Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Suspicion (1941) with sinhala subtitles |සැකය. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

මාගේ 51 වෙනි උපසිරැසි නිර්මාණය ලෙස ඔබට ඉදිරිපත් කරනුයේ ඇල්ෆ්රඩ් හිච්කොක් මහතාගේ ඇති 1941 වසරේ තිරගත වූ Suspicion නම් සිනමා කෘතියයි. 1942 වසරේ හොඳම නිලියට හිමි ඔස්කාර් සම්මානය  මේ වෙනුවෙන් ලීනාගේ චරිතයට පන පෙවූ ජොආන් ෆින්ටයින් හිමිකරගන්නවා. IDMB අගය 7.2 ක්. බලමු කතාවක් ඔහොමද කියල ටිකක්.

ලන්ඩනයේ ග්‍රාමීය දුම්රියක ගමන් කරන ලීනා, තෙවන පංතියේ ටිකට පතකින් පලමු පංතියේ ගමන් පහසුකම් සලසා ගන්නා ජෝන් අයිස්ගාඅර්ත් පලමු වරට හදුනාගනී. පසුව ඔහු ඇයව දකින්නේ ගමේ උත්සවයකදීය. තරුණියන් පිරිවරා සිටින ඔහු එම තරුණියන්ගේ මාර්ගයෙන් ඇයව තවදුරටත් හදුනා ගනී. කෙටිකලකින්ම ඇය හා පෙමින් බැඳෙන ජෝන් ඇයව විවාහ කරගනී. ජෝන් සූදුවට ඇබ්බැහි වී මිතුරන්ට ණයවී සිටින සූදු අන්තුවෙකි. බාහිරට පෝසතෙක් උවත් බංකොලොත් ණයකාරයෙකි. ජෝන්ගේ අභිප්‍රාය ලීනාගේ දෑවැද්දෙන් තම ණය ගෙවාදමා ණයකරුවන්ගෙන් නිදහස් වීමයි. මේ අතර ලීනා ජෝන්ගේ සැබෑ තත්වය දැනගත්තා උවද ඔහුගෙන් වෙන්වීමට උත්සහයක් නොගෙන රැකියාවක් කිරීමට යොමු කරයි. නමුත් ජෝන් කරනුයේ ලීනාගේ පියාගෙන් ලැබුන මංගල තෑග්ගක් වන වටිනා පුටු දෙකක් විකුණා ඔට්ටු ඇල්ලීමයි.

පසුව නිවසට පැමිණෙන ජෝන්ගේ මිතුරෙකු හා එක්ව දේපළ සම්බන්ධ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම් වෙයි. නමුත් ජෝන්ගේ ස්බාවය දන්නා ලීනා මෙයට අකමැත්ත ප්‍රකාශ කරයි. ව්‍යාපාරය නැවතුනද  යම් උවමනාවකට ප්‍රංශයට යන ජෝන්ගේ මිතුරා, බීකි මරණයට පත්වේ. ජෝන් ද ඒ සමග යන නිසා ලීනාගේ සිතේ ඔහු කෙරේ සැකයක් ඇතිකර ගනී. පොලීසියෙන් ඔහුව සොයා නිවසට පැමිණෙනනිසා ඇගේ සැකය ස්තිර වේ. නමුත් ඒ පිලිබඳ වැඩිදුර හාරා ඇවිස්සීමක් නොකර පාඩුවේ සිටි. පසුව සිදුවන සිදුවීම් කිහිපයක් නිසා ඔහුගේ ඊලඟ ඉලක්කය තමා බවට සැක කරයි. ඇගේ සැකය යතාර්තයක් වේවිද? හිච්කොක් මහතාගේ අගනා සිනමා සිත්තම ඔබත් රසවිදින්න.

පිටපත yify torrentඅඩවියෙන් ලබාගන්න, උප සිරැසි පිටපත ඒ සඳහා අදාල වේ.

 

Suspicion (1941) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි yify පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>