21 කියලා කියන්නෙ සත්‍ය කතාවක් මත පදනම්ව, Ben Mezrich විසින් ලියැවුණු Bringing Down The House නම් නවකතාව ඇසුරින්, Robert Luketic විසින් නිර්මාණය කළ ඇමෙරිකානු චිත්‍රපටයක්. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙ (IMDb) 6.8/10 ක අගයක් ලබා ගත් මෙම චිත්‍රපටයෙ ඇස්තමේන්තුගත නිෂ්පාදන වියදම ඇමෙරිකන් ඩොලර් මිලියන 35යි. එය ලැබූ මුළු ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 157.927 ඉක්මවා යනවා. 21 (2008) චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තියපු නිර්මාණයක්. ඒ වගේම මේ චිත්‍රපටය මුල් වරට තිරගත වුණු සතියෙ ඇමෙරිකාවෙත් කැනඩාවෙත් අංක එකේ ජනප්‍රියතම චිත්‍රපටය බවට පත් වුණා.
මේක මගේ දසවන උපසිරැසි නිර්මාණය. මම මේක භාරගෙන සති කිහිපයක් වෙනවා. මගේ කාර්යබහුලත්වය නිසා මේ වැඩේට ටිකක් කල් ගියා. කොහොම වුණත් පරක්කු වෙලා හරි වැඩේ මට පුළුවන් තරම් හොඳට කළා. මේ සුපිරි චිත්‍රපටයට උපසිරැසි ගැන්වීමේ අවස්ථාව මට භාරදුන්නු ශාන් විමුක්ති සහෝදරයට මම ස්තූතිවන්ත වෙනවා.මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා
Jim Sturgess – බෙන් කෑම්ප්බෙල් ලෙස
Kevin Spacey – මහාචාර්ය මිකී රෝසා ලෙස
Kate Bosworth – ජිල් ටේලර් ලෙස
Laurence Fishburne – කෝල් විලියම්ස්
Aaron Yoo – චෝයි ලෙස
Liza Lapira – කියානා ලෙස
Jacob Pitts – ෆිෂර් ලෙස
Josh Gad – මයිල්ස් කැනලි ලෙස
Sam Golzari – කැම් අසාසි ලෙස
බෙන් කෑම්ප්බෙල් කියන්නෙ තරුණ, අතිශය බුද්ධිමත්, MIT ශිෂ්‍යයෙක්. ඔහුට ඕනෙ හාවඩ් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධියක් ලබා ගැනීමටයි. ඒත් එයට අවශ්‍ය ඩොලර් 300,000ක මුදල ගෙවන්න ඔහුට සල්ලි නෑ. ඔහු එය නොමිලයේ ලබාදෙන රොබින්සන් ශිෂ්‍යත්වය ට ඉල්ලුම් කරනවා. නමුත් ඒක ලේසියෙන් හම්බවෙන පාටක් නෑ.මේ අතරෙ ඔහුගෙ අංක ගණිතමය දක්ෂතාවය දකින මහාචාර්ය රෝසා ඔහුව බ්ලැක්ජැක් නම් කාඩ් ක්‍රීඩාව කරන රහසිගත සූදු කල්ලියට බඳවා ගන්නවා.මේ සිදුවීම බෙන්ගෙ ජීවිතය කොහොම වෙනස් කරාවිද? ඉන් පස්සෙ බෙන් මුහුණ දෙන්නෙ කවදාවත් නොහිතපු අමුතුම ආකාරයෙ අත්දැකීම් වලට. ඉතුරු ටික චිත්‍රපටයෙන් බලාගන්නකො. තවත් සුපිරිම චිත්‍රපටයක්. ![:)]()

5f12df2dee2297d159cdad47f8fa729268ed1821
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1598 downloads