05 කොටස
ඔන්න අවසානයට හරන්ග් පිහිටුවන්න රැජිණට පුලුවන් වෙනවා. රටේ සිටින කුලවත් බලවත් සියලුම දෙනාගේ පුතුන් එයට සහභාගි වෙනවා. ආරම්භක උත්සවේදි රජතුමාත් හරන්ග්වරු අතර සිටින බව දුටුවම රැජිණ බොහොම පුදුම වෙනවා. රැජිණ එයට විරුද්ධ වුනත් ජෙනරාල්ගේ සිතුවිල්ල වන්නේ හරන්ග් වරු තුලම සිටීම රජුට ආරක්ෂිත බවයි. ඉතින් රැජිණ එයට අවසර දෙනවා. හරන්ග්වරුන්ගේ පලමු දිනය බොහොම විනෝදයි වගේ. වි හ්වා ගුරුතුමා ඔවුන්ව පුහුණු කරන්න යන්නේ වෙනස්ම ක්‍රමයකට. ඔවුන්ට ලැබෙන පලමු අවස්ථාවෙන්ම එය හොඳින් පැහැදිලි වෙනවා...
අදාළ පිටපත්
Hwarang.E05.170102.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E05.170102.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E05.170102.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E05.XviD-WITH-iPOP-BarosG-LIMO
06 කොටස
ඔන්න හරන්ග් නිවසේ පලමු දවස ආරම්භ වෙනවා. මෙන්න තරහකාරයො දෙන්නා එකම කාමරේක. ලස්සන එකතුවක් තමයි ඒ කාමරේ තියෙන්නේ. තමන්ගේ කුලයෙන් හිස උදුම්මගෙන ඉන්න බන්රු කැමති වෙන්නෙ නැහැ සියොන් වූ තමන් සමග එකට සිටීම ගැන. ඉතින් හැකි හැම විටම ඔහුව තරහගස්සනයි බන්රු උත්සහ කරන්නේ. කොච්චර ඉවසගෙන හිටියත් අන්තිමට බන්රුට පුලුවන් වෙනවා සියොන් වූ තරහගස්සවා රණ්ඩුවකට පටල ගන්න. එහි අවසන් ප්‍රතිපලය වෙන්නේ සියලුම දෙනා දෙපැත්ත බෙදී සටන් වැදීමයි. නමුන් කඩවසම් යෝ වුල් මේ කිසිවකට සහභාගි නොවී එහි නරඹන්නෙකු වෙනවා. පලමු දිනයෙම් ඇතිවුන මේ කලබලය නිසා වි හ්වා ගුරුතුමා බොහොම කෝප වෙනවා. ඉතින් දැන් ඔහු සෝනුට දෙන දඬුවම මොකක් වෙයිද…
අදාළ පිටපත්
Hwarang.E06.170103.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E06.170103.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E06.170103.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E06.XviD-WITH-iPOP-BarosG-LIMO
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
132 downloads