Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

xXx: State of the Union (2005) with Sinhala Subtitles |නව මෙහෙයුමක්! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

xXx State of The Union (2005)

ඉසුරු දිල්ශාන් සොහොයුරා විසින් එවන ලද ලිපිය…

කොහොමද කට්ටියට? ඔන්න එහෙනම් xXx දෙවෙනි චිත්‍රපටිය අරගෙන ආවා! මේක දෙන්න ටිකක් කල් ගියාට සමාව භාජනයකට දාන්න ඈ! කමෙන්ට් වලිනුත් කට්ටිය ඉල්ලලා තිබුනා මේක. ඔන්න එහෙනම් කිව්වා වගේ අද අරගෙන ආවා! එහෙනම් යමු ෆිලුම පැත්තට.

2005 වසරේ අප්‍රේල් මස තමා මේක නිකුත්වුනේ. imdb 4.3ක අගයක් තමා අරගෙන තියෙන්නේ. කලින් චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට දායක වුන Vin Diesel නම් මේකේ නෑ. මේකේ ප්‍රධාන චරිතය වන අළුත් xXx නියෝජිතට රංගනයෙන් එක් වන්නේ ජනප්‍රිය නළු Ice Cube. ඒ වගේම සුපුරුදු පරිදි Samuel L. Jackson නියෝජිත ඔගස්ටස් ගිබන්ස් විදියට රංගනයෙන් දායකවෙනවා. කතාව මෙහෙමයි.

මේකේ පලවෙනි චිත්‍රපටිය බලපු අයට කතාව මොනවගේද කියලා පැහැදිලි ඇතිනේ. ඉතින් මේ කතාව ආරම්භයේදීම ජාතික ආරක්ෂක ආයතනයට (NSA)ප්‍රහාරයක් එල්ලවෙනවා. ඒවගේම මේ ප්‍රහාරයෙන් නියෝජිතයින් 16ක් පමන මියයනවා. ඉතින් මේක ගැන විසදන්න තමා ගිබන්ස් අළුත් xXx කෙනෙක්ව මෙහෙයුමට යොදවන්නේ. හැබැයි මේ මෙහෙයුම ලේසි පහසු එකක් වෙන්නේ නෑ ඒවගේම මේ දේවල් ඔක්කොම කුමන්ත්‍රණයක් කියලා කට්ටියට දැනගන්න ලැබෙනවා. ඉතින් xXx කොහොමද මේ මෙහෙයුම කරන්නේ කියලා කතාව බලලාම දැනගන්නකෝ. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ චිත්‍රපට මාලාවේ තුන්වෙනි චිත්‍රපටයත් මේ මාසයේදී නිකුත්වීමට නියමිතයි. ඉතින් ඒකටත් ආව ගමන් උපසිරැසි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!!

දර්ශන ඒකනායක සොහොයුරා විසින් පළ කර තිබූ ලිපිය…

හලෝ, කොහොමද ඉතින්. මගේ පලවෙනි post එක ඔයාලා බලන්න ඇතිනේ. මතකද Jumanji film එක. මේ මගේ දෙවෙනි post එක. අද මම හිතුවා ඔයාලට දෙන්න IMDB එකට වැරදුන තැනක් ගැන. මොකද මේ බයිස්කෝප් එක imdb rating 4.1/10 පමණ අඩු අගයක් තමයි ලබාගෙන තියෙන්නේ. ඔයාලා මේ බයිස්කෝප් එක බලලා මට කියන්නකෝ මේකේ නියම rating අගය කොච්චරක් විතර තියෙන්න ඕනේද කියලා. මෙහි පළමු කොටස 2002 දි තිරගත වුනා. ( එහි ප්‍රධාන චරිතය Vin Diesel විසින් රග දැක්වුවා). මෙම බයිස්කෝප් එක Lee Tamahori ගේ අධ්‍යක්ෂණයක් වන අතර, මේකේ Ice Cube, Willem Dafoe, Scott Speedman, Samuel . L. Jackson.. වැනි අතිදක්ෂ නළු නිළියන් ගොඩක් රඟපානවා. පටන් ගත්තවෙලේ ඉදලම සටන් ජවනිකා වලින් පිරුනු මේ බයිස්කෝප් ඒක මෙච්චර අඩු imdb rating අගයක් අරන් තියන එක පුදුමක්. මේක මුලින්ම තිරගත කරන ලද්දේ 2005 හේ අප්‍රේල් 29 වන දිනය. මෙම බයිස්කෝප් එකේ කතා කාලය මිනිත්තු 101ක්. මෙම බයිස්කෝප් එක Action, Crime, Adventure ගණයට අයත්වේ. මේ movie එකේ Budget එක සදහන් වෙන්නේ $87 million ලෙසයි.

මම කතාව පොඩි කොටසක් කියන්නම්. ඒත් මට ලෝබයි වගේ. මොකද මේක ඔයාලම බලලා රසවිඳින්න ඕන කතාවක්…

Darius Stone ව (ඒ කියන්නේ Ice Cube) බඳවාගන්නවා xXx හි අලුත් නියෝජිතයා විදිහට. ඊට පස්සේ අලුත් නියෝජිතයත් සමග Gibbons ( ඒ කියන්නේ Samuel . L. Jackson ) යනවා Washington, D.C. වෙත…

ඇයි ඒ යන්නේ, මොකටද යන්නේ, කියලා ඔයාලම බලා ගන්නකෝ. අනික මේක පටන් ගද්දිම තියෙන්නේ මරු fight එකක්. තව මරු මරු game ගොඩාක් තියනවා. ඉතින් මම තාම අලුත්නේ. මම බලාපොරෝත්තු වෙනවා ඔයාලා මේකට Comments ගොඩාක් දෙයි කියලා.

xXx (2002) | නිදහස වෙනුවෙන්!

xXx: State of the Union (2005) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

xXx.State.of.The.Union.2005.720p.BRrip.x264.GAZ.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>