ඔයාල හැමෝම බලලා ඇතිනේ a walk to remember, notebook, dear john වගේ සුපිරි ආදර කතා. ඒ වගේම සුපිරි ආදර කතාවක් තමා pride and prejudice කියන්නේ. ආදර කතා වලට ආදරේ කරන හැමෝම නැරබිය යුතුම ෆිල්ම් එකක් කියල මම නිර්දේශ කරනවා.
මේ ෆිල්ම් එක jane austen ගේ pride and prejudice(1813) කියන නවකතාව ආශ්‍රයෙන් තමා හදල තියෙන්නේ. ඒ පොතට ෆිල්ම් එක උපරිම සාධාරණයක් කරලා තියෙනවා කියල කියන්න පුළුවන්. මිලියන 20කට වඩා පිටපත් ගානක් අලෙවි උන ලස්සනම් ලස්සන පොතක් ඒක. ඔයාලම හිතාගන්නකෝ ෆිල්ම් එක කොහොම ඇතිද කියල එතකොට.
මේ ෆිල්ම් එක joe wright තමා අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. ප්‍රධාන චරිතයට පණ පොවන්නේ keira knightley. ඔයාලට මතක ඇතිනේ the imitation game, pirates of the carribean, king arthur ෆිල්ම් වල දැකපු ලස්සන කෙල්ල. එයාගේ දක්ෂ රංගනය ඇතුළුව තවත් සම්මාන 4කට 2006 දි මේ ෆිල්ම් එක නිර්දේශ වෙනවා ඔස්කාර් සම්මානයට. චිත්‍රපටිය රූපගත කරලා තියෙන්නේ බොහොම ලස්සන පරිසරයක. ඒකත් මේ ෆිල්ම් එකේ විශේෂ දෙයක්. ගොඩක් ලස්සන දර්ශන ඇතුලත් වෙනවා. මතකනේ sound of music වල පසුතල වල තිබුන ලස්සන, ඒ තරම් නැතත් මේ ෆිල්ම් එකටත් භාවිතා කරලා තියෙන ලස්සන පරිසරය ලොකු වටිනාකමක් එකතු කරනවා. සංගීතයත් එහෙම තමා. ෆිල්ම් එක පුරාම ලස්සනට ගලාගෙන යනවා. imdb 7.8 අගයක් තියෙන මේ ෆිල්ම් එක විනාඩි 127 පුරා දිවෙනවා. ඒ මුළු කතා කාලය පුරාම කිසිම කම්මැලිකමක් නැතුව ආසාවෙන් බලන් ඉන්න පුළුවන් ෆිල්ම් එකක් තමා මේක. එලිසබෙත් බෙනට් කියන ලස්සන ගෑනු ළමයා වටේට තමයි මේ කතාව ගෙතෙන්නෙ. මම ෆිල්ම් එක ගැන කිසි දෙයක් කියන් නැ. ඔයාලම බලන්නකෝ. කාලෙකින් බලපු සුපිරිම ෆිල්ම් එකක් වෙනවා මේක.
මේක මගේ පලවෙනි උපසිරසි ගැන්වීම. ඒ නිසා ගොඩක් වැරදි ඇති, මම ගොඩක් උත්සහ කරා ඔයාලගේ රසවින්දනයට හානියක් නොවෙන්න සබ් එක හදන්න. ඒත් වැරදි ඇති ගොඩක්, ඒකට සමාවෙන්න.
Due to copyright issues, we do not provide any torrent links.
Pride.and.Prejudice.2005.720p.BluRay.x264-NeZu
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
265 downloads