Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E12] with Sinhala Subtitles |කේනින්ග් සහ ඩාර්ක්හෝල්ඩ්. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

මේ සතියේ නම් කොහොමහරි මේ සතියේ කතාව දෙනවාම තමයි. කොහොම වුනත් කමක් නෑ අද සූදානම 12 වෙනි කතාව ගෙන එන්නයි. පසුගිය කතාවේදී ඩේසි සොකෝවියා රෙගුලාසි වලට අත්සන් තබන්න සූදානම් වෙන අතරේ කෝල්සන් සහ එලේනා (යෝ-යෝ) එකතු වෙලා සෙනෙටර් නඩියර් ගේ කාර්යාලය ඇතුලේ ඔත්තු බලන උපකරණ සවි කරන්න යෙදුනා. ඒත් නඩියර් මේ බව දැනගෙන ආරක්ශකයින් පිරිසක් යැව්වා කෝල්සන් නීති විරෝධීව ඔත්තු බැලීමේ උපකරණ සවි කරද්දීම අල්ල ගන්න. මේකෙන් කෝල්සන්ට ඔප්පු වුනු දේ තමයි කවුරුන් හෝ කෙනෙක් සැලසුම් කරද්දීම නඩියර්ට ඔත්තු දීපු බව. අපි නම් දන්නවා ඒ මේ හරහා තමයි කියලා. නමුත් ශීල්ඩ් එකේ කවුරුවත් ඒ ගැන දන්නේ නෑ. ඉතිං මේ අතරේ ඇත්ත මේ නිද්‍රාගත කරලා එයිඩා අතින්ම නිර්මාණය කරපු හීනයක් ඇතුලේ තමයි ජීවත් කරවන්නේ. මුලින්ම ස්පා එකක ඉන්න හීනයක් නිර්මාණය කලත්, පස්සේ මේ දැනගන්නවා ඒක බොරුවක් බව. මේකෙන් නැගිටින මෙලින්ඩා කලබලයක් කලාට පස්සේ නැවතත් නිද්‍රාගත කිරීම සිදු කරලා නැවතත් කලින් විදියටම  simulation (සමාකරණයක්) යටතේ නැවත නැවත ජීවත් කරවනවා. මෙතනදී මේට සටන් කරමින් තමයි ජීවත් වෙන්න සිදු වෙන්නේ. ඒකට හේතුව මේ සන්සුන්ව ඉන්න එකම මොහොත සටන් කිරිමක් අතරතුර වීම.

මේ අතරේ අද කතාවේදී කේනින්ග්ලා නැවතත් පෙන්නනවා. ඔයාලට මතක ඇති, ගොඩක් කාලෙකට කලින් තමයි කේනින්ග්ලා අපිට පෙන්නුවේ. මතකම නැතිනම් අර හැට පැනපු නිවුන්නු සෙට් එක. අද කතාවේදී ඩාර්ක්හෝල්ඩ් එක රැඩ්ක්ලිෆ් ගෙන් ආරක්ශා කරන එකයි කරන්න සිදු වෙන්නේ. ඒ අතරේ තවත් ගොඩක් දේවල් සිද්ධ වෙනවා. වොච් ඩෝග් වල ප්‍රධානියාවත් අද කතාවට හඳුන්වා දෙනවා.

අපි බලමුකෝ කතාව ගලාගෙන යන්නේ කොහොමද කියලා. මේ සතියේ කතාවත් බොහෝම ඉක්මනට ගේන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.

ආයු – බෝ -වේවා !

.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.

 Agents of S.H.I.E.L.D. (2013) on IMDb 

 

             

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.

Marvels.Agents.of.S.H.I.E.L.D.S04E12.HDTV.X264-LOL

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>