ඔන්න මම තවත් ෆිල්ම් එකතුවක් අරගෙන ආව ඔයාල වෙනුවෙන්, අලුත් එවනම් නෙමේ. ඒත් අවසාන ෆිල්ම් එක තිරගත වෙන්නෙ 2010 වසරෙ. 1984 තමා පලවෙනි එක නිදහස් වෙන්නෙ. friday the 13, Holloween කියන ෆිල්ම් වගේම අඩු වියදම් හොල්මන් ෆිල්ම් විදියට තමා මේවත් නිපදවෙන්නෙ. නමුත් පලමු සතිය ඇතුලතම බොක්ස් ඔෆිස් වාර්තා තියන්න සමත් වෙනව. මෙහි අධ්‍යක්ෂණය වගේම තිර රචනයත් වෙස් ක්‍රේවන්ගෙ.
ෆිල්ම් නවයක එකතුවක පලවෙනි එක තමා මේක. අපි බලමු කතාව කොහොමද කියල. ටීනා, නැන්සි, රොඩ්, ග්ලෙන් කියන්නෙ එකම පන්තියෙ ඉගෙන ගන්න යාලුවො. චිත්‍රපටය ආරම්භ වෙන්නෙ නමේ හැටියටම විකාර හීනයක් සමගින්. ටීනා යාලුවොත් එක්ක මේ ගැන කතා කරන්න හැදුවත් හීනයක් කියන්නෙ සාමාන්‍ය දෙයක් නිසා හැමෝම මේක සැහැල්ලුවට ගන්නව. ඒක නිසාම අවසානයට ටීනාට වෙන්නෙ මරණය වැලඳ ගන්න.
ඊට පස්සෙයි කට්ටිය දැනගන්නෙ මේ හැමෝම දකින්නෙ එකම හීනෙයි කියල. ඒ වගේම හීනෙන් වෙන දේවල් ඒ විදියටම සත්‍ය ලෝකයේදිත් වෙනව කියන එක. ටීනා විතරක් නෙමේ ඇගේ පෙම්වතා, ග්ලෙන් යන දෙන්නත් මරණයට පත් වෙනව මේ හීනය නිසා.
කවුද මේ හීනෙන් එන්නෙ එතකොට, ඒ මේ එල්ම් වීදියෙම ගිනි තබා මරා දැමුනු එක්තරා මිනිහෙක්, නම ෆ්රෙඩී කෲගර්. හතර දෙනෙකුටම එකම හීනය පේන්න ෆ්රෙඩීට එල්ම් වීදියත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? නැන්සි තම ජීවිතය බේරගන්නෙ කොහොමද? නැන්සිගෙ අම්ම සඟවාගෙන ඉන්න රහස මොකක්ද? දැනගන්න ඕනනම් ෆිල්ම් එක බලන්න.
මේ ෆිල්ම් එකතුවත් Extraa Torrent සයිට් එකෙන් ගන්න. මෙන්න මේ A Nightmare on Elm Street 9 Movies 1984-2010 BR 720p x264 aac jbr ටොරන්ට් නම සෙව්මක් කරල. ධාරිතාවය ටිකක් වැඩියි, ඒත් මේකට හරියන srt ෆයිල් එක තමා මේත් එක්ක තියෙන්නෙ. දෙවනි එකෙන් ඉක්මනට හමු වෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
A Nightmare on Elm Street 9 Movies 1984-2010 BR 720p x264 aac jbr
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
9 downloads