ඔන්න එහෙනම් මේ තමයි මගෙ තුන්වන උපසිරැසි ගැන්වීම Austin Powers කතා මලාව ඔන්න මෙතනින් ඉවරයි.පටන් ගත්තු වැඩේ ඉවරයක් කරලම දැම්මා නැත්නම් මහ හිසරදයක් මේ කතාව තුන් වෙනි ෆිලුම තමයි ඔන්න අද ගෙනාවේ ගනන් ගන්න එපා ටිකක් පරක්කු වුනා. ඔන්න අනිවා කියන්න ඕන දෙයක් තමයි Mike Myers නළුව ගැන කතා නොකරම බෑ. Austin Powers: International Man of Mystery (1997) Mike Myers රගපැවේ ඩොක්ටර් එවිල් සහ ඔස්ටින් කියන චරිත දෙක Austin Powers: The Spy Who Shagged Me (1999) ඔන්න ඉතින් මේ ෆිලුමේදි ත්‍රිත්ව චරිත රගපානවා Mike Myers ඔස්ටින් /ඩොක්ටර් එවිල් සහ මහත අවජාතකයා යන චරිත තුනටම පණ දුන්නා ඔන්න ඉතින් දැන් Austin Powers – Goldmember (2002) චරිත 4 පණ පොවනවා. ඔස්ටින්( Austin Powers ) /ඩොක්ටර් එවිල් ( Dr. Evil ) /මහත අවජාතකයා(Fat Bastard) සහ රත්තරං මිනිහ (Goldmember ) මේ චරිත හතරටම පණ පොවනවා.
කතාව ගැන කියනවනම් මේක පටන් ගන්නෙ ඔස්ටින් පවර්සගේ ජීවිතය පදනම් කරගෙන ෆිලුමක් හදන තැනකින් එවගේම මේ සැරේ ලෝකය විනාශ කරන්න එවිල් ඩොක සුපිරි ක්‍රමයක් හොයාගන්නවා. කොහොම හරි අන්තිමේ එවිල් ඩොකාට වඩා නපුරෙක් කියල හිතෙයි රත්තරං මිනිහ (Goldmember )අපි කවුරුත් නොසිතන දෙයකුත් වෙනවා. මම හිතනවා ඔයාල හැමෝම කතාවක් අහල ඇති ගිරව් දෙන්නෙක් ගැන කතාවක් හොද සහ නරක ඇතිවෙන්නෙ අපි ජීවත්වන පරිසරය අනුව කියන ඒක සම්පූරණ ඇත්ත ඉතින් මේකෙත් වෙලා තියෙන්නෙ ඒවගේම දෙයක්.නපුරුයි හොද එකාටයි එකම තාත්තයි ඒක කතාව බලලම දැනගන්නකෝ. මේ සැරේ ඩොක්ටර් එවිල් යොදා ගන්නෙ පිටසක්වල යානා වල භාවිතා කරනවැයි කියන ට්‍රැක්ටර් කදම්භ(Tractor Beam ) ආලෝකය මගින් යමක් ඇද ගැනිම බලයක්. රත්තරං මිනිහ ගැනත් කියන්න ඕන මූ එහෙම් පිටින්ම රත්තරං පිස්සෙක්. කාල යන්ත්‍රායනුත් ගමන් කරන්න වෙනවා. එවගේම මේකේදි ෆොක්සි කිලියෝපැට්රා කියලා අලුත්ම කෙල්ලෙක් සැට් වෙනවා ඉතින් බලමුකෝ මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්නකෝ…
මම හිතනවා මේකෙ කොටස් තුනම බැලුවනම් හොදයි කියලා මන්දයත් එකිනෙකට යන්තමින් සම්බන්ධ නිසා. ඉතින් එහෙනම් තවත් උපසිරැසියකින් හමු වෙමු.
෴෴෴෴ ඔබට ජය ෴෴෴෴
482 downloads