ඔන්න එහෙනම් පහලොස්වෙනි එපිය. නැතහොත් අවසාන එපියට කලින් එක. ඔන්න ලබන සතියේ අවසන් කොටසින් සීසන් හතත් අවසන් වෙනවා. ගියවර කොටසේ සිදුවුන දේවල් මතක ඇති කියලා හිතනවා. සාෂායි රොසීටයි යනවනේ නීගන් කාරයට ගේම දෙන්න. හැබැයි හිතුව නැති විදියට සාෂා වැඩේ තනියම කරන්න බාරගන්නවා. ඉතින් එතනින් එහාට සාෂාට මොනාද වුනේ කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්. ඒවගේම මතක ඇති කලින් කොටසක ටාරාට මුනගැහුන කාන්තා කණ්ඩායම. ටාරා එතනින් එන්නේ එතන කෙනෙක්ට කාටවත් එයාලා ගැන කියන්නේ නෑ කියලා පොරොන්දුවෙලානේ. හැබැයි තුවක්කු හොයාගන්න ඕන නිසා ටාරාට මේ ගැන රික්ට කියන්න වෙනවා. මතකද දොලොස්වෙනි එපියේදී ටාරා කියනවා රික්ට දෙයක් කියන්න තියෙනවා කියලා. ඒ ඉතින් මේ කණ්ඩායම ගැන තමයි.
ඉතින් මෙවර කොටසේදී රික් ඇතුළු පිරිස යනවා මේ කණ්ඩායම බැහැ දකින්න කියලා. ඒ ගිහින් මොනාද වෙන්නේ කියලා එපිය බලලම දැනගන්නකෝ. ආ..ඒවගේම ගියවර කොටසේ රොසීටා ආයේ හැරිලා එද්දී එයාට කාවහරි මුනගැහෙනවා. ඒ කවුද? කියලත් එපිය බලලාම දැනගමු ඉතින්. එහෙනම් අපි ගියා! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය HDTV පිටපත සඳහා වලංගු වේ.
469 downloads