ඔන්න මම තවත් මලයාලම් ෆිලුමක් අරන් ආයෙත් ආවා.මේක අයිති වෙන්නේ Adventure,Drama කියන ප්‍රභේද වලට.ගොඩක් ජනප්‍රිය වුන මලයාලම් ෆිල්ම්වල රඟපාපු Dulquer Salmaan මේකට ප්‍රධාන රංගනයෙන් දායකවෙලා තියෙනවා.ආදර කතාවක් මේකේ අන්තර්ගත වුනත්,සාම්ප්‍රදායික ආදර කතා වලින් ඔබ්බට ගිය ෆිලුමක් කියලා කියන්න පුළුවන්.කේරලය,ආන්ද්‍රා ප්‍රදේශ්,කර්ණාටක ඇතුළු ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම මේකේ රූගත කිරීම් සිදු කරලා තියෙනවා.තරුණ වාමාංශික දේශපාලනය,ආගම-ජාතිය ගැන මිනිස්සු පටු විදියට හිතන්න ගිහින් ඒකෙන් ඇතිවුණු සමාජ බලපෑම් වගේ සමාජ පැතිකඩයන් ෆිලුම පුරා දකින්න තියෙනවා.
කාසි කියන්නේ ඉංජිනේරු ශිෂ්‍යයෙක්.මෙයා කේරලයේ ඉඳන් ඊසානදිග ඉන්දියාවේ තියෙන නාගලන්ඩ් වලට බයික් එකේ යද්දී මෙයාට මුහුණ පාන්න වෙන දේවල් එක්ක තමයි ෆිලුම ඉස්සරහට යන්නේ.කාසි එක්ක එයාගේ යාළුවා සුනී මේ ගමනට එනවා.මෙයාලා යන්නේ කාසිගේ පෙම්වතිය හොයාගෙන.මෙයාලට කොලේජ් එකේදී මුහුණපාන්න සිද්දවුන සිද්දිත් ෆිලුමේ තියෙනවා.ඉතින් මේ දෙන්නට මේ ගමනේදී මොන වගේ මිනිස්සු මුණගැහෙයිද? කාසිට එයාගේ පෙම්වතිය මුණගැහෙයිද? එයා කාසිව දාල යන්න හේතුවුනේ මොන වගේ සිද්දියක්ද? මේ දේවල් ඔයාලට ෆිලුම බලද්දී එකින් එක දැනගන්න පුළුවන් වෙයි !
මේකේ නියම මලයාලම් නම තමයි,’Neelakasham Pachakadal Chuvanna Bhoomi’ කියන එක.ඒත් IMDb එකේ තියෙන්නේ ඉංග්‍රීසි පරිවර්තිත නම-‘Blue Skies,Green Waters,Red Earth’ කියන එක.චේ ගුවේරාගේ තරුණ කාලයේ සිද්දි ඇතුලත් කරලා හදපු The Motorcycle Diaries කියන ෆිලුමේ ආභාෂය මේකට ලැබිලා තියෙනවා කියලා තමයි කියැවෙන්නේ.මේක මගේ හයවෙනි උපසිරැසි ගැන්වීම.මේ ෆිලුම බලලත් ඔයාලට වෙනස්ම අත්දැකීමක් ලබාගන්න පුළුවන් වෙයි ! ඒ වගේම ෆිලුම බලලා සබ ගැන හිතෙන ඕනෙම දෙයක්-යෝජනාවක්,චෝදනාවක්,දිරිගැන්වීමක් පල්ලෙහායින් කොමෙන්ටුවක් විදියට දාගෙන යන්නත් අමතක කරන්න එපා !
තවත් ෆිලුමකින් අපි ආයෙත් හමුවෙමු !
ඔබට ජය !
Due to copyright issues, we do not provide any torrent links.
Blue Skies, Green Waters, Red Earth (2013) [Neelakasham Pachakadal Chuvanna Bhoomi]
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
205 downloads