ආයුබෝවන්!
”the long way home” කතාවට හැමෝම කැමති වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අද අරන් ආවෙත් 2015 දෙසැම්බර් 17 තිරගත වුණ drama/thriller ගණයට අයත් වෙන imdb 7.3 ක අගයක් ගත්තු සුපිරිම කොරියානුචිත්‍රපටියක්. පැය දෙකයි විනාඩි 19 ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය පවුලෙ හැමෝටම බලන්න පුළුවන්. චිත්‍රපටියෙනම දැක්කම චිත්‍රපටිය කා ගැනද තියෙන්නෙ කියල තේරෙණවනෙ නේද? ඒ නිසා වැඩි දෙයක් නැතුව කතාවකියන්නම් ටිකක්.
1925 කොරියාවෙ ජපන් පාලන සමයේ. ජිරිසන් කියන කන්ද ලඟ මඩුවක චුන් මන්-දුක්(Choi Min‑sik) කියනදක්ෂ දඩයක්කාරයෙක් එයාගෙ වයස 16ක තරුණ පුතත් එක්ක ජීවත් වෙනවා. ඒත් මේ දඩයක්කාරයා එයාගෙ බිරිඳ මැරුණට පස්සේ තුවක්කුවට විශ්‍රාම දීලයි තියෙන්නෙ. ඒ කියන්නෙ තවත් දඩයම් කරන්නෙ නෑ. (බිරිඳ මැරෙන්නෙත්විශේෂ විදියකට). දඩයම් නොකරන මෙයා කරන්නෙ කන්දෙන් බෙහෙත් පැළ හොයලා විකුණන එක.
මේ පළාත පාලනය කරන ජපන් ආණ්ඩුකාරයගෙ විනෝදාංශෙ තමයි කොටි හම් එකතු කරන එක.ඒ වගේම තමයි කොරියාවෙ ඉන්න කොටි සේරම මැරුවත් මේ ජිරි කන්දෙ ඉන්න තනි ඇහැක් තියෙන විශාල කොටියව මරන්නවිදියක් නෑ. මේ කොටිය තමයි කොරියාවෙ ඉතුරු වෙලා ඉන්න අන්තිම කොටියා. මේ කොටියව මරන්න උත්සහකරපු දඩයක්කාරයො සේරම මැරුම් කාල තමයි නැවතිලා තියෙන්නෙ. මිනිස්සු මේ කොටියට කියන්නෙ කන්දෙ අධිපති කියලා. මූව මැරුවොත් වෘකයොයි වළස්සුයි එයි කියල බයේ තමයි මිනිස්සු ඉන්නෙ.
ගු-ක්යුන්ග්(Jung Man‑sik) කියන්නෙ දඩයම්කරුවන් කණ්ඩායමක නිර්භීත නමුත් අනුකම්පාවක් නැති දඩයක්කාරනායකයෙක්. මෙයා උත්සහ කරල කරලා කන්දෙ අධිපතිගෙ ඒ කියන්නෙ මහ කොටියගෙ සහාකාරියි පැටව්දෙන්නවයි මරණවා. ඒ කරලා පැට්ව්න්ව ඇමට දාලා මහ කොටියව අල්ලන්න තමයි හදන්නෙ. ඒ වගේම තමයි මේ ගූ-ක්යුන්ග් සහ කන්දෙ අධිපතියි එක්කත් අතීත සිදුවීමක් තියෙනවා. දඩයමේ යද්දි මෙයාගෙ සහෝදරයව මරලතියෙන්නෙ මේ කොටියා. පැටව්න්ව ඇමට දැම්මත් මේ කොටියා උගුල් වලටවත් අහු වෙන්නෙ නැති තරමටදක්ෂයි. කොටියව අල්ලන්න බැරිම තැන මෙයාලා ගිහින් මන්-දුක්ගෙන් අහනවා දඩයමට එකතු වෙන්න කියලා. ඒත්මෙයා හැමදාම වගේ ඒක ප්‍රතික්ෂේප කරනවා.
එතකොට මන්-දුක්ගෙ පුතා ”සොක්” නගරෙ ඉන්න ගෑණු ළමයෙක්ට කැමැත්තෙන් ඉන්නෙ. ඒත් කෙල්ලගෙ අම්මලා කෙල්ලව වෙන කෙනෙක්ට බන්දලා දෙන්නයි යන්නෙ. ඒ නිසා ඊට කලින් සල්ලි හොයාගෙන නගරෙන් ගෙයක්ගන්න හිතාගෙන මේ කොල්ලා තාත්තත් එක්ක තරහින් ගිහින් දඩයක්කාරයින් එක්ක එකතු වෙනවා. ඒත් කොහොමහරි මේ දඩයම අතරතුරදී සොක්ට කොටියගෙන් පාර වැදිලා හොඳටම තුවාල වෙනවා. ඒ වගේම තමයි කොටියත්තුවාල වෙනවා. ඒත් මේ කොටියා ලේසියෙන් මැරෙන්නෙ නම් නෑ. බැරිම තැන දඩයක්කාරයෝ ජපන් හමුදාවත් එක්කරගෙන කැලෑවට යනවා කොටි දඩයමේ. කොටියා මේ සේරම මරණවා. ඒත් කල් යද්දී උටත් හොඳටම අමාරු වෙනවා.
මං වැඩි දෙයක් නොකියා ඉන්නම් කතාවෙ අගේ නැති වෙන නිසා. අන්තිමේට මේ දඩයක්කාරයින්ට කොටියව අල්ලගන්න පුළුවන් වෙයිද කියලා බලන්න. චිත්‍රපටිය නම් හොඳටම හොඳයි ඒ ගැන කියන්න දෙයක් නෑ. අදට ගිහින්එන්නම්. හැමදෙනාගෙම ප්‍රතිචාර වලට ස්තූතියි. මම චාමල් කැලුම් අතපත්තු.
බුදු සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
The.Tiger.An.Old.Hunters.Tale.2015.BluRay.720p.950MB.Ganool.cc.mkv
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
346 downloads