දුර්වල මිනිස්සුන්ට තර්ජනය කිරීම බලවත් මිනිස්සුන්ගේ විනෝදාංශයක්.
ඒත් වෙනසකටත් එක්ක.. දුර්වල මිනිස්සු පිටිපස්සෙත් බලවත් මිනිස්සු ඉන්නවා..
ජනතා ගැරේජ්.
ඔන්න යාළුවනේ තවත් සුපිරි බ්ලොක්බස්ටර් තෙළිඟු සිනමා පටයක් ඇරගෙන ආවා. සෑහෙන කාලයක් තිස්සේ ඔයාලා මේ උපසිරැසිය එනකල් බලන් හිටියා. ඉතින් ඔන්න බයිස්කෝප් එකෙන් ඒ ආසාවත් ඉෂ්ට කළා එහෙනම්. ජූනියර් NTR ගේ ජනතා ගැරේජ්. ජූනියර් NTR කීවාම කවුද නොදන්නේ. තෙළිඟු සිනමාවේ යන්-ටයිගර් කියන්නේ මෙයාට තමයි. මෙයාගේ කලින් චිත්‍රපටය නන්නකු-ප්‍රේමදෝ එකටත් මම උපසිරැසි රැගෙන ආවා මතක ඇති. වැඩි කතා නැතුව කෙලින්ම කතාව පොඩ්ඩක් කියන්නම්.
ජනතා ගැරේජ් එක මුලින්ම පටන් ගත්තේ සත්‍යයම්. සාමාන්‍ය ගැරේජ් එකක් ජනතා ගැරේජ් එකක් බවට පත් වුණේ කොහොමද කියලා චිත්‍රපටයේ තියනවා. සරළව කීවොත්, දුප්පත් මිනිසුන්ගේ ප්‍රශ්ණ වලට එකෙන්ම බැහැලා උදවු කරන කණ්ඩායමක්. ඉතින් මේ නිසාම එයාලට ගරු බුහුමන් වගේම සතුරන් පවා වැඩිවුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සත්‍යම්ගේ මල්ලි සහ බිරිඳ මහමගදී ඝාතනයට ලක්වෙනවා. ඒ දෙන්නගේ පුංචි පුතා ආනන්ද් එයාගේ මාමා විසින් මුම්බායට ඇරන් ගිහින් හදාගන්නවා. ආයේ කවදාවත් ආනන්ද්ව මේ ගමට එවන්නෑ කියන බලාපොරොත්තුවෙන්. ආනන්ද් කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි. එයා තමයි අපේ වීරයා NTR. හොඳයි ඉතින් අවුරුදු 25 කුත් ගියා. ආනන්ද් දැන් පරිසර හිතකාමියෙක් විදියට සමාජ සේවය කරනවා. අර පැත්තේ සත්‍යම්ගේ ජනතා ගැරේජ් එක දැන් බොහොම අඩපණ වෙලා, සත්‍යම්ගේ පුතා රාඝවා තමයි ඒක දැන් පාලනය කරන්නේ. දැන්නම් ඒක ජනතා ගැරේජ් එකක් නෙවෙයි, පුද්ගලික ගැරේජ් එකක් වෙලා. නීති විරෝධී ව්‍යාපෘති පටන් ඇරන් මිනිසුන්ව අමාරුවේ දාලා එයාලා ව්‍යාපාර කරනවා. ඔහොම ඉන්නැද්දි දවසක් ආනන්ද්ට සිද්ධ වෙනවා සත්‍යම් ඉන්න ගමට යන්න, කිසියම් පරිසර සංරක්ෂණ වැඩසටහනකට. එතනින් පස්සේ මොකද වුණේ කියලා ඔයාලම බලන්න.
NTR ට අමතරව මෙහි මෝහන්ලාල් ඉතා හොඳ චරිතයක් කරනවා. ඒ තමයි සත්‍යම් ගේ චරිතය. ඒ වගේම දමිළ සිනමාවේ මේ දවස්වල ජනප්‍රිය නිළියක් වන සමන්තා සමඟ නිත්‍යා මෙනන් රංගනයෙන් දායක වෙනවා. කතාව නම් ඉතින් වෙනසක් නෑ සාම්ප්‍රදායික තෙළිඟු චිත්‍රපටියකට තිබිය යුතු සියළුම සුදුසුකම් මේකටත් තියනවා. හැබැයි සටන් ජවනිකා එහෙම බලන් ඉන්න ආසා හිතෙනවා. මේ උපසිරැසිය ඉංග්‍රීසි එකක පරිවර්ථනයක් නිසා මම දමිළ චිත්‍රපටිවලට දෙන උපසිරැසි වගේ නම් කොලිටි නෑ හැබැයි. දෙබස් කීපයක් එකම පේළියේ තිබෙන අවස්ථා තිබුණා. හොඳයි එහෙනම් චිත්‍රපටය රස විඳින්න කියලා ආරාධනා කරනවා. ඔබට ජයවේවා !
තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilMV.me – Janatha Garage (2016) Telugu HDRip – 400MB – x264 – MP3
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
3328 downloads