A Charlie Brown Christmas 1965 – චාලි බ්‍රව්න්ගේ නත්තල…
හැමෝම දන්නවා බයිස්කෝප් අඩවිය කියන්නේ බාල තරුණ වයසක කිසිම භේදයකින් තොරව, හැමෝම සිංහල උපසිරසි ලබාගැනීමට පැමිණෙන වෙබ් අඩවියක් බව . අද මන් මේ උපසිරසි ලබාදෙන චිත්‍රපටය පොඩි ළමයින්ට දෙන්නේ, ඕන නම් ලොකු ළමයින්ටත් බලන්න පුළුවන් !! මේක නත්තල් චිත්‍රපටයක් !! දැන් ඔයාලා බලනවා ඇති මේ 1965 එකක් මොකද ගත්තේ කියලා? මං මේක තොර ගත්තේ ලස්සන තේරුමක් තියෙන හැමෝටම බලන්න පුළුවන් කතාවක් හින්දා. ඒ වගේම මේකේ පරණ කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක “කාටුන් ” එකක් වගේ යන්නේ. මේ චිත්‍රපටය වැඩි කාලයක් ධාවනය වෙන්නෙත් නෑ. විනාඩි 26ක් වගේ කෙටි කාලයක් ධාවනය වෙන්නේ. මෙම කෙටි චිත්‍රපටය රටවල් ගණනාවක විවිධ නම් වලින් විකාශනය වුනා. මෙය “Animation, Short, Comedy ” යන ඝනයට අයත් වෙනවා. ලස්සන විහිලු වගයකුත් තියෙනවා !! ඒ වගේම IMDB දර්ශකයේ 8.4 දැවැන්ත අගයකුත් අරන් තියෙනවා.
කතාව පැත්තට හැරුනොත් චාර්ලි බ්‍රව්න් කියන ළමයා වටේ ගෙතී තියෙන්නේ. චාර්ලි කියන්නේ නත්තල ගැන කිසිම දෙයක් නොදන්න තනියෙන් ඉන්න කැමති කෙනෙක්, ඒ වගේම ඔහුට කව්රුත් කැමති නැහැ. හැබැයි මේ පාර ඔහුගේ නත්තල
සම්පුර්ණයෙන්ම වෙනවා වෙනවා. ඒ මොකද කියලා බලන්න නම් ඔයාට මේ කෙටි චිත්‍රපටය බලන්න වෙනවා !!
අදාළ පිටපත
A Charlie Brown Christmas 1965 1080p BluRay x264 AAC – Ozlem
Severus Snape and the Marauders (2016) – ශාපලත් මහාචාර්ය ස්නේප්…
මේ කෙටි චිත්‍රපටයට මන් සිංහල උපසිරසියක් කරේ ඇත්තටම මම හැරී පොටර් කතා මාලාවේ නියම රසිකයෙක් නිසා. කව්ද අකමැති හමයිනි. හැරී පොටර්, රොන් ගේ වැඩ බලන්න. මමත් පොඩි කාලේදී මගේ වීරයෝ තුන් දෙනා වුනේ, මේ තුන් දෙනා තමා. විශේෂයෙන්ම මම හැරී පොටර් කතාව බැලුවේ හමයිනිව බලන්නම තමා. :p :p :p කොහොමහරි මම යුටියුබ් එකේ වටේ ගගහා ඉන්නකොට මන් දැක්කා හැරී පොටර් කතා මාලාව වෙනුවෙන් රසිකයෝ එකතු වෙලා හදපු කෙටි ෆිල්ම් එකක්. මේක හැරී පොටර් ඔර්ජිනල් කතාවට සම්බන්ධයක් නැති උනත් එකේ චරිත ටික අරගෙන තියෙනවා. මට මේ කතාව තේරෙන විදියට නම් හැරී පොටර් ගේ අම්මයි තාත්තයි ගැන තමා මේ කතාවේ යන්නේ, ඒ කියන්නේ ජේම්ස් පොටර් සහ ලිලි පොටර්!! සීරියස් බ්ලැක් වගේම මහාචාර්ය ස්නේප් මේ කතාවේ ඉන්නවා. ඒ වගේම වොල්ඩර්මොට් ඉදන් ඉන්නවා.
කෙටියෙන් මේ කතාව ගැන කියනවා නම් ස්නේප් සහ ජේම්ස් පොටර් කියන්නේ සමකාලීනයෝ. ස්නේප් ලිලිත් එක්ක ආදර සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඒ ආදරය බෙදාගන්න මේ ජේම්ස් සහ ස්නේප් කරන සටන ඔයාලට මේ කතාවෙන් බලාගන්න පුළුවන්. කම්මැලි නැතුව බලන්න පුළුවන්. විනාඩි 25ක් පුරා දිව යන මේ කතාව IMDB දර්ශකයේ 7.7 ක ඉහල අගයක් ලබාගෙන තියෙනවා. මන් නම් ඩව්න්ලෝඩ් කරේ 720p HD වීඩියෝ එක. 175MB උනා. හොද උපසිරසියක් හොයා ගන්න බැරි උනා, මොකද මේක යුටියුබ් ෆිල්ම් එකක් නිසා. අන්තිමට යන්තම් හොද එකක් හොයාගෙන ඒක හදලා තමා අද මන් ඔයාලට දෙන්නේ. තවත් උපසිරසියකින් හමුවෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
Youtube එකේ Severus Snape and the Marauders – Harry Potter Fan Film කියලා ටයිප් කරාම හොයාගන්න පුළුවන්. Broad Strokes Productions කියන චැනල් එකේ තමා ඔය වීඩියෝ එක තියෙන්නෙ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා වේ.
56 downloads