේකෙන් බේරෙන්න හැරී අදහසක් යෝජනා කරනවා.නමුත් ඒ වෙනුවෙන් ඇලෙක්ස් රයන් දෙන්නා තමන්ගේ ඇත්ත හැරිට කියන්න ඕනේ. ඇලෙක්ස් සහ රයන් නීමා සහ ෂෙල්බී එක්ක එකතුවෙලා හැරිව මේ වරදට පටලවලා හිරේ යවනවා. හැබැයි හැරී ගියපයින්ම ආපහු එනවා. අද හැරී කියන්නේ ඇත්තටම කවුද කියලත් කියනවා.
වර්තමාන කතාව
ත්ඇලෙක්ස්ව ත්‍රස්ත කණ්ඩායම ගොඩනැගිල්ලේ හැමතැනම හොයනවා. ඇත්තටම කිව්වොත් ඇලෙක්ස්ව අහුවෙනවා. මේ අතරේ එරික් බෝයර් සියදිවි නසාගෙන නිසා මිරැන්ඩා ලෑස්ති වෙන්නේ විල් ඔල්සන්ව ත්‍රස්තයන්ට බාරදෙන්න. හැබැයි දැන් ෂෙල්බී ඉන්නේ මිරැන්ඩා ගැන සැකයෙන්.
හොදයි එහෙමනම් කට්ටිය බාගෙනම බලන්නකෝ මොකද වෙන්නේ කියලා. කට්ටියගේ ප්‍රතිචාරනම් මේ කතාවට බොහොම මදි වගේ. හරි අවුලක් නැහැ. එහෙමනම් ඉතින් ඊළගට සුපර්ගර්ල් උපසිරසියෙන් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Quantico.S02E05.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
247 downloads
<<Previous Episode All Episodes Next Episode >>