Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Aloha (2015) with Sinhala Subtitles |අලෝහා [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Aloha (2015)

මේක තමයි මම මුලින්ම කරපු උපසිරැසි ගැන්වීම. සයිට් එකෙන් හැමදාම සබ් බාගන්න  නිසා මටත් හිතුනා, සබ් එකක් කරන්න. මේක ගොඩ කාලෙක ඉඳල තිබ්බ අදහසක්. ඊට පස්සේ බොහොම අමාරුවෙන් සිංහලෙන් සබ් ඇවිල්ල නැති මේ ෆිල්ම් ඒක හොයා ගත්තා. පටන් ගත්තට පස්සේ තමයි වැඩේ අමාරුව තේරුනේ, ඔක්කොම ඉවර කරන්න දවස් 5ක් විතර ගියා.

මේ ෆිලුම IMDB මීටරේ 5.4ට යනකන් කරකවලා තියෙනවා. නිකුත් උනේ 2015 මැයි මාසේ. හොලිවුඩ් සුපිරි නළුවෙක් වන Bradley Cooper තමයි ප්‍රධාන රංගනයෙන් දායක වෙලා තියෙන්නේ. ෆිලුම වැටෙන්නේ comedy Romance ඝනයට. ඒත් මේක බැලුවාම මහා ගොඩක් හිනායන ෆිල්ම් එකක්  නෙවේ. කොහොමුනත් මේකේ ලස්සන කතාවක් ඇතුලත් වෙලා තියෙනවා.

ෆිල්ම් එක ගැන කතා කලොත් Brian Gilcrest,ප්‍රධාන නළුවා තමයි ෆිල්ම් එකට අපිව එන්ටර් කරන්නේ. එයාම එතැනදී  කියන විදියට, එයා හමුදාවෙන් අයින් වෙලා කෝටිපති ව්‍යාපාරිකයෙක්ගේ Global One කියලා සමාගමකට වැඩ කරන කෙනෙක්. මේ සමාගම ඇමෙරිකා ගුවන් හමුදාව එක්ක එකතු වෙලා අලුත් සන්නිවේදක චන්ද්‍රිකාවක් දියත් කරනවා හවායි දූපතෙන්. මේ මෙහෙයුම සඳහා මෙයා හවායි දූපතට එනවා. එහෙදි එයාට එයාගේ කලින් බිරිඳව මුණගැහෙනවා. ඒ වගේම මෙයාගේ සහයකයා හැටියට කටකාර ලස්සන ගෑණු ළමයෙක් මෙයාට හම්බෙනවා. මේ කරුණු ඔස්සේ තමා ෆිලුම ගලාගෙන යන්නේ. ඇත්තටම මේ කෝටිපතියාගේ අරමුණ බොහොම පරම, පවිත්‍ර එකක්ද? මේ චන්ද්‍රිකාව ගුවන් ගත කරන්න මෙයාට පුළුවන් වෙයිද? බ්‍රයන් එයාගේ කලින් බිරිඳ එක්ක ආයේ සම්බන්දයක් පටන් ගනීද? එහෙම නැත්නම් කටකාර සහයිකාව මෙයා එක්ක අලුත් සම්බන්දයක් පටන් ගනීද?මේ දේවල් දැනගන්නනම් ඔයාලට ෆිල්ම් ඒක බලන්නම වෙනවා. ෆිල්ම් එක ඇවිල්ලා අවුරුදු එක හමාරක් විතර නිසා සමහරු බලලත් ඇති. ඒත් නොබලපු අයට අනිවාර්යෙන් බලන්න කියලත් ආරාධනා කරනවා, ලස්සන ෆිල්ම් එකක්. ඉංග්‍රීසි නොවන භාෂාවක ෆිල්ම් එකක සිංහල සබ් අරන් ආයෙත් එන්න බලාපොරොත්තු වෙනවා, ඔයාලට ජයෙන් ජය!

Aloha (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Aloha.2015.720p.BluRay.x264-YIFY

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>