Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The 100 [S04 : E08] with Sinhala Subtitles |අළු මතින් අපි නැගී සිටීවි…. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The 100 S4-1

කොහොමද ඉතින් THE 100 රසික රසිකාවියන්ට.. ඔන්න අදත් ආව දවසෙම හවස 4.30 වෙද්දී සබ කොටලා ඉවරයක් කළා. සමහරුනම් දවල් 12.00 ඉදලම අහනවා සබ දෙන්නේ නැද්ද කිය කියා.. හරි එහෙමනම් කතාව ගැන බලමුකෝ එහෙනම්.
හතරවන කතාසමය ආරම්භ වුනේ න්‍යෂ්ටික විකිරණ හේතුවෙන් ලෝකය විනාශ වී යාමේ අනාවැකියක් එක්ක. ගිය සතියේ අපිට අත් දකින්න ලැබුනා කළු වැස්ස සහ එහි භයානක කම. ඉතින් විසදුම් සෙවීමේ කාර්යයේ නිරතව ඉන්න ක්ලාක් ඇතුළු පිරිස විසදුමකට ලං වෙන්න ඔන්න මෙන්න ඉන්දැද්දී ඒ සේරම නිකන් හෙනහුරා පාත් වුනා වගේ විනාස වෙලා යනවා. අභ්‍යවකාශයට යාමේ මෙහෙයුම අසාර්ථක වීම සමග ඉතුරු වුන එකම අපේක්ෂාව නයිට්බ්ලඩ් විසදුම. බලමු නේ ඒකට මොකෝ වෙන්නේ කියලා. ආ, ඔන්න ඔය අතරේ අද ජාහා ලොක්කා අර දෙවැනි උදාවද මොක්කුද කට්ටියකගේ බංකර හොයන වැඩේ ආයේ පටන් ගන්නවා. බලමුකෝ මේ පාරවත් කලින් වගේ නොවී හොද බංකරයක් හම්බවෙයිද කියලා.
මේ පාර දකින්න ලැබෙන දෙයක් තමා කලින් සමයන්වල වගේ සටන් නැතිකම.. ඇත්තටම සටන් කීපයක් ඇතිවීමේ අවස්ථා පැන නැගුනත් ඒ සියල්ල යටපත් වී ගියා. අපේ සමහරු කියනවා ඒක නිසා කතාව බලන්නත් එපා වේගෙන එන්නේ කියලා ඒ අයට. හැබැයි මටනම් හිතෙන්නේ මේ පාර අතින් පයින් කෙරෙන හටන්වල අඩුවක් තිබ්බත් කට්ටියට ජිවිත බේරගන්න සිය ඇතුලාන්තය සමග මනුෂ්‍යත්වය සමග සටනක් කරන්න වෙලා තියෙන වගක්. වැදගත් දෙයක් කියන්න තියෙනවා.. THE 100 හතරවන සමයේ 9වන කොටස බලන්නනම් ඔයාලට අප්‍රේල් මාසේ 26 වෙනකම් බලා ඉන්න වෙනවා.. මේ දවස්වල CW නාලිකාවේ සියළුම කතාංග මාසයක පමණ කාලයක් විරාමයක් අරගෙන.. එහෙමනම් ඔබ සැමට ජයෙන් ජය..

The 100 (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ. 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>