ඉතින් කොහොමද යාළුවනේ ඔන්න අද මම ඔයාලට ගෙනාව සුපිරි කොමඩි චිත්‍රපටියක්.පටන්ගත්ත වෙලාවෙ ඉඳන් අවසාන වෙනකන්ම බඩ පැලෙන්න හිනාවෙන්න පුළුවන් චිත්‍රපටියක් තමයි Little man කියන්නේ. මේ චිත්‍රපටිය එලිදක්වල තියෙන්නේ 2006 වර්ෂයේ.සමහරවිට ගොඩක් අය මේක බලලත් ඇති, චිත්‍රපටිය නම් ටිකක් පරන වුනාට මේකෙ තියන ගුනාත්මක තත්වය නිසා කොච්චර බැළුවත් එපා වෙන්නෙ නම් නැති වෙයි.
Keenen Lvory Wayans අධ්‍යක්ෂණය කරල තියන මේ චිත්‍රපටියට සම්මාන 5 ක් සහ නොමිනේෂන් 15 ක් ලැබිල තියනව. ඒ වගේම Box Office වාර්තා වලට අනුව මේ චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය කිරීමෙන් උපයල තියන මුළු ආදායම $91,7555,287 ක් වෙනව. මේකට හිමි වෙලා තියන IMDb රේට් එක නම් 4.3 විදිහට තමයි වාර්තා වෙලා තියෙන්නේ.
චිත්‍රපටයෙ එන කතාව ගැන කිවුවොත් මෙහි ප්‍රධාන චරිතය Calvin හට පණ පොවන්නේ Marlon Wayans. ඇත්තටම කැල්වින් කියන්නේ අවුරුදු ගානක් වයසට ගියත් තවමත් පොඩි ළමයෙකුගේ පෙනුම තියන කෙනෙක්.ඒ වගේම මෙයාට හොඳ සගයෙක් ඉන්නව Percy කියල, මෙයාල උපතින්ම සුපිරි මංකොල කාරයෝ දෙන්නෙක්, ඉතින් මෙයාලට වැඩක් පැවරෙනව ටිකක් දරුණු මිනිහෙකුගෙන්, ඒ දියමන්තියක් හොරකම් කරන්න,උපතින්ම මංකොල්ලකාරයෝ වුන කැල්වින්ටයි පර්සියිටයි පුළුවන් වෙනව මේ දියමන්තිය හොරකම් කරන්න, කොහොමහරි මේ මංකොල්ලය අතරතුරදී මේ කතාවට සම්බන්ද වෙනව දරුවෙක් අපේක්ෂාවෙන් ඉන්න ඩැරල් සහ වැනේස, මේ යුවලට නොදැනුවත්වම ඒ හොරකම් කරපු දියමන්තිය එයාල අතට පත් වෙනව,මේ දියමන්තිය ආපහු එයාලගෙන් ගන්න පර්සිට හොඳ අදහසක් පහල වෙනව, ඒ තමයි කැල්වින්ව කාත් කවුරුත් නැති බබෙක් විදිහට අන්දල ඩැරල්ටයි වැනේසටයි බාරදෙන එක, එයාල මෙයාව දවස් කීපයකට දරුකමට හදාගන්න තීරනය කරනව, ඔතන ඉඳන් තමයි කතාව පටන් ගන්නේ, පුන්චි කැල්වින් ඒ ගෙදර ඉඳන් හරි හරි වැඩ කරනව, ඒ වැඩ මෙහෙම කියල බෑ චිත්‍රපටිය බලන්නම ඕනෙ, තප්පරෙන් තප්පරේට රසවත් වෙන මේ වගේ චිත්‍රපටියක් නම් ඇත්තටම බලන්න වටින දෙයක්.
තවත් විශේෂ දෙයක් කියන්න ඕනේ මේක තමයි මගේ පළවෙනි උපසිරසි නිර්මාණය ඒ නිසා පුන්චි පුන්චි වැරදීම් අතපසුවීම් තිබුනොත් සමාවෙන්න ඕනේ! ඒ වගේම මෙම උපසිරස් සකස් කිරීමට උදවුකල සියළු දෙනාට ද Little Man (2006) චිත්‍රපටයට උපසිරස් එක් කිරීම සම්බන්දයෙන් මා දැනුවත් කල Baiscopelk.com අඩවියෙහි ඇඩ්මින් වරයෙකු වන සමන් ප්‍රසාද් සොයුරාටද බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනව. ඉතින් තවත් මේ වගේම උපසිරසක් එක්ක ආයෙත් දවසක හමුවෙමු !
ඔබට ජය !!
Due to copyright issues, we do not provide any torrent links.
Littleman.2006.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
256 downloads