Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Bambi (1942) with Sinhala Subtitle |බැම්බි කුමරුගේ ස්ථීර අධිෂ්ඨානය… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Bambi-(1942)

බයිස්කෝප් සිංහලෙන් අඩවිය එක්ක එක් වෙලා අවුරුද්දක් නිමිත්තෙන් තවත් චිත්‍රපටක් ගෙනාවා. මම උපසිරස වැඩියෙන්ම දැනට කරලා තියෙන්නේ ඇනිමේෂන්නෙ. ඒ නිසා අද දිනටත් ඇනිමේෂන් එකක් නොගෙනාවොත් අඩුවක් වගේ දැනුණා. ඉතින් ඒ නිසා ඔන්න ඇනිමේෂන් එකකුත් ගෙනාවා.

මුලින්ම කියන්න ඕණෙ, අද එන අළුත් ඇනිමේෂන්වලට වඩා ලොකු වෙනසක් තියෙනවා. මමත් මේක නොබල හිටිය චිත්‍රපටක්. ඒ වුණත් බැලුවට පස්සෙ තමයි උපසිරසත් කරන්න ආසාව ආවේ. ඒ තරම් අමුතුම ලස්සනක්, ආදර්ශමත්බවක් තියෙනවා. පොඩි අය විතරක් නෙමෙයි ලොකු අයත් ගොඩක් කැමති වෙයි මේක බලන්න. ඉතින් ආරාධනා කරනවා මේක බලන්න කියලා.

චිත්‍රපටය පැත්තට හැරුණොත් අධ්‍යක්ෂණය කර තිබෙන්නේ James Algar, Samuel Armstrong, David Hand, Graham Heid, Bill Roberts, Paul Satterfield සහ Norman Wright කියන හත් දෙනා විසිනුයි. අධ්‍යක්ෂකවරුන් හත් දෙනෙක්ගෙන් අධ්‍යක්ෂණය වුණු චිත්‍රපටයක් (හිතාගන්න පුළුවන් නෙ කොහොම ඇතිද කියලා චිත්‍රපටය) ඒ විතරක්ම නෙමෙයි IMDb 7.4ක් ගත්ත මේ චිත්‍රපටයෙ නම Oscar 3කටම නිර්දේශ වෙලා තියෙනවා. ඒ වගේම තව සම්මාන ජයග්‍රහන 4කුත්, තවත් නාම යෝජනා එකකුත් තියෙනවා. මේ කිව්ව ටික චිත්‍රපටය ගැන අදහසක් ගන්න හොඳටම ඇති කියලා හිතනවා.

කතාව මෙහෙමයි, කතාව පටන්ගන්නෙ බැම්බි ඉපදෙනව එක්කමයි. ඉතින් බැම්බි ඉගෙනගන්නවා කැළේට හුරු වෙන්නේ කොහොමද කියලා. කෙළින් හිටගන්නේ කොහොමද කියල පවා මෙයා යාළුවන්ගෙන් ඉගෙනගන්නවා. යාළුවෝ කොච්චර වටිනවද කියලා බලාගන්න පුළුවන්. ඉතින් බැම්බි කුමාරයාත් ටිකෙන් ටික ලොකු වෙනවා. මේ කාලෙදී යම් අනතුරක් වීම නිසා එයා තනියම වැඩ කරගන්න, අධිෂ්ඨානයකින් වැඩකරන්න ඉගෙනගන්න වෙනවා. සිද්ධ වෙච්ච අනතුර මොකක්ද? ඇයි එයාට තනියම වැඩ කරන්න ඉගෙනගන්න වෙන්නෙ? මොකක්ද මේ අධිෂ්ඨානය? බැම්බි කුමරුන් සාර්ථක වෙයිද? ජීවිතය ජයගන්න පුළුවන් වෙයිද කියල දැනගන්න කතාව බලන්න.

අවසාන වශයෙන්, අපේ සහෝදර ඇඩ්මින්වරුන්ට විශේෂයෙන් මේ අවස්ථාවේ මම ස්තුතිවන්ත වෙනවා අද මා එවූ උපසිරස 3ම පළ කිරීම සම්බන්ධව…

එහෙනම් ඉතින් කමෙන්ට් එකක් දාලා යන අයව ගොඩක් අගය කරනවා… තවත් උපසිරසකින් හමුවෙමු…
ජය…

“If you can’t say something nice, don’t say nothing at all.” 😀

The Flintstones (1994) on IMDb

 

 

550 MB (720p.BR) කොපිය මෙතනින් බාගන්න

46CA6D2A2BB74B56D0930E7453DD720F87BEB395
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>