Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Into the Badlands [S02:E01] with Sinhala Subtitles |නැවතත් සිටු වරුන්ගේ රුදුරු බිමට [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Into-the-Badlands-(TV-Series-2015)-2

2015 දෙසැම්බර් 20 වන දින අවසන් වූ පළමු කතා මාලාවෙන් පසු ඔන්න නැවතත් into the badlands කතා මාලාවට ආදරය කරන සැමට දෙවනි කතා මාලාවේ විකාශය ඊයේ දි‍නයේ AMC නාලිකාව අරඹනු ලැබුවා. පලමු කතා මාලාවට කතාංග 6ක් ඇතුලත් උනත් දෙවනි කතා මාලාව සදහා කොටස් 10ක් එකතු කර තිබෙනවා මූලු කතා මාලාවටම අගය 8.1ක අගයක් ගෙන තිබෙනවා සහ අද කතාංගයට 9.2ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.

Action, Adventure, Drama යන අංගයන් වලට කාණ්ඩ කර ඇති මේ කතා මාලාව සටන් ජවනිකා වලින් පිරුණු කතා මාලාවක් බව බලපු අයනම් හොදා කාරව දන්නවා. මේ දෙවනි කථා මාලාවෙත් පටන් ගත්ත වෙලේ ඉදන් කපා කොටා ගන්න ඒවනම් ඉතින් නොඅඩුව තියෙනවා. ඉතින් කලින් කතා මාලාවේ අවසානය ගැන ටිකක් හැරිලා බලමු මතක් කර ගන්නත් එක්ක. සනී සහ එම්.කේ හදන්නේ රුදුරු බිමෙන් පැනලා යන්න. රුදුරු බිමෙන් යන්න තියෙන එකම ක්‍රමය වන නැවකින් පැනලා යන්න කමයි සැලැස්ම වෙන්නෙ. ඒ වගේම ‍කුයින් සිටු තමාගේ දෙවනි බිරිද ජේඩි ගේ කුමන්ත්‍රණයක් නිසා කුයින්ගේ පළමු බිරිද මන්දිරයෙන් පන්නනවා. ඒ කියන්නෙ රයිඩර්ගේ අම්මව .ඇය නැවතත් තම පියා ළගට යනවා. කොහොම හරි රයිඩර් තමන්ගේ තාත්තට ද්‍රෝහි උනා මතක ඇතිනේ. ඒ කියන්නෙ කුයින් සිටු තුමාට.ඔහු ‍ජේකබ් සිටු තුමත් එක්ක කුමන්ත්‍රණය කරනවා වගේම සනී අතින් කුයින් සිටු තමා මිය යනවා පෙන්නුවත් මතක ඇතිනේ. ඔය වගේ අය ඉතින් ගලේ ගහලවත් මරන්න බෑනේ. තේරෙනවනේ ඉතින් කියපු දේ. අන්තිමට පෙන්නුවා යම්කිසි පූජකවරු තිදෙනෙක් ඇවිත් එම්.කේ ව අරන් යනවා. අපිට හිතන්න පුළුවන් ඔහුගේ කලින් ගෙදරට සම්බන්ධයක් ඇති අය ඇවිත් ඔහුව අරන් යනවා කියලා. නැතිනම් ඔහුගේ බලය පාලනය කර ගන්න උගන්නන තැනකට වෙනන්ත පුලුවන්. ඒවට උත්තර ඉතින් අද කොටසේ තියනවා. අවසානම විදිහට පෙන්නුවේ සන් ව නැවේ ලොක්කා අල්ල ගන්නවා. සහ සනීට කාලෙක ඉදන් අවශ්‍යව තිබුණු රුදුරු බිමෙන් පලා යාම අවසන් වෙන්නෙ ඔහු හිර කරුවෙක් වීමෙන්.එමෙනම් දෙවනි කතා මාලාවේ පළමු එපියත් එක්ක එකතු වෙන්න

තවත් කියෙනන් දෙයක් තියෙනවා කතාව AMC නාලිකාවේ මෙය විකාශය වෙන්නෙ ඉරිදා. ඉතින් ටොරන්ට් වැටෙනකොට සදුදා දවල් 1,2 වෙනවා. පස්සෙ සබ් එක එන්නත් ගොඩක් පරක්කු වෙනවා. මේක ආවෙත් හවස 5 විතර ඉතින් පුලුවන් ඉකිමන්ට දෙන්න උත්සහ කරනවා.

එහෙනම් ගිහින් එන්නම් රස විදින්න ඔබට ජය.

Into the Badlands (2015– ) on IMDb

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Into the Badlands – 02×01 – Tiger Pushes Mountain.SVA.English.C.orig.Addic7ed.com(2)

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>