ඔන්න එහෙනම් මේ හත්වැනි කොටස. මේ වෙනකොට ෆ්‍රෑන්ක් හිරභාරයේ ඒවගේම ඉලෙක්ට්‍රා මැට් එකක් එකාසු වෙලා යකුසාව (?) පරාජය කරන්න සුදානම…
වැඩි කතා නැතුව පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු, අත් අඩංගුවට පත්වුනාට පස්සේ දැන් ෆ්‍රෑන්ක් ඉන්නේ මෙට්‍රෝ ජෙනරල් එකේ. ඔහු වෙනුවෙන් පෙනී හිටින නීතිඥයා දිස්ත්‍රික් නීතිඥවරියගේ උදව් කාරයෙක් බව තේරුම් ගන්නා මර්ඩොක් හා නෙල්සන් කට්ටිය ඔහු වෙනුවෙන් පෙනී හිටින්න ඉදිරිපත් වෙන බව දැක්කා මතක නැති නෙව. කැරන් තමයි බොහොම තදින් පරීක්ෂණය කරගෙන යන්නේ, ඒකට විශේෂ හේතුව ඉතින් ෆ්‍රෑන්ක් වැඩි කතා එයත් එකක් නිසා බව මතක ඇති නෙව. ඒ වගේම පහුගිය සතියේ තමයි මැට් ඉලෙක්ට්‍රා එකක් සාදයකට ගිහින් එතන ලොකු අවුල් ජාලාවක් නිර්මාණය කලේ. හැබැයි අපතේ ගියේ නැහැ මහන්සිය වැදගත් යැයි කියලා හිතන යමක් හොයාගත්තා නෙව.
අද එතැන් සිට, මැට් හා නෙල්සන් අතර දැන් ටිකක් ප්‍රශ්න ඇති වෙලා හේතුව නඩු විභාග වෙනුවෙන් මැට්ගේ සහය අඩු වීම…. මේකට හේතුව ඉතින් හැමෝම දන්නවා නෙව, අද තමයි හැමෝම බලා හිටිය නඩු විභාගය තියුණු ලෙස ඇදිලා යන්නේ… ඒ වගේම මේ මුළු සිදුවීමම තනිකරම යමක් යට ගැසීමක් කියලා අද පොඩි ඔත්තුවක් ලැබෙනවා… ලැබෙනවා නෙමෙයි ඇත්තටම ලැබුන ඔත්තුවක් සනාත වෙනවා. ඒ වගේම පහුගිය කොටසේ හොයාගත්ත පොතෙන් යම් යම් වැදගත් දේ අද දැනගන්නවා. මේ වගේ තව ගොඩක් දේ වෙනවා බලන්නකෝ එහෙනම් මේ කොටසත්….
440 downloads