Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Great Challenge AKA Les fils du vent (2004) with Sinhala Subtitles |සුළං සටන… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The Great Challenge

කොහොමද ඉතිං, මේ තමයි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් මගේ පළමුවෙනි උපසිරසි ගැන්වීම. අන්න ඒක නිසා පුංචි හරි ප්‍රතිචාරයක් දෙනවනම් මට වටිනවා.

මේක ඉතිං සටන් කලා පැත්තට බර ෆිලුමක්. රනින් මාෂල් ආට්, කුන්ග් ෆූ, නින්ජා , කෙන්ඩෝ, මුයිතායි සහ කික් බොක්සිං  වගේ සටන්  බලන්න කැමති අයට නම් කම්මැලිකමක් නැතිව එක දිගට බලාගෙන යන්න පුළුවං. පොඩි ආදර කතාවකුත් ඒ අස්සෙ නැතුවමත් නෙවෙයි. සරලව කිව්වොත් එලම වැඩ කිඩ තියන ෆිල්ම් එකක් මේක. ටිකක් විතර ඔන් බැක් ෆිල්ම් එක වගේ කියලත් හිතෙනව මේක.

හරි කතාව පැත්තට හැරුනොත්, මාෆියා කල්ලියක් ඉන්නව. මේක පාලනය කරන අය ටිකක් එකිනෙකා එක්ක තරහයි. තරහයි කියන්නෙ පවුල් අවුල් තමයි ඉතිං. මේකෙ වොන්ග් කියන පාලකයෙක් ඉන්නව. පොර තමන්ගෙ දුවව බැඳපු බෑනව අඩුගානෙ ගනන් ගන්නෙවත් නැති ඩයල් එකක්. ඉතිං මේ බෑන තමන්ගෙ තත්වෙ හදා ගන්න එක එක දේවල් කරනව. මොනවද කරන්නෙ කියල බලාගන්නකො.

තව මේකෙ ඉන්නව රනින් මාශල් ආට් කරන තමන්ගෙ ක්‍රීඩාව පතුරවන්න ඕන කරන ටීම් එකක්. මේ ටීම් එක එසේ මෙසේ එකක් නම් නෙවෙයි. මුන් ටීම් එකට කට්ටිය තෝරගන්නෙ පට්ටම ගේමකින්. ඔයාලම බලන්නකො ගේම. මුන් සෙට් එක පාරෙ ඉන්න දුප්පත් කොල්ලොන්ට ජිම් එකක් හදනව. ඒත් මේ මාෆියා කාරයො මේ ටීම් එකට මේකට ඉඩ දෙන්නෙ නෑ. ඉතිං වලි වලි වලි. ඔයාලම  බලන්නකො. මුන් ගහගෙන අන්තිමට හරි ජිම් එක දාවිද කියල. ඒ අස්සෙ ටීම් එකේ එකෙක් මාෆියා එකට සම්බන්ධ කෙල්ලෙක්ට ලව්. කෙල්ල නම් මුලින් කැමති වෙන්නෙ නැ.

එහෙනන් බලන්නකො අන්තිමටවත් දෙන්න සෙට් වේවිද, අර බෑනා කාරයට මාමණ්ඩි එක්ක මොකක් වේවිද, අරුන් ජිම් එක දාවිද කියල.

මේක බලල අපිට හොඳ ආදර්ශ ටිකක් එහෙමත් ගන්න පුලුවන් ජීවිතයට. එහෙනන් මේක පුළුවන් අය බාගෙන බලන ගමන් අදහස් එහෙමත් දාගෙන යමුකො. සුබ දවසක්!

 

The Great Challenge (2004) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

[$!N]Les_Fils_du_vent_FR.XViD
Yamakasi.2.-.Sons.Of.The.Wind.DVDRip.XviD-GoLeech
Yamakasi 2 – Les fils du vent.FRENCH.DVDRip.XviD-ANONYM (699.5 MB)

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කුලතුංග” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>