දෙවැනි සිසක් එකට පස්සේ අපිට ප්‍රොමෙතියස් වගේ දුෂ්ඨයකේ නම් හම්බවුනේ නැ. ඉතින් ලොකුම රහස වුන ප්‍රොමෙතියස්ගේ රහස අපි වගේම ඔලිවර්ගේ ඇරෝ ටිම් එකත් දැනගත්තා වගේම ඒඩ්‍රියන්ට නිදහසේ එයාගේ චරිත දෙකම කරගෙන යන්න පුලුවන් වුනා.
මුලින්ම අර පරණ සිද්ධියි වර්ථමානයයි අතර ගැලපිම ගැන අපි කතා කරමු. මොකද අතිතයේ ඔලිවර්ට සටන් පුහුණු කරපු ටලියා ප්‍රොමෙතියස් එක්ක එකතුවෙලා ඔලිවර්ට විරුද්ධව වැඩ කරන්න පටන්ගෙන කියලා අපිට දැනගන්න ලැබුනානේ. කලින් කොටසේදි එයාගේ අතිතය ගැන කියවුන දේවල් වල පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. විශේෂයෙන්ම එයා රාස් අල් ගුල්ගේ දුව වුන එක. හැබැයි ඉතින් ඒ දේ නිසා අපිට හොදටම පැහැදිලි වෙනවා ටලියානා ඇයි චේස් එක්ක එකතු වෙලා ඔලිරවර්ට විරුද්ධව වැඩ කලේ කියලා. මොකද ඔලිවර් තුන්වෙනි සිසන් එකේදි රාස් අල් ගුල්ව මරලා දැම්මානේ. හැබැයි ඉතින් එයා දැන් වර්ථමාන කතාවේ ඉන්න එකේ වැදගත්කමක් නම් මට නම් පේන්න නෑ. සමහර විට ඉස්සරහට එන කොටස් වලදි එයා වැදගත් චරිතයක් වෙන්නත් පුලුවන්නේ.
අනිත් අවුල් දේ තමයි අර ෆෙලසිටි බැදුන කණ්ඩායම. අනිවාර්යයෙන්ම ෆෙලසිටිට පැන්ඩොරා එකෙන් බලය වගේම ඕනි හැම දත්තයක්ම දෙනවා අතුරුදහන් වුන අය හොයාගන්න විස්තර වගේම තව ගොඩක් දේවල්. ඒත් මේ වගේ දෙයක් මේ සිසන් එකේදි අපිට ඕනි වෙන්නේ ඇයි? මේකෙන් වෙන්නේ නිකන් ඔලිරවර්ගේ අලුත් කණ්ඩායම බාල්දු වෙනවා වගේ වැඩක්නෙ නේද? ඇරෝ ටිම් එකට නරක අය අල්ලාගන්න වෙන විදියක් ලියන්න කතාවේ රචකයන්ට ඉඩ තිබුනා. මොකද තාක්ෂණයයි හැකින් වැඩයි මේ කතාවට එච්චරටම ගැලපෙන්නේ නැති නිසා. අනික ෆෙලසිටි පෙන්නන හැමවෙලේම මොකක් හරි අවුලක් වගේ දැනෙන්න පසුබිම් සංගිතය පවා වෙනස් වෙනවානේ.
කොහොම වුනත්, ගිය සතියේ කොටස නම් තවත් හොද කොටසක් වුනා. චේස්ගේ චරිතය නම් දැන් ගොඩක් ඉස්මතුවෙලා පේනවා. අනික එයා හැමවෙලේම ක්වෙන්ටන් ලග පාත ඉන්න එකත් අමුතුම දෙයක්. කොහොම වුනත් එයා CW එකේ දුෂ්ඨයන්ගේ ලිස්ට් එකේ හොද තැනකට ඒවි. එයා වගේ සංසුන්ව, බය හිතෙන විදියට හොරෙන් එන එක තමයි මේ සිසන් එකට ඕනි දේ. මොනවා වුනත් චේස්ගේ චරිතයේ කොටස නම් මේ ලගකදි ඉදන් ගොඩක් හොදට ලියවිලා තියෙනවා. රාස්ගෙයි ඩාර්ක්ගෙයි චරිත අපේ හිත්වලට ගොඩක් ගියා වුනත් ඒ කවුරුවත් ප්‍රොමෙතියස් වගේ දේවල් කලේ නෑ. ඒ වගේම කියන්න ඕනි ඉස්සරහට ප්‍රොමෙතියස් ප්‍රධාන චරිතය වෙලා එන්න තියෙන කොටස් වලින් පළවෙනි කොටස තමයි අපි ගිය සතියේදි දැක්කේ.
ඉතින් මේ සතියේදි ප්‍රොමෙතියස් ඔලිවර් එක්ක මොන වගේ දෙයක් කරයිද? ඔලිරව්ට ප්‍රොමෙතියස්ගෙන් බේරෙන්න පුලුවන් වෙයිද? තව කී දෙනෙක්ට මැරෙන්න වෙයිද? ඒ හැමදෙයක්ම දැනගන්න අපි අද කොටස බලලා ඉමු… . ^_^
මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !
Due to copyright issues, we do not provide any torrent links.
Arrow.S05E17.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1415 downloads