Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

DCs Legends of Tomorrow (2016) [S02 : E09] with Sinhala Subtitles |රිප් හන්ටර්ගේ පුනරාගමනය. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Legend of tomorrow S2-1

කට්ටිය දැන් හොඳටම බනිනවා ඇති මට. හොඳටම පරක්කුයි. ඇත්තටම සමාවෙන්න ඕන ප්‍රමාදයට. මේ දවස් වල මට එන්ඩ් එක්සෑම්. ඒ නිසා මේ දවස් ටිකේම කුප්පි නිසා වෙලාවක් සෙට් උනේ නෑ කරන්න. අපේ අනිත් උපසිරැසි කරන සහෝදරවරුත් කාර්යබහුල නිසා මටම මේක කරන්න වුණා. කොහොම වුණත් ඊළඟ එපි 3 වගේ වෙන කෙනෙක් කරයි. මොකද ඊළඟ සති තුනම එක්සෑම් නිසා. ඊට පස්සෙ සුපුරුදු විදිහට පරක්කු නොකර අනිවා සබ දෙන්නම්. තව වැදගත් දෙයක් කියන්න තියනවා. ඒ තමයි නිවාඩුවට කලින් මේක ආවෙ බ්‍රහස්පතින්දා දවස් වල. හැබැයි දැන් ඒක වෙනස් වෙලා. දැන් අඟහරුවාදා තමයි මේක රිලීස් වෙන්නෙ. වැඩිය කියන යන්නෙ නෑ පරක්කු නිසා. හරි එහෙනම් පසුගිය කොටසින් මේ සතිය කොටසට සම්බන්ධ දේවල් ගැන පොඩ්ඩක් මතක් කරගමු. වැඩිය ඒ ගැනත් කියන්න යන්නේ නෑ.

ඔයාල හැමෝම දන්නවා මේ වෙද්දී කණ්ඩායමේ අය ළඟ තියනවා යන්ත්‍රයක්. කට්ටිය හිතන් ඉන්නෙ ඒවගේ දෙකක් දැනට තියනවා කියල. ඒක හැබැයි මාලිමාවක්. ඒකෙන් හොයාගන්න පුළුවන් ඉරණමේ හෙල්ලය තියන දිහාව. ඒ හෙල්ලය පාවිච්චි කරලා යථාර්තය නැවත ලියන්න පුළුවන් කියල කියනවා. ඒක හොයාගන්නත් මේ මාලිමාව එපැයි. ග්‍රේව බේරගන්න ඕන නිසා ඒක ලීජන් ඔෆ් ඩුම්ස් හෙවත් ඩාර්ක් ඇතුළු කණ්ඩායමට දෙන්න වෙනවා.

ඒ වගේම කතා ඉවර වෙද්දි රිප්ව පෙන්නුවා. එයා චිත්‍රපටි අධ්‍යක්ෂක කෙනෙක් විදිහට වැඩ කරනවා ඔයාල දැක්ක. ඔයාල අනිවාර්යෙන්ම නිවාඩු කාලෙ අතරේ මේකේ රිලීස් වෙච්ච ට්‍රේලර් එක බලන්න ඇති. එකේදිත් රිප් සහ ස්නාර්ට්ව පෙන්නුවා. ඉතින් එයාල ආපහු කරලියට එයිද? කොහොම වෙයිද කියල ඔයාලම බලන්න. ඉරණමේ හෙල්ලය දැන් සෑහෙන ලොකු බලපෑමක් වෙන්න යන්නෙ මොකද ඒකෙන් පුලුවන්… නෑ ඔයාලම බලන්න එහෙනම්. තවත් උපසිරැසියකින් ආයෙත් හම්බෙමු. ජය වේවා!!!

Legends of Tomorrow (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

dcs.legends.of.tomorrow.209.hdtv-lol[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

    << Previous Season              All Episodes                       Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles