හොදයි ඔන්න එහෙම නම් දින දෙක තුනකම ප්‍රමාදයකට පස්සේ 12 වෙනි කොටස ගෙනල්ලා තියෙනවා. පසුගිය දින කිහිපයේ අසනීප වෙලා හිටිය නිසා අද තමා සබ් එක ඉවර කරගන්න පුළුවන් උනේ. එහෙම නම් ඉතිං වැඩි විස්තර කියන්නේ නැතිව කෙලින්ම කතාව පැත්තට හැරෙනවා ප්‍රමාදය ගැන කාණගාටුව ප්‍රකාශ කරන ගමන්ම.
පෙර සතියේ ගත්ත කෙටි විරාමයෙන් පස්සේ ඔන්න මේ සැරේ කතාව ගොඩක් සිත් ඇදගන්නා සුළු විදියට නිර්මාණය කරලා තියෙනවා. ඊට කලින් පෙර සතියේ සිදූවිම් මතක් කරන්නම්කෝ. රෙඩ්ගේ ඝණකාධිකාරවරයාව ඝාතනයට ලක් වෙලා එයාගේ සල්ලි ඩොලර් මිලියන ගානක් මේ වෙනකොට නැති වෙලයි තියෙන්නේ. ඒක වෙන්නේ මෙහෙමයි. එයාලා සිදුකරන්නේ හොර ගනුදෙනු නිසා, මුදල් ටික සැබෑ ගනුදෙනු කාරයාට යවන්න කලින් එයාලා හොර සමාගමකට අයිති ගිණුමකට බැර කරනවා. ඊට පස්සේ තමයි ඒ සල්ලි ටික නියම කෙනාට යවන්නේ. එතකොට කවුරුහරි කෙනෙක් ආපස්සට හොයලා බැලුවත් ඒ සල්ලි ඇවිල්ලා තියෙන්නේ නිර්නාමික ගිණුමකින්. හැබැයි ඉතිං අරාම් වගේ වැඩ්ඩෙක්ට නම් ඒක එවලා තියෙන්නේ කාගේ ගිණුමෙන්ද කියලා තත්පර ගානකින් හොයාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම රෙඩ්ගේ මේ ගනුදෙනුව සිදුනොවීම එයාට සිදුවුන ලොකු අවනම්බුවක් හැටියට තමයි රෙඩ් සළකන්නේ. ඒ වගේම මේ වෙනකොට එයා දන්නවා එයාගෙන් ගිළිහුනු මේ ගණුදෙනුව ලබාගත්තේ කවුද කියලා.
අද තතාවෙදි රෙඩින්ටන් හදන්නේ FBI එකේ උදව් අරගන එයාගේ විරුද්ධවාදින්ට ප්‍රහාරයක් එල්ල කරන්නයි. ඊටත් වඩා එයා FBI එකේ උදව් ලබාගන්නේ එයාගේ මිනිහව මැරුව කෙනා කවුද කියල දැනගන්නයි. ඒ කවුද කියලා බලන්න නම් ඉතිං කතාව අවසන් වෙනකන්ම බලන්න වෙනවා.
එහෙමනම් මීළඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
The.Blacklist.S04E12.HDTV.XviD-FUM
The.Blacklist.S04E12.HDTV.XviD-AFG
The.Blacklist.S04E12.HDTV.x264-KILLERS
The.Blacklist.S04E12.720p.HDTV.x264-KILLERS
The.Blacklist.S04E12.720p.HDTV.HEVC.x265-RMTeam
The.Blacklist.S04E12.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.