Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Remo (2016) with Sinhala Subtitles |දෙවියන් මට ලබාදුන් දෙවැනි අවස්ථාව. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Remo (2016)

ඔන්න ඉතින් චූටි කාලෙකට පස්සෙ ආයෙ දුවගෙන දුවගෙන ආව සුපිරි ශොට් එකක් අරන්. ගොඩක් දෙනෙක් ආසාවෙන් සහ මග බලාන හිටපු ෆිල්ම් එකක් තමයි මේ රෙමෝ චිත්‍රපටය. සිව කාර්තියෙන්ගේ සුපිරි විහිළු ටිකක් ඉතින් ඔයාලට මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුලුවන්. ආ ඉතින් මන් මුලින්ම සමාව ඉල්ලනවා උපසිරැසිය පරක්කු වුණු එකට. ඉතින් ඒකට කාරණාව තමයි නොසිතූ විදියට මම කාර්‍ය බගුල වුණා. 😀 හි හි.. වෙන මොනාද පංති වැටුන එක දිගටම. ෆිල්ම් එක ඉක්මන්ට දෙන්න හිතුව. ඒ වුනත් අන්තර්ජාලයේ මේ ෆිල්ම් එකට කිසිම ඉංග්‍රීසි උපසිරැසියක් තිබුනෙ නෑ. ඉතින් මට සිද්ද වුණා කාල රාමු හදාගෙන අසා-ලිවීමක් කරන්න. ඒකයි පොඩ්ඩක් විතර පරක්කු වුණේ. ඉතින් වෙනද වගේම මගෙ කොක්ක සදුන් අයිය [මාමා] ඉරිද උදෙන්ම මැසේජ් එකක් එවල තිබුන රෙමෝ ඇවිල්ල කියල. ඉතින් කොහොම හරි දවස් තුනක් උපසිරැසිය කරන්න වුණා ඒකත් රෑ තමයි කරන්න සිද්ද වුනේ. මොකද උදේ ඉදන් හවස් වෙනකන් පංති තිබුන නිසා. හරි එහෙනම් කොහොම හරි සබ කරල ඉවරවෙනකොට ලයින් 2000 පන්නල තිබුන. කොහොඅ හරි මේ තමයි මම අසා-ලිවීමෙන් කළ දෙවැනියට වැඩිම උපසිරැසිය. එහෙනම් මන් මේ කියෙව්ව ඇති. ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියන්නම්කෝ. 😀

ඉහින් චිත්‍රපටය අද්‍යක්ෂනය කරල තියෙන්නෙ Bakkiyaraj Kannan. ඒ වගේම මේ චිත්‍රපටයේ එන කතාවත් ලියල තියෙන්නෙ Bakkiyaraj Kannan ම තමයි. නළු නිළියන් දිහා බැලුවොත් මම කලින් කිව්ව වගේ Siva Karthikeyan චිත්‍රපටයේ ප්‍රධාන චරිතයත්. Keerthi Suresh ප්‍රධාන නිළියගෙ චරිතයත් රඟ දක්වනවා. හරි ඉතින් චිත්‍රපටයේ වැඩි විස්තර මෙතනින්. මන් එහෙනම් කතාවෙ මොකද්ද වෙන්න යන්නෙ කියල පොඩ්ඩක් කියන්නම්.

ඉතින් මේ අරුන් කියන්නෙ සාමාන්‍ය කොල්ලෙක්. මෙයාගෙ ආසාව තමයි ලොකු නළුවෙක් වෙන එක. හැබැයි ඒක හිතපු තරම් ලේසි වුනේ නම් නෑ. මෙයා කොච්චර අවස්ථා ඉල්ලන් ගියත් අධ්‍යක්ෂවරුන් අවස්ථාවක් නම් දුන්නෙ නෑ. ඉතින් ඔය අතරෙ අරුන්ට ආරංචි වෙනවා කේ.එස් රවිකුමාර් කියන අධ්‍යක්ෂකවරයා එයාගෙ අලුත්ම චිත්‍රපටයට රගපාන්න ප්‍රධාන නළුවන් හොයන විත්තිය. ඉතින් අපේ අරුන්ගේ එකම ආශාව ඒක නිසා එයත් ඒ තෝරගන්නා පරීක්ෂණයට යනවා. ඉතින් කොහොම හරි අපේ අරුන්ට ඒ අවස්ථාව උදා වෙන්නෙ නෑ. හැබැයි අධ්‍යක්ෂකවරයා කියනවා එයාගෙ චිත්‍රපටයේ ප්‍රධාන නළුව ගැහැනු චරිතයකට රගපාන්න ඕනි කියල. ඒ හෙදියකගෙ චරිතයකට. ඉතින් මේ අස්සෙ ආදරය ඒව, මේව කියල හරි ජංජාල සිද්ද වෙනව. ඒ වගේම බලාගන්න පුලුවන් මේ “රෙමෝ’ කියන්නෙත් කාටද කියල. කතාවම කියන්න බැරි නිසා චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරනව.

එහෙනම් හරි මහන්සී යාළුවනේ ඊයෙත් [2016-11-02] නිදිය ගන්නකොට පාන්දර 4.00AM යි. පට්ට මහන්සී. ආ සදුන් අයියටත් [මාමා] ගොඩක් ස්තූති වන්ත වනවා මුල් කාල රාමු ටික ගානට Sync කරල දුන්නු එකට. 😀 එහෙනම් ජය වේවා කිව්ව.

ලෝකෙ ඉන්න කිසිම කෙල්ලෙකුට තේරෙන්නෙ නෑ කොල්ලො කරන භාගයක් වැරදි වලට කාරණාව කෙල්ලො කියල. කොල්ලන්ට වෙන මාර්ගයක් නෑ. මන් වගේ මහ පාරෙ ඉන්න තමයි වෙන්නෙ.

Remo (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

www.TamilMV.me – Remo (2016) Tamil HDRip – 400MB – x264 – MP3

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>