කොහොමද යාළුවනේ. ඔන්න මම ආවා 18 වෙනි කොටසත් අරගෙන. 17වෙනි කොටසේ අන්තිමට වුණ ටික ආයෙමත් මතක් කරමු. ඔයාලට මතකයිනේ ජුන් ජේගේ තාත්තා ඒ කොටස අවසානයේදී මැරෙනවා කියලා. ඒ වගේම ජුන් ජේත් ඒ වෙලාවේ එතනට එනවා. ජුන් ජේට තාත්තගේ අවසාන කෝල් එක ගන්න බැරි වුණ එක ගැන එයා දුක් වෙනවා. ඒ කොටසැ ටිකක් දුකයි නේද යාළුවනේ. ඔන්න ඉතින් මේ 18 වෙනි කොටස පටන් ගන්නෙත් එතනින්. ඇත්තටම ජුන් ජේ ගේ තාත්තා මැරෙනකොට එයාගේ අයියා හියෝ-චි-හියොන් ළඟ ඉන්නවා. එයා තාත්තා ජුන් ජේට කියන දේවල් අහගෙන ඉන්නවා. ඒත් ඒවා කියලා ඉවර වෙනකොටම ජුන් ජේගේ තාත්තා මැරෙනවා.
ඊට පස්සේ ජුන් ජේගේ අයියා කරන්නේ අම්මා එළියට යන්න කළින් තාත්තට දීපු බෙහෙත් කෝප්පය හෝදලා මොකුත් දන්නේ නෑ වගේ ඉන්නවා. ඉතින් ජුන් ජේගේ කුඩම්මා තාත්තාගේ මියයාම හින්දා අඬනවා. ඒත් ජුන් ජේ වගේම පොලීසියේ කට්ටියත් දැනගෙන හිටියට එයාලාට සාක්ෂි මොනවත් නැහැ. කොහොම හරි මෙයාලා සාක්ෂිත් හොයාගන්නවා. ඒ වගේම මේ කොටසේදී කුඩම්මාව පොලීසියට කොටු වෙනවා. ඉතින් මේ කොටස ඇත්තටම ගොඩක් කුතුහලය පිරුණු කොටසක්. ඒ වගේම ටේ-ඔහ් දැන් ටිකක් චා-ශි-ආහ්ට කැමතියි වගේ. ඉතින් ඔයාලාම මේ කොටස බලලා රසවිඳින්න. ඊළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
The.Legend.of.the.Blue.Sea.E18.170118.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
409 downloads