Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Batman [S04 : E01] with Sinhala Subtitles |සර්කස් රොබින් [සිංහල උපසිරසි සමඟ]

$
0
0

The-Batman-TV-4

කොහොමද යාළුවනේ. සීසන් තුනක් ඉවර කරලා අපි ඔන්න හතර වෙනි සීසන් එකට එන්නයි හදන්නේ. අද විශේෂ දවසක්. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි, අද විශේෂම කෙනෙක් බැට්මෑන් කතාවේ චරිත අතරට එකතු වෙනවා. එයා තමයි රොබින්. කවුද මේ රොබින්? එයා ගැන ගොඩක් දේවල් අද එපිසෝඩ් එකෙන් බලාගන්න පුළුවන් වේවි. තවත් විස්තර මම කියන්නම්කො එහෙනම්.

රොබින් ගේ ඇත්ත නම ඩික් ග්‍රේසන්. සර්කස් පවුලක කොල්ලෙක්. මහ ලොකු සල්ලි බාගේ තිබුණ කොල්ලෙක් නෙවෙයි. පොඩි කාලෙදිම එයාට වෙන විශාල අසාධාරණයක් නිසා තමයි එයා අපරාධ වලට විරුද්ධ වෙන්න පටන් ගන්නේ. ඒ අසාධාරණය මොකක්ද කියලා අද බලාගන්න පුළුවන්. මෙයාගෙ සර්කස් හැකියාවන් නිසා හරිම නම්‍යශීලී ශරීරයක් තියෙනවා. ඒ නිසා හතුරන්ව පරාජය කරන්න මෙයා පාවිච්චි කරන්නේ acrobatic moves. ඒ කියන්නේ ජිම්නාස්ටික් කරද්දී වගේ කරන චලන රටා.

බැට්මෑන් ඇනිමේෂන් චිත්‍රපට මාලාවට අනුව මේ අද කතාවට එකතුවෙන රොබින් තමයි බැට්මෑන් ගේ පළවෙනි රොබින්. මොකද බැට්මෑන් ට රොබින් ලා ගොඩක් ඉන්නවා. (මගේ දැනීමේ හැටියට තුනක්) මේ පළමු රොබින් (ඩික් ග්‍රේසන්) තමා පසු කලෙක නයිට්වින්ග් (NightWing) කියලා නම වෙනස් කරගන්නේ. මේ නයිට්වින්ග් ට පස්සේ රොබින් කෙනෙක්ව ජෝකර් මරනවා. ඒ කවුද කියන්න මම හරියටම දන්නේ නැහැ. ඒත් අනිත් රොබින් තමා බැට්මෑන් ගේ ජාන වලින් හැදුණ කොල්ලා. 😀 ඒ ගැන විස්තර දැනගන්න ඉතින් බැට්මෑන් ඇනිමේෂන් චිත්‍රපට බලන්න ඕන. මම දන්න හැටියට බයිස්කෝප් අඩවියෙන් උපසිරැසි ලබාදීලා තියෙනවා, බොහෝ බැට්මෑන් ඇනිමේෂන් චිත්‍රපට වලට. එහෙනම් අදට නවතින්නම්. ඊළඟ කොටසින් මුණගැහෙමු.

The Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 <<Previous Season                    All Episodes                      Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>