Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Pandora (2016) with Sinhala Subtitles |න්‍යෂ්ටික බලාගාරය. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

pandora (2016)ආයුබෝවන්!
කොහොමද ඉතින්?ඔන්න මම අද අරගෙන ආවෙ මම වගේම හුඟක් දෙනා බලාගෙන හිටපු චිත්‍රපටියක් අරගෙන.මං හිතනවා ඔයාලා ”The Himalayas” චිත්‍රපටියට කැමති වෙන්න ඇති කියලා.ඉතින් අද ගෙනාපු චිත්‍රපටිය 2016 ආපු චිත්‍රපටි අතරින්
මට නම් හොඳම 05 අතරට තියෙනවා. මොකද කියනවනම් මේක හුඟක් සංවේදීයි වගේම හිතාගන්නවත් බැරි විපතක් ගැන කතාවක් නිසා.ඉතින් මේ චිත්‍රපටිය 2016 දෙසැම්බර් 07 තමයි තිරගත වීම ආරම්භ කෙරුනේ.බොක්ස් ඔෆිස් වාර්තා අතර තියෙන මෙය ඇ.ඩොලර් මිලියන 31.4 ක ආදායමක් උපයගෙන තියෙනවා.මම මේ ලිපිය ලියන වෙලේ imdb 6.6 ක් ලබාගෙන තියෙන මෙය අයත් වෙන්නෙ Drama/Disaster ගණයට.ඒ කියන්නෙ නාට්‍යමය සහ ව්‍යසන කියන ගණයට.කතාව යන්තම් කියන්නම්..
ජේ හ්යොක් (Kim Nam-Gil) ජීවත් වෙන්නෙ එයාගෙ අම්මයි (Kim Young-Ae), නෑනයි (Moon Jeong-Hee) නෑනගෙ දරුවා මින් ජේ (Bae Gang-Yoo)ත් එක්ක කොරියාවෙ තියෙන පොඩි නගරෙක.මෙයා න්‍යෂ්ටික විදුලි බලාගාරෙ වැඩ කරන ගමන්ම යාළු වෙලා ඉන්නෙ යොන් ජූත් (Kim Joo-Hyun)එක්ක.මෙයාගෙ තාත්තවයි අයියවයි ඒ බලාගාරෙදිම කලින් වුණ න්‍යෂ්ටික කාන්දුවකට අහු වෙලා නැතිවෙලා.මෙයා එතන අකමැත්තෙන් වෙන කරන්න දෙයක් නැති නිසයි වැඩ කරන්නෙ.
ඔය අතරම ප්යොන්ග් සබ්(Jung Jin-Young) වැඩ කරන්නෙත් ඒ බලාගාරෙමයි.එයා එතන තියෙන තත්වෙ යහපත් නැති වග දැනගෙන කොච්චර රජයට දැනුම් දුන්නත් මෙයා කියන දෙයක් අහන්නෙ නෑ.මෙයාව ගනන් ගන්නෙවත් නෑ.මේ වෙලාවෙදිම මේ නගරෙ භූමිකම්පාවක් ඇති වෙනවා..මේ වෙනකොට ජේ හ්යොක් න්‍යෂ්ටික බලාගාරෙම වැඩ කරගෙනයි ඉන්නෙ. එතනදි වෙන සිදුවීම් වගයක් නිසා බලාගාරෙන් න්‍යෂ්ටික විකිරණ කාන්දුවක් වෙනවා.මේක කොච්චර අළුත් වැඩියා කරන්න ඕනෙ වුණත් බය නිසා කිසි කෙනෙක් යන්නෙ නෑ.
ඔය අතරම මේ විකිරණ එන්න එන්නම පැතිරෙන නිසා ජනාධිපති (Kim Myung-min.. detective k චිත්‍රපටියෙ පරීක්ෂක) තීරණය කරනවා ඒ අවට ජනතාව අයින් කරන්න.ඒත් එක්කම බලාගාරෙ කොටසක් පුපුරනවා.මේකෙන් එතන වැඩ කරන අයව විකිරණ වලට අහු වෙනවා.ඒත් ඇතුලෙ තියෙන එක තැනක පළුද්දක් අළුත් වැඩියා නොකලත් මුළු බලාගාරෙම පුපුරනවා.ඒක පිපිරුවොත් මුළු රටම අවුලක වැටෙනවා.මේ වෙනකොටත් පාරවල් හිර වෙලා.එක කෙලියක් වෙනවා.ජේ හ්යොක්ගෙ ගෑණු ළමයා ජේ හ්යොක්ගෙ අම්මවයි නෑනවයි ලමයවයි ගමේ කට්ටියකුයි අරගෙන ඈතකට යන්න උත්සහ කරනවා.

ඒත් හැමතැනම අවුල් විතරමයි.රටම කලබල වෙලා මිනිස්සු පිරිලා අනන් මනම් සීන් ගොඩයි.මෙයාලට බේරෙන්න පුළුවන්ද?බලාගාරෙ පුපුරන්නෙ නැතිවෙයිද?ඉතින් මං කියන්නෙ ඔයාල බලන්න.අනිවාර්යෙන්ම බලන්න කියලා ඉල්ලනවා මම.ඒ තරම්ම වටිනවා.කොරියානු චිත්‍රපටි නොබලන කෙනෙක් වුණත් කැමති වේවි.

ඒ වගේම මේකෙ hd කොපිය හොඳම කොපියක් තියෙන්නෙ ඒ නිසා.කිසි අවුලක් ගන්න ඕනෙ නෑ.ෆිලුම පුළුවන්නම් අඬන්නෙ නැතුව බලන්න.එච්චරකට සංවේදීයි.

එහෙනම් මං අදට ගිහින් එන්නම්.තවත් මේ වගේම සුපිරි ෆිලුමක් අරගෙන.

 

බුදු සරණයි!

 

Pandora (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Pandora.2016.720p.HDRip.950MB.Ganool.li.mkv
Pandora.2016.KOREAN.1080p.WEBRip.x264.AAC2.0-FGT

 

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>