කොහොමද ඉතින් හැමෝටම !!!! අද මම ලස්සන කතාවකට සිංහල උපසිරසියක් ගෙනාවා. ෆිල්ම් එකේ නම ” 5 Days of War “. මේ චිත්‍රපටිය පැය 1 යි විනාඩි 52 ක කාලයක් දාවනය වෙනවා. ඒ වගේම ලෝකයේ තවත් රටක සිදුවුණු සත්‍ය සිදුවීමක් වගේම යුද්ධයක්. බොක්ස් ඔෆිස් වාර්තා වලට යන්න පුළුවන් වුණු කතාවක්. IMDB 5.6 ක් වගේ ඉහල අගයක් ලබාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා. අපි දැන් කතාව පැත්තට හැරෙමු.
කතාවේ ප්‍රධාන නළුවා විදියට රගපාන්නේ ” Rupert Friend “, “Homeland TV SHOW ” එක බලපු අය ඔහුව දන්නේ “පීටර් කුයින් ” විදියට. තෝමස් ජෝර්ජියානු යුද්ධය වාර්තා කරන්න ඉස්සල්ලා ඉරාකයේ යුද්ධය වාර්තා කරන්න ගිය ගමනේදී දැඩි ඛේදවාචයකට මුහුණ දෙනවා. චිත්‍රපටිය ආරම්භයේදීම එක බලන්න පුළුවන්. කතාවට පදනම් වෙන්නේ රුසියන් – ජෝර්ජියානු යුද්ධය. මේ චිත්‍රපටිය කිසි කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්, එක මට විශ්වාසයි. මේ රුසියන් – ජෝර්ජියානු යුද්ධය දකින්නේ ඇමරිකානු වාර්තාකරුවකුගේ ඇසින්. ඇමරිකානු වාර්තාකරු සහ ඔහුගේ කැමරාකරු තමා ජෝර්ජියාවට යන්නේ යුද්ධය වාර්තා කරන්න. මේ දෙන්නා ජෝර්ජියාව ගැන දන්නේ නැති නිසා මේ දෙන්නට උදව් කරන්න ඉදිරිපත් වෙනවා ඇමරිකාවේ ඉගෙන ගත්ත ජෝර්ජියානු ගෑනු ළමයෙක්. රටේ ජනාධිපතිතුමා යුද්ධයට මුහුණ දුන්නු ආකාරය, යුද නායකත්වයක බලපෑම, යුද්ධයක් ජන ජිවිතයට කරන බලපෑම්, මේ ඇමරිකන්කාරයෝ දෙන්නට මුහුණ දෙන්න වෙන අභියෝග, ඇමරිකන්කාරයෝ දෙන්නව ප්‍රාණ ඇපයට ගත්තම සිදුවන දේවල් බලන්න පුළුවන් වෙයි මේ චිත්‍රපටියෙන්.
මේ මගේ තෙවන උපසිරසි නිර්මාණය. මම හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටිය බලන්න කියලා. එහෙනම් හැමෝටම සුබ දවසක් !!!
Due to copyright issues, we do not provide any torrent links.
5.Days.of.War.2011.720p.BluRay.x264.VPPVV
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1012 downloads