සති කිහිපයක නිවාඩුවකට පස්සෙ තමයි ආයෙත් අපි හම්බෙන්නෙ. කලින් කොටස ගැන බැලුවොත්… කණ්ඩායමේ කට්ටිය සැවේජ්ව හොයාගෙන 1958 හාමනි ෆෝල්ස් වලට එනවා. මෙහෙදි සැවේජ් ගැන තොරතුරු හොයද්දී කණ්ඩායමට දැනගන්න ලැබෙනවා මිනී මැරුම් වෙනවා කියල. මෙයාල සැක කරනවා මේවට සැවේජ් සම්බන්ධයි කියල. ඉතිං මේ ගැන හොයන්න කට්ටිය බෙදිලා යනවා. රේ සහ සෝන්ඩර්ස් දෙන්න විවාහ ජෝඩුවක් විදිහට නිවසක පදිංචියට යනවා. මේ අතරේ සාරා සහ මාටින් රෝහලක සේවයට යනවා. ස්නාර්ට් සහ රිප් දෙන්න යනවා FBI නියෝජිතයන් විදිහට මේ ගැන තොරතුරු හොයන්න. ඒ වගේම ජෙෆර්සන් නගරයට අලුතෙන් ආව ළමයෙක් විදිහට. ඉතිං එතැනදී එයාට බෙටී මුණගැහෙනවා. සිද්ධ වෙන මිනී මැරුම් අතරේ තවත් අය අතුරුදන් වෙන්නත් පටන්ගන්නවා. මේ අතුරුදන් වෙන කට්ටිය අතරෙ බෙටීගේ පෙම්වතාත් ඉන්නවා. රෝහලේදි සාරා තවත් නර්ස් කෙනෙක් සමඟ මිත්‍ර ශීලී වෙනවා. මෙහෙම වෙලා අවශ්‍ය කරන තොරතුරු ෆයිල් ඔක්කොම පරීක්ෂා කරනවා. මෙහෙම කරන්නෙ සැවේජ් ගැන හෝඩුවාවක් හොයාගන්න. මේ අතරේම සාරාට ඒ නර්ස් ගැන ආදරයක් ඇති වෙනවා. කොහොමහරි රෝහල ඇතුලේ වහල තියන ශාලාවක් හොයාගන්නවා. ඒ ශාලාව තමයි H ශාලාව. එතනදීම තමයි සාරා දැනගන්නෙ ඩොක්ටර් නොක්ස් කියන්නෙ සැවේජ්ට කියල.
මේ අතරේම අලුත් විවාහ ජෝඩුවක් විදිහට ගෙදරකට ආපු රේ සහ සෝන්ඩර්ස් හම්බෙන්න අසල්වැසි ජෝඩුවක් එනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි මිසිස් නොක්ස් සහ මිස්ටර් නොක්ස්. නොක්ස් කියන්නෙ ඉතිං සැවේජ්නේ. හැබැයි මෙතනදී සෝන්ඩර්ස් සැවේජ්ව අඳුරගත්තේ නෑ වගේ හැසිරෙනවා. මොකද සැවේජ්ට සෝන්ඩර්ස්ව මරල ඒ ආත්ම ශක්තිය ගන්න අවශ්‍ය නම් මරණ අවස්ථාවේදී සෝන්ඩර්ස් තමන්ගෙ පෙර ආත්මයන් දැනගෙන ඉන්න ඕන. එහෙම මතක බවක් පේන්න නැති නිසා සැවේජ් ඇයව මරන්න උත්සහ කරන්නෙ නෑ. කොහොම වුනත් නොක්ස් පවුල අලුත් ජෝඩුවට එයාලගෙ ගෙදර සාදයකට ආරාධනා කරනවා. මේ සාදයේදී නොක්ස් ගෙදර සෝදිසි කරන්න සෝන්ඩර්ස් සහ රේ බෙදිලා යනවා. හැබැයි මොනවත් විශේෂ දෙයක් හොයාගන්න බැරි වුන නිසා නොක්ස් ගෙදර කවුරුත් නැති වෙලාවක රේ ඇටම් සූට් එක ඇඳගෙන ගේ ඇතුලට යනවා. මෙතැනදී තමයි ආමන් කිනිස්ස හොයාගන්නෙ.
මේ අතරේ ජැක්ස් සහ බෙටී පෙම් හමුවකට යනවා. මෙතැනදී තමයි මෙයාලට අමුතු සත්තු ජාතියක් හම්බෙන්නේ. බෙටී අඳුරගන්නවා මේ සතා වෙන කවුරුත් නෙවෙයි තමන්ගේ නැති වෙච්ච පෙම්වතා කියල. ඒත් ජැක්ස්ට මෙතනින් පැනගන්න වෙන්නෙ නෑ. ජැක්ස්ව අරං යනවා සැවේජ් ලඟට. මෙතනදී ජැක්ස්වත් මේ අමුතු සත්තු ජාතියේ කෙනෙක් බවට පත් කරනවා. කොහොමහරි සැවේජ්ව මරන්න කියල හිතාගෙන සෝන්ඩර්ස් යනවා සැවේජ්ව හම්බෙන්න. ඒ ආමන් කිනිස්සත් අරගෙන. හැබැයි මේක සාර්ථක වෙන්නෙ නම් නෑ. පස්සෙ අන්තිම සටනෙදී රේ සෝන්ඩර්ස්ව බේරාගන්නවා. ඒ වගේම මාටින්ට පුළුවන් වෙනවා මේඩ්බේ එකත් පාවිච්චි කරලා ජැක්ස්ව සනීප කරගන්න. ජැක්ස් විතරක් නෙවෙයි. අමනුෂ්‍යයන් බවට පත් වෙච්ච හැමෝවම. ඒත් අන්තිම මොහොතෙදි ක්‍රෝනස් යානයට පහර දෙනවා. පහර දෙන වෙලාවෙ රේ, සාරා සහ සෝන්ඩර්ස් යානයෙන් පිට ඇවිදින්න ගිහින්. පහර දීල යානයේ පාලනය ක්රෝනස් අතට යනවා. මේ හේතුව නිසා යානය කාලය තරණය පටන්ගන්නවා. රේ, සාරා සහ සෝන්ඩර්ස් 1958 අතරමං වෙනවා. මෙතනින් එහාට මොකක් වෙයිද කියල අද කොටසින් බලමු. ජය වේවා!!!
3966 downloads