ආයෙමත් සුපුරුදු විදිහට ස්කොපියන් කතා මාලාවේ කොටසක් අරගෙන එන්න පුළුවන් උනා. පහු ගිය සතියේ රාජකාරිමය වැඩ වගේම නොහිතපු ගැටළු කිහිපයක් වෙනුවෙන් කාලය වෙන් කරන්න සිද්ද උන නිසා ස්කොපියන් කොටස අරගෙන එන්න බැරි උනා. ඇත්තටම චමල් මල්ලිට ගොඩක් ස්තුති කරන්න ඕනා මැසේජ් එකකින් අහපු ගමන් අමතර පන්ති ගොඩක් මැද්දේ හා අයියේ කරන්නම් කියලා බාර අරගෙන මම වෙනුවෙන් ඒ කොටස අරගෙන ආවට. මම කරනවට වඩා හොදට ඒ කොටස තියන්න ඇති කියලා හිතනවා.
24 ලෙගසි එකට කලින් මේක කරලා ඉවර කරනවා කියලා කලින් කිවත් ඊයේ හවස් වෙනකන්ම මේකට ඉංග්‍රීසි උප සිරසියක් ඇවිත් තිබුනේ නැති නිසා කලින් ආපු ඒ කතාවේ උපසිරැසිය කරලා මේ කොටස අරගෙන එන්න සිද්ද උනා. ඉදිරි සති වලදීත් එහෙම වෙයි කියලා හිතනවා මොකද ඇත්තටම මේ කතා මාලාවේ උපසිරසි කරන එක ගොඩක් අමාරුයි විද්‍යාත්මක කතා බහ වැඩි නිසා. මුලින් මේක කරන්න ගත්තොත් ඒ කතා මාලාව දෙන්න ගොඩක් පරක්කු වෙනවා. අනිත් එක ඉතින් දැනට සදහන් වෙන විදිහට මේ කතා මාලාවේ මේ කොටසින් පස්සේ තව කොටස් 3ක් විතරයි විකාශය වෙන්න තියනවා කියන්නේ. එහෙම වෙන්න එපා කියලා හිතන ගමන් 16 වෙනි කොටස දිහාට යමු.
ඇත්තම කියනවනම් මම චෙස් ගැන මොනවත් දන්නේ නැ. අද කතාව ගොඩක් චෙස් සම්බන්ද දේවල් සම්බන්ද වෙලා තියනවා. ඒ සමහර දේවල් කියන දේවල් නොගැලපෙනවා නම් ඒ මගේ චෙස් සම්බන්ද දැනුම දුර්වල නිසා කියන එක නම් කියන්න ඕනා. කතාවට පුළුවන් උපරිම සාධාරණයක් කළා කියලා හිතනවා. ඇමරිකන් භූමියෙන් පිට වෙනත් රටක චෙස් ශුරියක් ඇමරිකාව වෙනුවෙන් CIA ආයතනය වෙනුවෙන් ඒ රටේ ඔත්තු බලනවා. කොහොමහරි මේ රටේ ඇයට ඒ තොරතුරු කාන්දු වෙලා රහස් නියෝජිතයන්ගේ නම් කේතනය කරපු ෆයිල් එකක් ඒ රටේ ඔත්තු සේවයට ලැබිලා තියනවා අද ස්කොපියන් කණ්ඩායමට සිද්ද වෙන්නේ ඒ රටට ගිහින් අර ෆයිල් එක විකේතනය කරන්න කලින් අර ඔත්තු බලපු මේ චෙස් ශුරිය රටෙන් එලියට අරන් එන එක හැමදාම වගේ මොනවහරි කරන්න ගියහම කරදර ඔවුන්ව හොයාගෙන එනවනේ. අද කොහොමද ඒවාට මුහුණ දීලා ඒවගෙන් බේරෙන්නේ කියලා එකතු වෙලාම බලන්න.
තව දෙයක් ඉල්ලනවා. මේ කතාව වගේම 24 ලෙගසි එකත් බලන්න වටිනාම කතාවක් වගේ , 24 කතා මාලාවට කැමති නම් ඒ කතා මාලාව එක්කත් එකතු වෙන්න. එහෙමනම් ගිහින් එන්නම්.
ජය හා සතුට!
Due to copyright issues, we do not provide any torrent links.
Scorpion.S03E16.HDTV.x264-FLEET[PRiME]
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
978 downloads
<< Previous Episode All Episodes Next Episode >>