Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Lives of Others AKA Das Leben der Anderen (2006) with sinhala subtitles |ද්‍රෝහියා ඔබයි [සිංහල උපසිරසි සමඟ]

$
0
0

The Lives of Others (2006)

මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ මේක ගේන්න ටිකක් ප්‍රමාද උන එකට. ඒ වගේම මම කලින් කරපු “ Goodfellas (1990) පාතාලයේ සොල්දාදුවා ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තුති කරපු හැම දෙනාටම ස්තුතිවන්ත වෙන්න මේක අවස්තාවක් කර ගන්නවා. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ඒ වගේම කමෙන්ට් වලින් ඉල්ලලා තිබුන විදියට තවමත් සබ් කරලා නැති IMDb වර්ගීකරනයට අනුව ලොව හොඳම චිත්‍රපට වලට සබ් දෙන එකේ තවත් එක උත්සාහයක ප්‍රතිඵලයක් තමයි මේ විදියට එලි දකින්නෙත්. ඒ වගේම ස්තුතිවන්ත වෙන්න ඕනෙ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් හැමදාම සම්බන්ධ වෙන නිහඬ සේවයක් කරන සමන් ප්‍රසාද් සහෝ ටත්.

මේකේ චිත්‍රපටියේ කතාව කියන්න කලින් ඒකේ පසුබිම ගැනත් ටිකක් කියලා හිටියොත් ඒක මේ චිත්‍රපටිය හොඳට රස විදින්න පහසුවක් වේවි කියලා හිතුන නිසා ඒ ගැනත් ටිකක් කියන්නම්.

දෙවෙනි ලෝක යුද්දෙදී ජර්මානු හමුදා පරාද කරලා සෝවියට් හමුදාව යටත් කර ගත්තු ජර්මනියට අයිති ප්‍රදේශය පස්සේ කාලක නැගෙනහිර ජර්මනිය එහෙමත් නැත්නම් GDR (German Democratic Republic / ජර්මානු ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය) කියලා වෙනම රටක් විදියට ගොඩ නැගුනා. එයාලගේ එකම අරමුන උනේ සැබෑ සමාජවාදය රජ කරන රටක් ගොඩ නගන එකයි. ඒත් ඒ වෙනකොට දෙවෙනි ලෝක යුද්දෙන් දිනපු අනිත් හමුදාවන් ( ඇමරිකන්, බ්‍රිතාන්‍ය, ප්‍රංශ හමුදාවන්) යටත් කරගෙන හිටිය ප්‍රදේශ බටහිර ජර්මනිය නමින් ධනවාදී ආර්ථික ක්‍රමයක් යටතේ බොහොම සුඛෝපභෝගිව ජීවත් උනා. මේ නිසා 1961 අවුරුද්ද වෙනකොට මිලියන 3.5ක විතර නැගෙනහිර ජර්මානු ජනතාවක් බටහිර ජර්මනියට පැනලා ඇවිත් තිබුනා. මේ විදියට තවත් මිනිස්සු පැනලා ගියොත් නම් තමුන්ට කරන්න රටක් ඉතුරු නොවෙන බව දැන ගත්තු නැගෙනහිර ජර්මානු පාලකයෝ කලේ එක රැයක් එලි වෙනකොට මුලු රට වටේම ලොකු තාප්පයක් බදින එකයි. ( Berlin Wall (බර්ලින් තාප්පය ) එහෙමත් නැත්නම් death strip කියලා අදටත් හදුන්වන්නේ මේ තාප්පයම තමයි. ) මේ තාප්පය නිසා එයාලට පුලුවන් උනා තවත් මිනිස්සු බටහිර ජර්මනියට පැනලා යන එක නතර කර ගන්න වගේම ඇතුලේ හිර උන මිනිස්සුන්ව දැඩි පාලනයක් යටතේ තියා ගෙන එයාලගේ අර සමාජවාදී හීනෙට ලගා වෙන්නත්. මොන විදියකින් හරි තාප්පෙන් එලියට පැනලා යන්න හදන මිනිස්සුන්ට වෙඩි තියලා මරලා දැම්මා වගේම ඒ වෙනකොට රටේ පැවතුන මේ අසාධාරණ පාලනයට එරෙහිව කතා කරන හැමෝවම දේශ ද්‍රෝහීන් හැටියට නම් කරලා දඬුවම් කරන්නත් එයාලා පසුබට උනේ නෑ. මේ දේශ ද්‍රෝහීන්ව අල්ල ගන්න වෙනම රහස් පොලීසියක් හිටියා. මේ පොලීසිය තමයි “stasi” (ස්ටාසී) එහෙමත් නැත්නම් නැගෙනහිර ජර්මානු රහස් පොලීසිය කියලා හදුන්වන්නේ.

අනුමාන කිරිම වලට අනුව මිනිස්සු 5000ක් විතර මේ තාප්පෙන් සාර්ථකව බටහිරට පැනලා ගිහින් තියනවා වගේම 138 දෙනෙක් ඒ උත්සාහ කිරීම් වලදී මැරුම් කාලා තියනවා. මිනිස්සු පැනලා යන්න පාවිච්චි කරපු විවිධ උපායන් ගැන වගේම බර්ලින් තාප්පෙත් එක්ක බැදුන තව විස්තර දැන ගන්න ආසයි නම් පොඩ්ඩක් අන්තර්ජාල ගතවෙලා බලන්න. එහෙනම් දැන් ඉතිහාස පාඩමෙන් පස්සේ අපි මේ චිත්‍රපටියේ කතාව ගැන කෙටියෙන් බලමු.

නැගෙනහිර ජර්මානු රජයේ ඉහලම තැනකින් නැගෙනහිර ජර්මානු රහස් පොලීසියේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ගෘබිට්ස්ට අතිශය රහසිගත මෙන්ම කිසිසේත්ම අසාර්ථක නොවිය යුතු මෙහෙයුමක් බාර දෙනවා. ලාස්ලෝ මෙහෙයුම ලෙස හදුන්වන මේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සදහා ලුතිනන් කර්නල් ගෘබිට්ස් යොදා ගන්නේ සිය පන්ති සගයා මෙන්ම එවකට රහස් පොලීසියේ සිටි අති දක්ශතම රහස් පරීක්ෂකයා උන කපිතාන් වීස්ලර්වයි. සියල්ල ඇරඹෙන්නේ සම්භාවනීය කලාකරු ඇල්බර්ට් ජෙරේස්කාගේ හදිසි සියදිවි නසා ගැනීමත් සමගයි. ඒත් සමගින්ම සියල්ලම උඩු යටිකුරු කරවමින් බටහිර ජර්මනියේ පලවන සගරාවක් මගින් නිර්නාමික පුද්ගලයකු විසින් රචිත නැගෙනහිර ජර්මානු රජයේ අතිශය රහසිගත සංඛ්‍යාලේඛන වාර්තාවක් හෙලිදරව් කෙරෙනවා. අවසානයේ කුමකින් කුමක් සිදු වේවිද? කපිතාන් වීස්ලර් සිය මෙහෙයුම සාර්ථකව අවසන් කරාවිද? නිර්නාමික ලිපිය පසු පස හඹායන ලුතිනන් කර්නල් ගෘබිට්ස්ගේ තීක්ෂණ ඉවට ද්‍රෝහියා හසු වේවිද? මේ සියල්ලක්ම මැද රහසිගතව දිව යන අමාත්‍ය හෙම්ෆ්, සුරූපී නිලි ක්‍රිස්ටා මාරියා සීලන්ඩ්, ජනප්‍රිය නාට්‍ය රචක ගියෝ ඩ්‍රේමන් ගේ තුන් කොන් ආදර අන්දරයට කුමක් සිදු වේවිද? අනිවාර්යයෙන්ම අවසානය ඔබ විමිතියට පත් කරාවි.

IMDb වර්ගීකරනයට අනුව ලොව හොදම චිත්රපට 250 අතුරින් 57 වන ස්තානයේ වැජඹෙන rotten Tomatoes වර්ගීකරනයේ 93% ක් ලබාගත් ඔස්කාර් සම්මානයක් ඇතුලු තවත් සම්මාන 75ක් හා නිර්දේශවීම් 32 කට හිමිකම් කියන මේ සුපිරි චිත්‍රපටිය නොබැලූ දෑස් කුමට? කෙසේ වෙතත් අවසානයේ සැබෑ දේශ ද්‍රෝහීන් සොයා ගැනීමේ වගකීම ඔබටම බාර කරමින් මේ සුපිරි චිත්‍රපටිය නරඹන්නට ආරාධනා කරනවා.

“ ඔබට කිසිදා සත්‍ය වෙනස් කල නොහැකිය….

නමුත් සත්‍යයට ඔබව වෙනස් කල හැකිය…. ”

ප.ලි.

මම සාමාන්‍යයෙන් උපසිරැසි නිර්මානය කරන්නේ දෙබස් කහ පාටින් සහ අනෙකුත් විශේෂ යෙදීම් ලා කොල පාටින්. මේ විදියට පාට යෙදුවාම කලු පාට පසුබිමේදී සාමාන්‍ය සුදු පාට උපසිරැසි වලට වඩා ඒක ටිකක් දකින්න පහසුයි වගේ දැනුන නිසායි මම ඒ විදියට පාට යෙදුවේ. පුලුවන් කමක් තියනවා නම් චිත්‍රපටිය නැරඹුවාට පස්සේ හරි මේ ගැන අදහසක් කමෙන්ට් කරන්න පුලුවන් නම් උපසිරැසි වල ගුණාත්මක බව වැඩි කර ගන්න ඒක මට උදව්වක් වේවි.

IMDb වර්ගීකරනයට අනුව ලොව හොදම චිත්‍රපට 250 අතුරින් 63 වන ස්තානයේ වැජඹෙන American Beauty (1999) චිත්‍රපටයේ සිංහල උපසිරැසියත් සමඟ නැවත හමු වෙමු.

The Lives of Others (2006) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

the.lives.of.others.2006.1080p.bluray.dd5.1.hevc.x265

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>