ඔන්න එහෙනම් මේ ගොඩවෙන්නේ සුපුරුදු මාවල් Netflix ටෙලි කතාමාලාවක් සමගයි. මේ සීරිස් විශේෂයක් තියෙනවා. මොකද මෙයා තමයි Defenders කතාමලාවෙහි අවසන් සාමාජිකයා. මට නම් පුද්ගලිකවම කතාව මාර විදිහට හිතට ඇල්ලුවා හරියට Daredevil ගානටම වගේම Jessica Jone හා Luke Cage එක්ක බලද්දී මේක නම් දාහෙන් සම්පතක්. නමුත් මේක පොඩ්ඩක් හැලහැප්පීම් වලට ලක් වෙච්ච සීරිස් එකක් උනා. ඒ මොකද කිව්වොත් කුණු තක්කාලි දර්ශකයේ අගය අඩුවෙන් ලැබුණේ. අනික IMDb දර්ශකයේ අගයත් දැන් 8.1/10 දක්වා අඩු වෙලා තියෙනවා. අනික මේ වෙද්දී බොහෝ දෙනෙක් කතා වෙනවා මෙතෙක් නිර්මාණය වුනු චාටර්ම කොමික් බෙස්ඩ් එක මේක කියලා. ලංකාවේ උන්දලා නෙවෙයි ඉතින්. පිටරට අය. අපේ අය නිකන් පැති වලට බෙදිලා රණ්ඩු උනාට ඒ මිනිස්සු කියන දේවල් වලට පුළුල් අර්ථයක් තියෙනවා.
කලින් කොටසේ මතක ඇතිනේ වෝඩ් වගේම ජෝයි එකතු වෙලා ඩැනී ව පිස්සන් කොටුවකට ගිහින් දැම්මා. එතන හෙන විකාර ගොඩක් සිද්දවුණේ. හැරල්ඩ් කාරයාට හැමදේම දැනගන්න ඕන වුණේ. මේ නිසා මෙයා ගිහින් ඩැනී ගෙන් හැමදේම විස්තර අහගත්තා අර හිමාලයේ ගුවන්යානා අනතුරින් පස්සේ වුණේ මොකක්ද කියලා. හැරල්ඩ් ඇයි අර උස ගොඩනැගිල්ලක එලියට නොයා ඉන්නේ කියන එක නම් තාමත් අභිරහසක්. ඩැනී ට එලියට යන්න බැරි වුනා මොකද එයාට එයාගේ බලය ලබාගන්න බැරි වුනා ඒ පිස්සන් කොටුවෙන් එයාට මත්වෙන බෙහෙතුයි එක එක විකාර බෙහෙතුයි බලෙන්ම දුන්න නිසා. මේ නිසාමයි එයා කොලීන්ට කතා කලේ. නමුත් කොලීන් උදව් කරන එක ප්රතික්ෂේප කලා. මේ දෙන්නා අතරේ දුරකථන සංවාදයක් ගිය බව දැනගෙන හැරල්ඩ් වෝඩ්ව යැව්වා මොකද වෙන්නේ කියලා බලන්න. කොලීන් ඩැනීවආරක්ෂා කලා. ඒත් වෝඩ් කාරයා කිව්වනේ ලියවිල්ලක් දෙන්නම් අත්සන් කරන්න කියලා. ඒකෙ තිබුණේ ඩැනී කොලීන්ටත් හිරිහැර කරපු මානසික රෝගයක් තියෙන මිනිහෙක් කියලා බොර්වට ගොතපු කතා. කොලීන් වෙලාවට ඒකත් ප්රතික්ෂේප කලා. මේ අතරේ ජෝයි මහන්සි උනා මේ ඉන්නේ ඇත්තටම ඩැනී ද කියලා දැනගන්න. එයා කරපු වැඩේ තමයි පෙබල්ස් පැකට් එකක් යැව්වා මානසික රෝහලට. මේ දෙන්නා ඉස්සර පොඩි කාලේදී පෙබල්ස් කන්න ගත්තම දුඹුරු පාට එව්වා අයින් කරලා හැම එකක්ම කාලා තියෙනවා. ඉතින් ඩැනීට ලැබුණු පාර්සලෙන් එයා දුඹුරු පාට හැම පෙබල්ස් එකක්ම එයා ලග ඉතිරි කරලා ඉතිරි පෙබල්ස් ආයේ ඒ පාරසලේම දාලා කොලීන් එයාව බලන්න ආපු වෙලාවේ ඒක එයාගේ අතේ ජෝයිට යවනවා. එතනින් තමයි ජෝයි දැනගත්තේ මේ ඉන්නේ ඩැනී කියලා.
හැරල්ඩ් වෝඩ්ට කිව්වේ නැහැ ඩැනී ව මරන්න කියලා. හැරල්ඩ් කිව්වේ ඩැනී ව වෙනත් ආරක්ෂිත තැනකට ගිහින් දාන්න වැඩ බලාගන්න කියලා. නමුත් ඒ වෙනුවට ඩැනීට හොදටම ගැහෙව්වා ඒකෙ ඇතුලේ ඉන්න අය ලව්වා. එතැනදී තමයි අයින් ෆිස්ට් එයාට ආරුඩ වෙන්නේ. එතන හිටිය අයට ගහලා එයා එලියට පැනගත්තා. හැරල්ඩ් ඩැනීව බලලා එද්දී එයාගේ ජනේලේ එයාට අනතුරු ඇගවීමක් ගහලා තියෙනවා. අද කොටසදී බලාගන්න පුළුවන් ඩැනී එලියට ආවට පස්සේ මොකද කරන්නේ කියලා. කලින් ෂෝස් වලදී එහෙම දැකලා තියෙන හුරු පුරුදු කෙනෙක් එක්ක ඩැනී ගේමට බහිනවා තමන්ගේ දේවල් අරගන්න. එතකොට ජෝයි, එයා ඇත්තටම විශ්වාස කරනවා ඇතිද මේ ඉන්නේ ඩැනී රෑන්ඩ්මයි කියලා? එයා ඩැනීට උදව් කරයිද? එතකොට හැරල්ඩ්ට තර්ජනයක් වෙන කෙනා එනවා හැරල්ඩ්ව මුණගැහෙන්න. මොනවයින් මොනවා වෙයිද කියලා බලලම ඉන්නකෝ එහෙනම්.
ගිහින් එන්නම්. ඊලග උපසිරැසියෙන් හමුවෙමු. ජය!.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
920 downloads