Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Emerald City [S01 : E03] with Sinhala Subtitles |පාලිකාව-නව-පාලිකාව [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Emerald City S1 p1

ඔන්න එහෙනම් සාර්ථක කතාමාලාවක ආරම්භයකට පස්සේ දෙවැනි වතාවට ඔයාලව හමුවෙන්න ආවා. ඒ හැබැයි දෙවෙනි කොටසින් නෙවෙයි. ගොඩක් දෙනෙක්ට ප්‍රශ්ණයක් වෙලා තිබ්බා, පසුගිය සතියේ නිකුත් වුනේ පළමු එපිය සහ දෙවෙනි එපිය සම්බන්ධවද කියලා. ඔව් ඒක එකට සම්බන්ධ කරලයි නිකුත් උනේ. ඒක පැහැදිලිව ලිපියේ සඳහන් කරලා තිබුනා. ඒනිසා අද, දෙවෙනි දවසේ ඔයාලට මේ ගේන්නේ තුන්වෙනි කොටස. (නව පාලිකාව) යන කොටස.

පසුගිය සතියේ ඔයාලා දකින්න ඇති ඩොරති, මායා නිජබිමට ඇතුලු උනේ කියලා. ඒවගේම ඇය ආව ටොනේඩෝව නිසා අත්වැරැදීමකින් මායාකාරියක් අනතුරට පත්වෙනවා. ඒගැන අවබෝධයක් නැති නිසා ඇයව ගෝත්‍රික ගම්මානයකට එහි පිරිසක් විසින් රැගෙන යනවා. එහිදී ඇයව මායාකාරියක් ඝාතනය කිරීමට තැත්කල බවට චෝදනාවට ලක්වෙනවා. ඒ අනුව ඇයට මරකත නගරයේ මායාකරුට ඉදිරිපත් වෙන ලෙස පවසා ඇයව පිටමං කරනවා. නගරයට යන අතරතුර ඇයට ලූකස් කියලා මායාකරුගේ ආරක්ශකයෙක් මුණගැහෙනවා. ඔහුට දරුණු වධහිංසා පමුණුවා ඇති නිසා, ඩොරතිට මුණගැහෙන්නේ ඔහුව කුරුසයක එල්ලා ඇතිවිටයි. ලූකස්ට ප්‍රතිකාර කර නැවත ඔහු සමග මරකත නගරයට ගමන් කරනවා. ඒ අතර අනතුරට පත්වෙලා ගෝත්‍රික ගමක ප්‍රතිකාර ගමින් ඉන්න නැගෙනහිර පාලිකාව (මායාකාරීය) ඇයව අනතුරට පත්කරේ කවුද කියලා හොයලා බලන්න හොරරහසේම ගෝත්‍රික ගමෙන් පිටත්වෙනවා. මොකද මායාකාරියන් අතර මතයක් තියනවා මායාකාරියක් මරන්න පුලුවන් වෙන්නේ තවත් මායාකාරියෙකුට විතරයි කියන එක. ඒ නිසා ඩොරති මායාකාරියෙක් කියලා හිතාගෙන මේ පාලිකාව ඇයව හොයාගෙන යනවා. ඔයාලා දැක්කනේ කොහොමද ඩොරති උපායක් යොදාගෙන ඇයව විනාශ කරලා දාන්නේ කියලා. ඒ සිද්ධියෙන් පස්සේ මුලු නගරයම කලබලයෙන් ඉන්නේ කියලා දකින්න ඇති. උතුරට සහ බටහිරට අයත් මායා කාදිනල්වරියන් ඇවිත් ගීතිකාවක් කලා මතක ඇතිනේ.

  • Emerald city 01×03 (නව පාලිකාව)
  • විකාශණය වූ දිනය – ජනවාරි 13
  • ධාවන කාලය – මිනිත්තු 40
  • IMDB අගය     – 7.4

එහෙනම් මම සමුගන්නවා. කතාවට හොඳ ප්‍රේක්ශක ප්‍රතිචාර තියෙනවා වගේ. මොනහරි අඩුපාඩුවක් නැත්තම් වෙනසක් කරන්න ඕනි නම් කෙමෙන්ට් එකක් දැම්මට කමක් නැහැ.

* ජය ශ්‍රී *

Emerald City (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

emerald.city.s01e03.480p.hdtv.x264.rmteam

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                            All Episodes                        Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>