Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Surf’s Up 2: WaveMania (2017) With sinhala subtitles |පිස්සු හැදෙන අභියෝගේ. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Surf's Up 2-WaveMania (2017)

කට්ටියට මතකද 2007දී ආව surfs up සිනමාපටය? මේ අරන් ආවේ ඒකෙ දෙවැන්න. හරියටම වසර දහයකට පස්සේ තමා Sony සමාගම WWE STUDIOS එක්ක එකතුවෙලා තමා මේක අපිට අරන් ආවේ. 2017 ජනවාරි තමා මේක රිලීස් වුනේ. IMDB අගය මේ වෙද්දී 4.7 ක් ලබාගෙන තියෙනවා. පළවැනි සිනමාපටය එක්ක බලද්දීනම් පසුබෑමක් තමා පෙන්නුම් කරන්නේ.

මේ සිනමාපටයේ චරිතවලට හඩ කැවීමෙන් දායක වෙන්නේ JOHN CENA, Triple H, UNDERTAKER ,MR McMahon ,Paige යන උදවිය තමා. කතාව මෙහෙමයි මුල් සිනමාපටයේ කෝඩි මෙව්රික් ටෑන්ක්ගෙන් චිකන් ජෝව බේරගන්න ගිහින් තරගාවලියම පරාද වෙලා දැන් අවුරුදු ගානක් ගතවෙලා. කෝඩි දැන් පෙන්ගුවල රළ ක්‍රීඩා පාසලක් පවත්වාගෙන යනවා. ටෑන්ක් හාදයත් ඉතින් කෝඩි එක්ක ගේමටම වගේ රළ පැදීම ගැන උගන්නනවා. ඔන්න ඔහොම කාලේ ගතවෙන අතරේ තමා නොසිතු දෙයක් සිද්දවෙන්නේ.

රළ පැදීමේ ශුරයෝ වෙන හෑන්ග් 5 කියලා කණ්ඩායමක් පෙන්ගුවලට එනවා. කෝඩිගේ පොඩි කාලේ ඉදලා හීනයක් වෙලා තිබ්බේ එයාලට එකතුවෙන්න. ඉතින් එයාලා එහෙට ආවම කෝඩි සත්කාර එහෙමත් කරනවා. හැබැයි මැක්මෑන් සහ පේජ් තමන්ගේ කණ්ඩායමට එක්කහු වෙන්න කියලා කෝඩිගේ මිතුරිය ලානිට අයදුම් කරනවා. ඉතින් කෝඩිත් තමන්ගේ වැඩ කෑල්ලක් දෙකක් පෙන්නලා ජේ සීගේ හිත දිනාගෙන කණ්ඩායමත් එක්ක යන්න අවස්ථාව ලබා ගන්නවා. අන්ඩර්ටේකර් චිකන් ජෝවත් ගමනට එක්කහු කරගන්නවා. හැමෝම කට්ටිය එකතු කරගත්ත නිසා හන්ටර්ට ඕන වෙනවා කෙනෙක්ව ගෙනියන්න. ඒ තමා ටෑන්ක්. ඉතින් මැක්මෑන් මේ හැමෝවම එයාලගේ ඊලග අභියෝගයට රැගෙන යන්න කැමැත්ත පල කරනවා.

ඉතින් මේ හැමෝම අතරින් එක්කෙනෙක්ව ඒ කියන්නේ වැඩිම දක්ෂයව තමා එයාලා කණ්ඩායමට තෝරාගැනීමට හිතන් ඉන්නේ. ඉතින් මේ තැන ගන්න කෝඩි සහ ටෑන්ක් අතරේ ලොකු හටනක් තමා තියෙන්නේ. කස්ටිය බලලම දැනගන්න මේ අභියෝගේ මොකක්ද? ඒකට මොනවා කරන්න වෙයිද? යන අතරේ මොනවා වෙයිද යන දේවල් එහෙනම්.

එහෙනම් යළිත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබ සැමට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා.

Bridge of Spies (2015)

Operation Chromite (2016) on IMDb

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Surfs.Up.2.WaveMania.2017.720p.WEB-DL.XviD.AC3-FGT-[rarbg.to]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>