Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Ta Ra Rum Pum (2007) with Sinhala Subtitles |තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් මොනවද කරන්න බැරි [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Ta Ra Rum Pum (2007)

රාජ්වීර් සිං, ඇමරිකාවේ නිව්යෝක් නගරයේ වාසය කරන ඉන්දියානුවෙක්. රැකියාව විදිහට කරන්නේ ධාවන තරඟවලදී රේසිං කාර්වල ටයර් මාරු කරනවා. දවසක් රාජ්වීර් සිං ගොඩක් කලබලයෙන් ගමනක් යන්න ලෑස්ති වෙනවා. ඔහුට එකපාරම ටැක්සියක් හම්බවෙනවා. ඉතින් ඒ ටැක්සි රියදුරත් ඉන්දියානුවෙක්. ඔහුත් එක්ක වාද කරමින් ඉන්න කොට අහම්බෙන් වගේ තවත් ඉන්දියානුවෙක් මුණගැහෙනවා. ඒ ලස්සනම ලස්සන ගෑණු ළමයෙක්. ඉතින් මේ ටැක්සියේදි රාජ්වීර් සිංගේ ජීවිතය වෙනස් කරනවා. ඔහුගේ සිහින, ආදරය සැබෑවක් වෙන්න පටන් ගන්නවා.

ඒත් මේ ලස්සන ගෑණු ළමයගේ තාත්තා මේ ආදරයට කැමති වෙන්නේ නෑ. ඒත් ඒවා ගණන් ගන්නේ නැතුව මේ දෙන්නා විවාහ වෙනවා. මේ දෙන්නගේ පවුලට ලස්සනම ලස්සන හුරතල් දෙන්නෙකුත් එකතු වෙනවා. ඒත් කාලයත් එක්කම මේ පවුලට විවිධ ගැටළුවලට මුහුණ දෙන්න වෙනවා. ඒ ගැටළුවලට මුහුණ දෙන ආකාරය මේ චිත්‍රපටයෙන් ලස්සනට පෙන්නුම් කරනවා.

මේ චිත්‍රපටිය ගැන පොඩි හැඳින්වීමක් කළොත්, ඉන්දියාවේ විශාලතම චිත්‍රපට නිෂ්පාදනය කරන ආයතන අතරින් යාශ් රාජ් චිත්‍රපට ආයතනය විසින් ඉතාමත් විචිත්‍රවත්ව නිර්මාණය කළ චිත්‍රපටයක් ලෙස මේ චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරලා තියෙන්නේ 2007 අප්‍රේල් 27 වෙනිදා. ලොව පුරා ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව මිලියන 377 ක් පමණ උපයලා තියෙනවා. IMDB දර්ශකයේ 5.5 ක් පමණ ලැබී තිබුණත් මේ චිත්‍රපටයට ඊටත් වඩා හිමිවිය යුතුයි කියලයි මට හිතෙන්නේ. සයිෆ් අලී කාන්, රාජ්වීර් සිං නැත්නම් RV ලෙසත් රාණි මුඛර්ජි, රාධිකා ශේකර් රායි බැනර්ජි නැත්නම් ශෝනා ලෙසත් ප්‍රධාන චරිත වලට පණ පොවනවා.

ඇත්තෙන්ම කිව්වොත් මේ චිත්‍රපටය පවුලේ සැමට නරඹන්න පුළුවන් චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. ආදරය, සෙනෙහස, දුක, සතුට සියල්ල සමඟින් පවුලක් ගැටළුවලට මුහුණ ‍දෙන ආකාරය මේ චිත්‍රපටයෙන් දකින්න පුළුවන්. මේ මම හින්දි චිත්‍රපටයක් සඳහා නිර්මාණය කළ පළමු සිංහල උපසිරැසිය. ඉතින් අඩු පාඩු තියෙන්න පුළුවන්. කොහොම හරි මේ චිත්‍රපටයේ ඉතාමත් රසවත් ගීත කිහිපයක් ඇතුළත් වෙනවා. ඒ සියල්ලටම සිංහල උපසිරැසි දාලා දුන්නේ අපේ හින්දි විශේෂඥ හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්ත සොහොයුරා. ඉතින් ඔහුටත් විශේෂයෙන් ස්තූති කරනවා. ඒ උදව්ව මම ඉල්ලපු වෙලාවේ “හරි කරලා දෙන්නම් කියලා“ එක පයින්ම කැමති උනා. ඒ වගේම නරඹන ඔයාලගේ අදහසත් පල කරන ලෙස ඉල්ලා සිටිනවා. එහෙනම් තවත් ලස්සන චිත්‍රපටයකින් නැවත හමුවෙමු. ජය වේවා…!

 

Ta Ra Rum Pum (2007) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Tara Rum Pum 2007 Hindi DvDRip 720p x264 DTS…Hon3y

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>