Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Strangers On A Train (1951) with sinhala subtitles |දුම්රියේ අමුත්තා. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ancient-aliens 3

ගයි හේනස්, ප්‍රසිද්ධ ටෙනිස් ක්‍රීඩකයෙකි. එමෙන්ම ඔහුගේ අභිප්‍රාය ටෙනිස් වලට පසුව දේශපාලනයට එක්වීමයි. මේ අතරම පුවත් පත් වල ඕප දූප පිටු පිරෙන්නේ මොහුගේ විවාහක බීරිඳගෙන් දික්කසාද වීමට සූදානම් බව පවසන පුවත් වලිනි. හේනස් ගේ බිරිඳ ඔහුට වංචා කරමින් වෙනත් පිරිමින් ඇසුරු කරන්නියකි. මුලදී දික්කසාදයට කැමැත්ත පෙන්නුවද පසුව ඔහු මංත්‍රී දියණියක් වන ඈන් මෝර්ටන් විවාහ කරගැනීමට සූදානම් බව දැනගෙන දික්කසදය නොදීමට තීරණය කරයි.

බෘනෝ ඇන්තනී, පියාගෙ පොහොසත් කම නිසා ඉතා හොඳ ජීවිතයක් ගතකරන තරුණයෙකි. නමුත් ඔහුගේ මවගේ ඇති මානසික ආබාධයක් නිසා ඔහුටද යම් මානසික සංකූලතා පවතී. ඇන්තනිගේ සිතුවිල්ල ඔහුගේ ප්‍රශ්න වලට හේතුව තම පියා බවයි. අහම්බෙන් දිනක දුම්රියේදී ගයි හ බෘනෝ එකිනෙකාව අඳුනාගනී. ගයි ගැන හොඳින් විස්තර දන්නා බෘනෝ තම පියා හා ගයි ගේ බිරිඳ මරා දමා තම ගැටලු විසඳා ගනිමු යැයි යෝජනා කරයි. මෙය හිතට ආ කතාවක් බව සිතන ගයි මෙය අමතක කර දමයි.

නමුත් බෘනෝ ගයි ගේ බිරිඳ මරදමා ඇගේ ඇස් කණ්නාඩි යුගල ගෙන ගයි ව හමුවීමට එන්නේ තමන් කතිකා කරගත් පරිදි තම පියා තම ජීවිතයෙන් ඉවත් කරවීමටයි. මෙලෙස මිනී මැරීමට කිසිම උවමනාවක් ගයි හට නොමැති නිසා ඔහු දිගින් දිගටම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන අතර පොලිසිය මොහු පිටුපස ඔත්තු කරුවන් යොදවයි. ගයි ගේ නෑනා, බාබරා පෙනුමෙන් මීරියම්ට සමාන නිසා බෘනෝ ඇයව දැක කම්පනයට පත් වේ, මෙය දකින ඈන් මේ පිලිබඳ විස්තර හාරා අවුස්සා විමසයි. අවසානයේදී දුම්රියේදී සිදු වූ සංවාදයේ පටන් මෙතෙක් සිද්ධි දාමයම ඈන් හට පැවසීමට ගයි ට සිදුවේ.

අවසානහේ ඈන්, බාබරා යන දෙදෙනාගෙ උදවුවෙන් ගයි මිනීමැරුමකට වරදකරු නොවී නිදහස් වන අතර බෘනෝ අනතුරකින් මිය යන්නේ ගයි ව නිදහස් කරමිනි. මෙය 1951 වසරේ තිරගත වනStrangers on a Train නම් ඇල්ෆ්රඩ් හිච්කොක් මහතාගේ සිනමා සිත්තමයි. yify torrent අඩවියේ වන පිටපත හා මෙම උපසිරසි පිටපත සැසඳේ.

ඉක්මනින්ම නැවතත් හමුවෙමු. සැමට ස්තුතියි.

Strangers on a Train (1951) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි yify පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>