ගිය සතියට කලින් කොටසේදි ෆ්ලෑෂ් කතාව ගොඩක් හොද ආරම්භයක් ගත්තා. ඒකෙන් ෆ්ලෑෂ් කතාවට අලුත්ම ආරම්භයක් ලැබුනා කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඉතින් ඒ පුදුමයත් එක්ක අපි හැමෝම බලාගෙන හිටියා කතාවේ ඊලගට මොනවා වෙයිද? ෆ්ලෑෂ්ගෙ ලෝකයේ මොන මොන වෙනස්කම් වෙයිද? එයාලා අපිව මොන වගේ පැත්තකට ගෙනියයිද කියලා. ඉතින් දැන් අපිට ටිකෙන් ටික ඒක දැනගන්න පුලුවන් වෙනවා.
ගිය සතියේ කොටසටත් ගොඩක් අය කැමති වෙන්න ඇති නේද? මොකද කතාව තව තවත් රසවත් වුනානේ. ඉතින් ගිය සතියේ කොටසේදි ගොඩක් අවධානය දිලා තිබුනේ සිස්කෝ, කේට්ලන්, අයරිස්, වොලියි අනිත් ලෝකයෙන් ආපු ජිප්සිටයි. හැබැයි තවම අපිට සැවටාර් නම් දකින්න ලැබුනේ නෑ. ඉතින් අපි නොහිතපු වෙලාවක HR අල්ලන්න එයාගේ ලෝකයේ කලෙක්ටර් කියන කෙනෙක් ආවනේ. එ වෙන මොකුත් නිසා නෙවෙයි HR එයාලගේ ලෝකයේ තියෙන දරුණුම නීතිය කඩ කරපු නිසා. කොහොම හරි ඉතින් කලෙක්ටර් විදියට ආවේ කෙල්ලෙක්. එතකොට ඉතින් අපේ කවදත් තනිකඩ කොල්ලා හැම සැරයකදිම කරනවා වගේ ඒ ආපු කෙනා එක්කත් සම්බන්ධයක් පටන් ගන්න හීන මැව්වානේ. කොහොම වුනත් ඉතින් ඒ කෙනා සිස්කෝටම ගැලපෙන කෙනෙක්. මොකද දෙන්නම වයිබ්ලානේ. ඒ වුනත් සිස්කෝට වඩා ජිප්සි ගොඩක් දේවල් දැනගෙන හිටියා. අනික දෙවැනි ලෝකයේ සිස්කෝට කරන්න පුලුවන් දේවල් වලින් ටිකක් තමයි මේ ලෝකයේ සිස්කෝට තවම කරන්න පුලුවන් වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් කොහොම වුනත් ඉතින් ඒ කෙනාව පරද්දන්න ෆ්ලෑෂ් ටිම් එකට පුලුවන් වුනා. මේ සිද්ධියත් එක්ක පේන විදියට සමහර විට ෆ්ලෑෂ් ටීම් එක සිස්කෝව වයිබ් විදියට කණ්ඩායමට ගන්න ගොඩක් ලොකු අවස්ථාවක් තියෙනවා.
ප්‍රධාන කතාවට අමතරව මට හිතෙන විදියට කලින් සතියේ කොටස HRටයි ජුලියන්ටයි ගොඩක් වැදගත් පුදුම හිතෙන කොටසක් වුනා. මොකද ජුලියන් ෆ්ලෑෂ් ටිම් එකත් එක්ක එකතු වෙලා වැඩ කරන්න පටන් ගත්තේ මේ කොටසේදිනෙ. ඉතින් අපි බලාපොරොත්තු වුන විදියට වගේම දැකපු විදියට ජුලියන් ටිම් එක ගොඩක් දක්ෂ තත්වයකට ගෙනාවා. ඉතින් ටීම් එක ඒ විදියට දිගටම තියේවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන් වගේම ගොඩක් පුදුම හිතෙන දේවල් අපිට ඉස්සරහට දකින්න ලැබේවි. ඒ වගේම HR ගැන කතා කරද්දි මේ කොටසෙන් තමයි අපි එයා ගැන ගොඩක් දේවල් දැනගන්න ලැබුනේ. කලින් කොටසකදිත් අපිට විස්තර ටිකක් අහන්න ලැබුනා තමයි. හැබැයි මේ කොටසේදි එයාගේ කැරැට්ටුව ගැන අපි හොදටම දැනගත්තානේ. ඉතින් එයා ඒ ලෝකයෙන් මේ ලෝකයට ලොකු බොරුවක් කරලා ආවේ ඇයි කියලා අපිට දැනගන්නත් ලැබුනානේ. හැබැයි ඉතින් ගොඩක් අය තවමත් අකමැතියි වගේ මේ මෝඩ පහේ වෙල්ස් කතාවේ ඉන්න එකට. හැබැයි ඉතින් සමහරක් අය ඒකට කැමති නැතුවත් නෙවෙයි. කොහොම වුනත් පේන විදියට පරණ වෙල්ස්ගේ චරිතයේ ගති ලක්ෂණ දැන් ඉන්න HR ගෙයි ජුලියන්ගෙයි අතරේ බෙදිලා යාවි කියලා තමයි පේන්න තියෙන්නේ.
ඒ වගේම අයරිස්ගෙයි වොලිගෙයි හවුල ගැනත් නොකියම බෑ. මොකද අර ෆ්ලෑෂ් පොයින්ට් එකේදි දැක්කා වගේ අක්කා මලෝ හවුලක් බලාගන්න අපිට පුලුවන් වුනානේ. අනික අයරිස් එයාගේ අනාගතය දැනගත්තට පස්සේ කොහොමද හැසිරෙන්නේ කියලත් දැනගන්න ලැබුනා. අයරිස් විතරක් නෙවෙයි අපි කවුරු වුනත් අනාගතය ගැන ඇහුවොත් ඔය වගේ පිස්සු විකාර කරන්නේ නැතිව ඉදිවි කියලා කාටද කියන්න පුලුවන්නේ නේද? හැබැයි ඉතින් අනාගතයේ එයාට මොනවා වෙයිද? එයාගේ මරණයට බය කාලයත් එක්ක නැතිවෙයිද කියලා අපිට දැනගන්න පුලුවන් වේවි.
සාරාංශයක් විදියට ගත්තම පහුගිය සතිවල තියෙන කතාව ගලාගෙන යාමක් තමයි මේ කොටසේදිත් වුනේ. අන්තිමේට කියපු හින්ට් එකත් එක්ක පේන විදියට නම් වොලි ලොකු චරිතයක් රගපායි වගේ. ඒ වගේ කිඩ් ෆ්ලෑෂ් කොයි විදියට අභියෝග වලට මුහුණ දෙයිද කියලා අපිට බලාගන්නත් පුලුවන් වේවි. ඉතින් ඒ විදියට ෆ්ලෑෂ් කතාවේ තවත් පුදුමාකාර කොටසක් ඉවර වුනා. . . . ^_^
මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !
Due to copyright issues we don’t provide any torrent links.
The.Flash.2014.S03E12.HDTV.x264-LOL
The.Flash.2014.S03E12.HDTV.XviD-FUM
The.Flash.2014.S03E12.720p.HDTV.x265.ShAaNiG
The.Flash.2014.S03E12.720p.HDTV.X264-DIMENSION
The.Flash.2014.S03E12.720p.HDTV.HEVC.x265-RMTeam
The.Flash.2014.S03E12.720p.HDTV.2CH.x265.HEVC-PSA
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
120 downloads
<< Previous Episode All Episodes Next Episode>>