Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Dog Eat Dog (2016) With Sinhala Subtitles |වැරදුනු කුරුමානම [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Dog Eat Dog (2016)

ආයුබෝවන් හැමෝටම! ආයෙත් බයිස්කෝප් එක පැත්තට ආවා සබ් එකකුත් අරගෙනම. මේක මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය. මුලින්ම කරපු The Remains ෆිල්ම් එකට හොඳ ප්‍රතිචාර තිබුණා ගොඩක් අයගෙන්. හැමෝටම ස්තුතියි ඒකට. අදත් ගෙනාව හොඳ මට්ටමේ Hollywood ෆිලුමක්. මේක මට බාර දුන්නෙ අපේ ශාන් විමුක්ති සහෝදරයා. ඔහුවත් ආදරෙන් මතක් කරනවා. ටිකක් කල් ගියා මේකට. කැම්පස් එකේ වැඩත් එක්ක බැලන්ස් එකේ කරේ. ඒ ගැන කණගාටුයි. ඒවා වැඩක් නැහැ. කතාව පැත්තට හැරෙමු.

dog eat dog කියන්නේ, අපරාධ, ක්‍රියාදාම ගණයට වැටෙන ෆිල්ම් එකක්. මේකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ අපි හැමෝම දන්න Nicholas Cage. දන්නවනේ මිනිහව. Ghost Rider, Left Behind වගේ ෆිල්ම් වලින් ජනප්‍රිය වුනේ. මේක ටිකක් වෙනස් ෆිල්ම් එකක් Nicholas රගපාන. එයාගේ නම තමා මේකේ, ට්‍රෝයි. හොඳ අපරාධකාරයෙක්. මිනිහට තව යාළුවො දෙන්නෙකුත් ඉන්නවා. එක්කෙනෙක් Mad Dog කියල කුඩු ගහන පිස්සෙක්. අනිත් කෙනා ඩීසල් කියල කුකුල් කේන්තිකාරයෙක්. මේ තුන් දෙනා හිරෙන් නිදහස් වෙලා ඇවිත් ගේමක් දෙනවා. එත් හැමදාම පොඩි ගේම් දීල හරියන්නේ නැහැ කියල, ට්‍රෝයි ලොකු ගේම් එකක් බාරගන්නවා. මේක කරන්න ගිහින් Mad Dog කාරය කරන වැඩක් හින්ද සේරම අවුල් යනවා. එතනින් එහාට කතාව බලලම තේරුම් ගමු නේද.

Imdb එක 4.8 වගේ තියෙනවා. මම සබ් එක හැදුවට කතාව ටිකක් කම්මැලියි. ඒත් කැමති අයත් ඇතිනේ. එහෙනම් බලල විනෝද වෙන්න. තවත් උපසිරසියකින් හමුවෙමු. හැමෝටම ජය!

Dog Eat Dog (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Dog.Eat.Dog.2016.720p.BluRay.x264-[YTS.AG]

Dog.Eat.Dog.2016.BluRay.720p.700MB.Ganool

Dog.eat.dog.2016.480p.bluray.x264.rmteam

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල කල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>