Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Time Machine (1960) with Sinhala Subtitles |කාලය හරහා [සිංහල උපසිරසි සමඟ]

$
0
0

The Time Machine (1960)

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මම මගේ අනු වන උපසිරසියත් අරගෙන තමා මේ ආවේ. ලොව ප්‍රසිද්ද එච් ජි වේල්ස් මහතාගේ සුප්‍රසිද්ද විද්‍යා ප්‍රබන්ධ නව කතාවක් වෙන The Time Machine කතාව පදනම් කරගෙන නිර්මාණය වෙලා තියෙන මෙම චිත්‍රපටය ලෝකයේ නිර්මාණය වෙච්ච විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට අතර ඉදිරියෙන්ම තියනවා. මම ඔයාලට මිට පෙර එච් ජි වේල්ස් මහතාගේම තවත් විද්‍යා ප්‍රබන්ධයක් ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච First Men in the Moon (1964) චිත්‍රපටය අරගෙන ආව මතක ඇති. කුඩා කල සිටම විද්‍යා ප්‍රබන්ධ රසිකයෙක් වෙච්ච මම මේ චිත්‍රපට වලට උපසිරසි යෙදීමට අවස්ථාව ලැබීම වාසනාවක් ලෙස සලකනවා. මිට කලින් මම ජුල්ස් වරන් ගේ විද්‍යා ප්‍රබන්දයක් වන Journey to the Center of the Earth (1959) , එඩ්ගාර් රයිස් බරෝස් ගේ At the Earth’s Core (1976) යන චිත්‍රපට සහ සර් ආතර් කොනන් ඩොයිල් ගේ The Lost World (1960) චිත්‍රපටයට උපසිරසි අරගෙන ඇවිත් තියනවා. ඒ කියන්නේ මම ලොව ප්‍රසිද්ද විද්‍යා ප්‍රබන්ධ පහකට මෙම උපසිරසියත් සමග උපසිරසි ඔයාලට ගෙනත් තියනවා.

මෙම චිත්‍රපටය IMDb අගය 7.6 අරන් තියන Adventure, Romance, Sci-Fi කාණ්ඩයට අයත් චිත්‍රපටයක්. මෙහි ඇති දුශ්‍ය ප්‍රයෝග සඳහා එම වසරේ ඔස්කාර් සම්මානය පවා ලබා ගන්න හැකියාව ලැබිලා තියනවා. Metro-Goldwyn-Mayer කියන සුප්‍රසිද්ද චිත්‍රපට නිර්මාණ ආයතනය මගින් බෙදා හරින ලද මෙම චිත්‍රපටය ඩොලර් 829,000 වියදම් කර නිපදවා ඩොලර් 2,610,000 ආදායම ලබා ගැනීමට සමත් වෙලා තියනවා.

කතාව ඉතින් කාලය හරහා යාමක් ගැන තමා. තමන් නිර්මාණය කරන ලද යන්ත්‍රයක් මාර්ගයෙන් කාලය හරහා ගමන් කරනා පුද්ගලයෙක් මුහුන දෙන අත්දැකීම් නැවත පැමිණ තම යාලුවන්ට පැවසීම තමා චිත්‍රපටයේ පෙන්වන්නේ. ඉතින් මෙම අදහා ගත නොහැකි සිද්දිය යහළුවන් විස්වාස කරනවාද ඒ වගේම ඒ සිද්දි මොනවාද කියල බලන්න ඔයාලට චිත්‍රපටය අවසානයේ පුළුවන්. විද්‍යා ප්‍රබන්දයක් උනත් ආදර කතාවකුත් චිත්‍රපටය තුල තියනවා කියල මතක් කරන්න කැමතියි.

මම ඊළඟට ඔයාලට අරන් එන්නේ එච්චර ප්‍රසිද්ද නැති සුපිරි වීරයෙක් ගේ කතාවක් ඇතුලත් චිත්‍රපටයක්. ඉතින් එකත් අරන් එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

බුදු සරණයි….!

 

The Time Machine (1960) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Time.Machine.1960.720p.BluRay.x264.YIFY
The.Time.Machine.1960.1080p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>