ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් අනු එක් වෙන උපසිරැසිය අරගෙන තමා ආවේ. ඉතින් ඇත්තටම මේක සුපිරි වීරයෙක් ගේ කතාවක්. ඔයාල හොඳටම දන්නා ස්පයිඩර් මෑන් සහ බැට්මෑන් චිත්‍රපට නිර්මාණය කරන ලද සැම් රිමිම තමා මේකත් නිර්මාණය කරන්නේ. 1930 දී පලවෙන ලද කෙටි කොමික් කතාවකින් තමා අදහස අරන් තියෙන්නේ. මේ චිත්‍රපටය IMDb අගය 6.4 ක් අරගෙන තියන Action, Crime, Fantasy වර්ගයේ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ තව කොටස් දෙකක් නිර්මාණය වෙලා තිබුනත් වීඩියෝ පිටපත් සොයා ගැනීමේ ගැටළුවක් තියනවා. ඒවා හොයා ගත්ත ගමන් මම ඒවත් ඔයාලට අරගෙන එන්නම්.
කතාව කෙටියෙන් කියනවා නම්. විද්‍යාඥයෙක් ඉන්නවා කෘතිම සම ගැන පරීක්ෂණ කරන. එයා හොයා ගන්නවා ස්වාබාවික සම වගේම නිර්මාණය කල හැකි සමක්. ඒත් ගැටලුව එක පවතින්නේ පැය කිහිපයක් විතරයි. ඉතින් පස්සේ කාලෙක එයාව මරල දන්නා ගන්නා උත්සාහයකින් එයා දැඩි පිළිස්සුම් ලබල බේරෙනවා. ඉතින් තමන් පරීක්ෂණ කරලා හදා ගත්ත සමෙන් නිර්මාණය කරගන්නා වෙස් මුහුණක් පැළඳගෙන තමන් මරාදැමීමට උත්සාහ කරන අයගෙන් පලිගැනීම තමා මේ චිත්‍රපටයේ තියෙන්නේ. ඒවගේම කියන්න තියෙනවා ආදර කතාවකුත් ඇතුලත් වෙනවා කියල.
මම ඊළඟට ඔයාලට අරන් එන්නේ හොල්මන් චිත්‍රපටයක්. ඒත් ටිකක් වෙනස් එකක්. ඉතින් මම ගිහින් එන්නම් එකත් අරගෙන. ඉක්මනට එන්නම් බලන්නම් ඉතින්.
බුදු සරණයි….!
Due to copyright issues, we do not provide any torrent links.
Darkman.1990.720p.BluRay.x264.YIFY
Darkman.1990.1080p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
64 downloads