Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Laid in America (2016) with Sinhala Subtitles |අරමුණ ඉටුවෙනකල් උත්සහය අත්හරින්න එපා. [සිංහල උපසිරසි සමඟ] (18+)

$
0
0

හරි ඔන්න ඉක්මනටම තවත් චිත්‍රපටියක් උස්සන් ආවා. ඇත්තම කිව්වොක් මේක බාර ඇගෙන දැන් මාස ගානක් වෙනවා. The Secret Circle  එක නිසා තමයි පරක්කු වුනේ. ඉතින් මේක ගැන කියනවනම් මේක 2016 ආපු සුපිරිම ගනයේ කොමඩියක්. අනේ මන්දා ඉසුරැට කොහොම මේක මිස් වුනාද කියලා.කොහොම හරි වැඩි පුරාජේරැ ඔනි නැහැ කතාව ගැන ටිකක් කියන්නම්.

ඩන්කන් සහ ජැක් කියන්නේ හොදම යාළුවෝ දෙන්නෙක්.  එයාලා ඇමරිකාවේ අධ්‍යාපනය ලබන විදේශිය ශිෂයෝ දෙන්නෙක්. ඉතින් අද තමයි මේ දෙන්නා ඇමරිකාවේ අධ්‍යාපනය ලබන අවසාන දවස. ඒත් මෙයාලට ලොකු ප්‍රෂ්නයක් තියනවා ඒ තමයි එයාලා අව්රැදු ගානක් ඇමරිකාවේ හිටියත් මේ වෙනකල් වත් කෙල්ලෙක් සෙට්කරගන්න බැරිවෙනවා. කොහොම හරි මේ දෙන්නා අද අන්තිම දවසෙ හරි තමන්ට ඔනි වැඩේ කරගන්නවා කියලා හිතාගන්නවා. ඉතින් ජැක්ගේ හිතේ එයාලගේ පන්තියේ කෙලී කියන කෙල්ල ගැන අදහසක් තියනවා. ඒත් මිනිහා හෙන ලැජ්ජා කාරයා. කොහොම හරි මේ ඉස්කෝලෙත් නම තියාගෙන ඉන්න ළමයෙක් ඉන්නවා එයා තමයි ටකර් (කෙලිගේ හිටපු පෙම්වතා)  ඉතින් මෙයා පාසලේ නිමාව වෙනුවෙන් පාටියක් සංවිධානය කරනවා. ජැක් හිතා ගන්නවා මේකට ගිහින් කොහොම හරි කෙලීව සෙට් කරගන්නවා කියලා.ඩන්කනුත් හිතා ගන්නවා පාටියට රින්ගලා කොහොම හරි කෑල්ලක් දාගන්නවා කියලා. ඒත් ජැක්ටයි ඩන්කන්ටයි ටකර් මේකට එන්න දෙන්නේ නැහැ. එයාලා ගිහින් ටකර්ට බැගෑපත් වෙනවා මේ පාටියට එන්න දෙන්න කියලා.

ඉතින් ටකර් ඒ දෙන්නට එන්න දෙන්නම් කියනවා. ඒත් එක කොන්දේසියක් මත. ඒ තමයි එයාලා එනවනම් එයාලත් එක්ක තව ලස්සන සරාගී කෙල්ලෝ දෙන්නෙක්වත් එක්කන් එන්න ඔනි. ඉතින් මේක අහපු ගමන් ඩන්කනුයි ජැකුයි පිස්සෝ වගේ කල්පනා කරනවා කොහෙන්ද සරාගී කෙල්ලෝ දෙන්නෙක් හොයාගන්නේ කියලා. අවසානෙදි ඒකට ක්‍රමයක් එයාලා හොයාගන්නවා. ඒත් එකෙන් එයාලා හීනෙකින්වත් නොහිතපු කරදර ගොඩනකට මුහුන දෙන්න වෙනවා. හොදයි එහෙනම් ඔයාලම බලන්නකෝ ඉතුරැ ටික.

එහෙනම් එක දිගට උපසිරසි කීපයක් ගෙනාව නිසා පොඩි නිවාඩුවක් දාන්න කියලා හිතන් ඉන්නේ. මේක ගැන අදහසකුත් කොටාගෙන යන්න කියන ඉල්ලීමත් එක්ක.තවත් උපසිරසි නිර්මාණයකින් හම්බවෙනකල් හැමෝටම ජය වේවා.

මෙම චිත්‍රපටයේ ඇති ඇතැම් දර්ශන හේතුවෙන් මෙය වැඩිහිටියන්ට පමනක් සීමාවූ චිත්‍රපටියක් බව කරැණාවෙන් සලකන්න.

Laid in America (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Laid.in.America.2016.720p.BluRay.x264-ROVERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා  අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>