Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Northern Limit Line (2015) AKA Yeonpyeong Haejeon with Sinhala Subtitles |කහ මුහුදේ සංග්‍රාමය. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ආයුබෝවන්!

කොහොමද ඉතින්? කලින් වතාවෙ දීපු ”The Throne” චිත්‍රපටිය හැමෝම බලන්න ඇති කියල හිතනවා.අදත් ඉතින් වෙනද වගේම කොරියානු චිත්‍රපටියකට තමයි සිංහල උපසැරසි අරගෙන ආවෙ.මේකත් 2015 බොක්ස් ඔෆිස් වාර්තා තියපු චිත්‍රපටියක්.

මේ චිත්‍රපටිය 2002 වසරෙ උතුරු කොරියා සහ දකුණු කොරියා නාවික හමුදා අතර ඇති වුණ සටනක් ඇසුරින් තමයි නිර්මාණය කරල තියෙන්නෙ.විශේෂයෙන්ම මේ සටනින් මියගිය අය වෙනුවෙන් සහ ඔවුන්ගේ පවුලෙ අය වෙනුවෙන්.. රටට කල සේවය වෙනුවෙන් ගෞරව කිරීමක් විදියට තමයි මෙය නිර්මාණය කරල තියෙන්නෙ.  2002 ජූනි FIFA World Cup තරගාවලියෙ තුන්වන ස්ථානයට තරග වැදුණෙ දකුණු කොරියාව සහ තුර්කියයි.. මේ තරගය යන අතර වාරයේදිම කහ මුහුදේ යොන්ග්ප්යොන්ග් දූපත ආසන්නයේ මුහුදු මායිමෙන් උතුරු කොරියාවෙ මුර සංචාරක නාවික යාත්‍රා දෙකක් දකුණු කොරියානු මුහුදට ළගා වෙනවා.දකුණු කොරියානු 357  මුර සංචාරක යාත්‍රාව සාමාන්‍ය විදියටම රාජකාරිය කරගෙන යන අතර වාරයෙදි උතුරු කොරියානු නාවික යාත්‍රා මඟින් ප්‍රහාරයකට ලක් වෙනවා.. බලා පොරොත්තු නොවුන මේ ප්‍රහාරයට මුහුණ දෙන නාවිකයින් 27 දෙනෙකුගේ කතාව තමයි චිත්‍රපටියට නගලා තියෙන්නෙ.

මේ චිත්‍රපටිය 2015 ජූනි 24 තිරගත වෙලා ඇමරිකන් ඩොලර් මිලියන 40 කට ආසන්න ආදායමක් උපයාගෙන තියෙනවා.Drama/War ගනයට අයත් වෙන මේ චිත්‍රපටියට imdb 6.5 ක හොඳ අගයක් ලැබිලා තියෙනවා.ප්‍රධාන චරිත විදියට Descendants of the Sun drama එකේ ප්‍රධාන නළුවගෙ යාළුවා සහ තවත් දෙන්නෙක් ඉන්නවා.යුද්දයක් නිසා දිග සාරාංශයක් දෙන්න නම් මම දන්නෙ නෑ.මොකද වෙඩි තියාගන්න බෝම්බ ගහ ගන්න තුවාල වෙන සිද්දි හුගක් තියෙන  නිසා.මුලදි විනෝදෙන් බලන්න පුලුවන් වගේම අන්තිම වෙනකොට සංවේදී දුක හිතෙන අවසානයක් තමයි තියෙන්නෙ.ඔයාලම බලන්න.බලල අදහස් කියන්න.ඉක්මණටම තව චිත්‍රපටියක් අරගෙන එන්නම්.ඔබට ජය!

බුදු සරණයි!

NEW

 

Northern Limit Line (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Northern.Limit.Line.2015.BRRip.XviD.AC3-EVO
Northern.Limit.Line.2015.720p.BRRip.1.1GB.MkvCage

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>