Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Diablo (2015) with Sinhala Subtitles|වියරු යක්ෂයා…. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Diablo (2015)

හොඳයි එහෙනම් මේ වැඩ එකක්ම තවත් උපසිරසක් අරගෙන එන්නයි සුදානම. ක්ලින්ට් ඉස්ට්වුඩ් ගේ බටහිර ගනයේ චිත්‍රපටි එකක් හෝ අපි හැමෝම බලලා තියනවා නෙව, දැන් පුතාගේ වාරේ… මේකේ ප්‍රධාන චරිතයට පණ දෙන්නේ ස්කොට් ඉස්ට්වුඩ් ඔහුව දන්නවා ඇති නේ කස්ටියම Fury (2014)The Longest Ride (2015), එන්න තියන Suicide Squad  එකේ එහෙමත් මෙයා ඉන්නවා. ක්‍රියාදාම බටහිර ගණයට අයත් වෙන මෙම සලරුව මේ වෙනකොට IMDB 5.7ක අගයක් ලබාගෙන තියනවා. ස්කොට්ට අමතරව වෝල්ටන් ගොගින්ස් මෙහි අනික් ප්‍රධාන චරිතය නිරුපනය කරනවා, වෝල්ටන් නම් මේ බටහිර ගනයේ චිත්‍රපටි වෙනුවෙන්ම විශේෂීකරණය වෙලා වගේ මතක ඇති නේ ඊයේ පෙරේදා The Hateful Eight  එකේ ශේරිෆ්ට හිටියා. 

තවත් පිරිසක් නම් ඉන්නවා මම ඒ හැමෝගෙම නම් කියන්න යන්නේ නැහැ ඉතින්, අධ්‍යක්ෂණය Lawrence Roeck පිටපතත් ඔහු හා  Carlos De Los Rios එකතු වෙලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ ටිකේ සබ් කරන්නේ නැහැ කියලා හිතා උන්නේ නමුත් මේක බලලා ඉවර වුන හැටියම කරන්නම ඕනේ කියලා හිතුනා, හරි හමන් ඉංග්‍රීසි සබ් එකක් තිබ්බෙත් නැති එකේ අහලම ලියලා දැම්මා… අපේ අලුත් ඇඩ්මින් තුමා ආසිරි ලොක්කට ස්තුතියිවන්ත වෙන්න ඕනේ පොස්ට් එක කිව්වා පරක්කුවෙන් හදලා දුන්නට. මාමාටත් ස්තුතියි ඉතින්… 😀

කතාව කියන්නම්කො වැඩි වැල් වටාරම් නැතුව. කතාව පටන් ගන්නේ පිරිසක් ගෙයක් ගිනි තැබීමෙන්. මේ ගෙදර අයිතිකරු වෙන්නේ ජැක්සන්… ගොපලු කොල්ලෙක් වගේ තමයි පෙනුම නම් හරි විස්තරයක් නැහැ, ගෙදරට ගිනි තියන පිරිස ඔහුගේ බිරිදවත් පැහැරගෙන යනවා කියලා තමයි අපිට දැකගන්න තියෙන්නේ. ඉතින් ජැක්සන් යනවා තමුන්ගේ බිරිදව බේරා ගන්න….

නමුත් කියන්න ඕනේ කතාවට ටිකක් වෙලා දෙන්න මේක අපි හිතන කතාව නෙමෙයි මැදක් යනකොට මුළු කතාවම කණපිට හැරෙනවා, වීරයන් දුෂ්ටයන් වෙනවා, චරිත මාරු වෙනවා හොයාගන්න බැරි වෙන්න… විනාඩි 90 ගෙවලම තමා මොකද්ද මේ වුනේ කියලා හොයාගණන් වෙන්නේ… ඉතින් ජැක්සන්ගේ චාරිකාව නරඹන්න, ඔහුගේ ඉලක්කය සපුරා ගන්න හැකි වේද බලන්න? උඩු යටිකුරු වෙන කතාව බලාගන්න දැන් ඔබට භාරයි. එහෙනම් තවත් උපසිරසක් එකක් හමුවෙන තුරු මම සමු ගන්නවා… ජය වේවා ! 

Diablo (2015) on IMDb

 

 

700 MB (720p WEB-Dl) කොපිය මෙතනින් බාගන්න

CAF031B43F7E677EB375D698CD1989FD9609E85C

1 GB (WEB-Dl) කොපිය මෙතනින් බාගන්න

530B8761C78AD37DD417FD232DD4289A25D18C69

1.6 GB (1080p WEB-Dl) කොපිය මෙතනින් බාගන්න

E3CEF9A3FE10713A273697FA3F65D5F3C5403DB7

2.8 GB (1080p WEB-Dl) කොපිය මෙතනින් බාගන්න

B39D85C5F7AB5AB15BE5E9178E3E54130186AA84
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>