කොහොමද කට්ටියටම! ඔන්න ඉතින් ටික කාලෙකට පස්සෙ තව උපසිරසියක් අරගෙන ආවා. මුළින්ම සමාව ඉල්ලන්න ඕනේ මම මුළින් බාරගත්තු Little Man ෆිල්ම් එක දෙන්න බැරිවීම ගැන. බාරගත්තට තියන වැඩත් එක්ක ඒකෙ භාගයයි කරන්න හම්බුණේ. මේක නම් කොහොමහරි කරලා සතියක් විතර යද්දි ඉවර කරගන්න පුළුවන් වුණා. මේක මගෙ හත්වෙනි උපසිරැසිය.
මේකත් අනිත් ඒවා වගේම කොමඩියක් ම තමයි. මේක comedy, sci-fi ගණයට අයත් වෙන්නේ. imdb වල 6ක් අරගෙන තියනවා. Simon Pegg, Kate Beckinsale, Rob Riggle යන අය තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ. අධ්‍යක්ෂණය Terry Jones විසින්. ඒ වගේම මේ චිත්‍රපටය 2015 අවුරුද්දේ සාර්ථකම විද්‍යා ප්‍රබන්ධ සිනමාපට 20 අතරට ඇතුලත්.
මේකෙ කථාව Jim carrey රඟපාන Bruce Almighty චිත්‍රපටයට ගොඩක් සමානයි. ඒකෙ වගේම මේකෙත් තමන් කැමති ඕන දෙයක් කරන්න පුළුවන් බලයක් ලැබෙන එකක් තමයි මේකෙත් තියන්නෙ. හැබැයි මේකෙ බලය දෙන්නෙ දෙවියො නෙමේ පිටසක්වළ ජීවින්. හොඳට හිනාවෙන්න පුළුවන් පට්ටම කොමඩි ටිකක් තියනවා. අනිවාර්යයයෙන් අරගෙන බලන්න. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.
ජය!!!
Due to copyright issues, we do not longer provide torrent links.
Absolutely.Anything.2015.BRRip.XviD.AC3-EVO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
235 downloads