Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Switch (2010) with Sinhala Subtitles |දෛවයෙ මායාව [සිංහල උපසිරසි සමඟ]

$
0
0

the switch 2010

ආයුබොවන් හැමදෙනාටම. මේ මගෙ පළවෙනි උපසිරස නිර්මාණය. ඉස්සෙල්ලාම බයිස්කොප්lk කාර්‍ය මණ්ඩලයෙ සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනවා මට මේ සඳහා අවස්ථාව ලබා දුන්නාට සහා මට අවශ්‍ය උපදෙස් ලබා දුන්නට. ෆිල්ම් එක ගැන කියනව නම් මට මෙ ෆිල්ම් බලන්න ලැබුනෙ අහම්බෙන් jennifer Anison ගෙ ෆිල්ම් හොයනකොට තමා මට මෙ ෆිල්ම් එක හම්බුනේ. තාම මේ ෆිල්ම් එකට කවුරුත් සබ් කරලා නැ කියලා හිතුනාම පුදුම හිතුනා. මේක මගේ ආසම ෆිල්ම් සෙට් එකෙ උඩින්ම තියෙන එකක්. ඒ නිසා මට හිතුනා ඔයාලටත් මෙක රසවිඳින්න රැගෙන එන්න. IMDB මීටරෙ කැරකීලා තියෙන්නෙ මෙකට 6.1.

ෆිල්ම් එක ගැන කියනව නම් ඔයාල දැනටමත් දන්නවනෙ මෙකෙ Jennifer Anison (කෙසි ල(ර්)සන්  ඉන්නවා කියලා. අනිත් කෙනා තමා Jason Bateman (වොලි මාස් ). කතාවෙ හැටියට මේ දෙන්නා හොඳම යාලුවො. වොලි ගෙ රස්සාව ආයොජන විශ්ලෙශකයෙක්. ඒ නිසාම වොලි හැමදෙයකටම බුද්ධියට ඉඩ දෙනවා හැඟීම් වලට වඩා. ඒත් කැසි ඊට වඩා වෙනස්. එයා කැමතියි අවදානම් දෙවල් කරන්න. මේ නිසාම මේ දෙන්නා අතර ප්‍රශ්න ඇති වෙනවා. කොච්චර මොනවා උනත් මේ දෙන්නට මේ දේන්නා නැතුව බැ. කෙසිට ඕන වෙනවා එයාගෙම ළමයෙක් හදාගන්න තනිකඩව ඉන්න කෙසි දායකයෙගෙ උදව්වෙන් තමා මේ දේ කරන්න හදන්නෙ. මෙතනින් තමා කතාව පටන් ගන්නෙ. හරි එතන ඉඳලා ඔයාලට කතාව බලන්න භාරකරනවා. සමහර වෙලාවට අපි හැමදෙයක්ම විශ්ලෙශනය කරලා කලත් දෛවය වෙනස් කරන්න බැ. අහ් තව දෙයක් ගොඩාක් වැරදි ඇති සබ් වල ඒ නිසා සමාවෙන්න. මම හිතනවා මම වගෙම ඔයාලත් මේ ෆිල්ම් එකට කැමැතිවෙයි කියලා. ස්තූතියි.

The Switch (2010) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Switch.2010.720p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සෑම් සූරියආරච්චි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>