ඔන්න ඉතින් Six කතා මාලාවෙ 4 වෙනි කොටසත් ගෙනාවා. මතකනෙ කලින් සතියෙ රිප් බොකෝ හරාම්ලගෙන් පනින්න හදනවා. ඒත් ඒක එයාට කරන්න වෙන්නෙ නැ. ඉතින් ආපහු සැරයක් රිප් ඇතුළු පිරිස බොකෝ හරාම්ලට අහුවෙනවා. කොහොම වුනත් රිප්ව නම් මරන්නෙ නැ. මොකද රිප් ඩොලර් මිලියන 10 වටිනව නෙව.
ඔය අතරෙ රිප් ඇතුළු ප්‍රාණ ඇපකාරයො බේරගන්න රිප්ගෙ මිතුරන් ටික සැලසුම් හදනවා. කොහොwම උනත් රිප් සීල් ටීම් සික්ස් එකෙන් අයින් වෙන්න ඇලෙක්ස් මැදිහත් වීමක් තියෙනවා දැන්නම් හොදටම පැහැදිලියි. ඒ රිප් වෙඩි තියලා මරපු කේනාගෙ විඩීයො එක ඇලෙක්ස් ගාව තියෙන නිසා. ඒක නිසාත් පොඩි රණ්ඩුවක් මේ අය අතරෙ ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි රිප්ගෙ බිරිද ගැනත් පහුගිය සතියෙන් දකින්න ලැබුනනෙ. කොහොම වුනත් රිප්ගෙ විවාහ ජීවිතය නම් හොද විදිහකට තිබිලා නැ කියලා තමයි පෙනුනෙ.
ඔයාලට මතකනෙ බෙයාර් ඒ කියන්නෙ ජෝෂප් ඇතුළු කණ්ඩායම නැවකින් පණිවිඩ කාරයෙක්ව අල්ලගෙන අවා. ඉතින් එයාගෙන් ලබා ගත්ත තොරතුරු වලට අනුව රිප් ඇතුළු පිරිස ඉන්න තැන හොයා ගන්නවා. ඒත් හරියටම හොයා ගන්න අමාරුයි. මොකද ඒ ඝන කැලේක නිසා.
ඉතින් අද කොටසෙ තියෙන්නෙ රිප් ඇතුළු පිරිසව බේරගන්න සීල් ටීම් සික්ස් දියත් කරන මෙහෙයුම තමයි. ඉතින් අපි බලමු මෙයාලට රිප් ඇතුළු පිරිස මුදවා ගන්න හැකි එයිද කියලා. එහෙනම් මම ගිහින් එන්නම්. Shadowhunter එකෙත් සබ් එක කරන්න තියෙනව නෙව.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
SIX.S01E04.HDTV.x264-FLEET
SIX.S01E04.720p.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
297 downloads
<<Previous Episode All Episodes Next Episode>>