Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Legion [S01 : E08] with Sinhala Subtitles |අවසානය.. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Legion P1

ගිය සතියේ මතක ඇතිනේ මනෝ ලෝකෙක හිර වෙලා වෙච්ච හරියක්. මතකනේ ඒකෙන් ගොඩඑන්න මොන තරම් දේවල් වුණාද කියලා. අමුතුවෙන් විස්තර කරලා දෙන්න දෙයක් නැහැ. ඩේවිඩ්ව අර පරපෝෂිතයා යටපත් කරලා තියෙද්දී ලැබෙන කාලයෙන් එයා පැහැදිලි කරගන්නවා එයාට මේ පරපෝෂිතයා ආවේශයක් වුණේ එහෙමත් නැත්තම් ඒ පරපෝෂිතයා කොහොමද ඩේවිඩ්ව ධාරකයෙක් කරගත්තේ කියලා. ඒකෙදී පැහැදිලි වුනා මේ පරපෝෂිතයා ඩේවිඩ්ව ධාරකයා කරගෙන තියෙන්නේ එයා පොඩි කාලේදීමයි කියලා. කේරිගේ උදව්ව ඇතිව ඩේවිඩ්ට තාවකාලික ගොඩඒමක් ලැබුණා කේරී හදලා ඩේවිඩ්ගේ ඔළුවට දාපු රැස් වළල්ලෙන්. කොහොම හරි ගිය සතියේ කොටස හොදට බැලුවා නම් හුගක් විශේෂ කොටසක් කියලා දකින්න ඇති. ඒ තමයි,

ප්‍රොෆෙසර් එක්ස්ගේ රෝද පුටුව දකින්න ලැබිච්ච එක. මේවා තමයි ඉතින් එක්ස් මෙන් එකට කපපු පාර. දැන් ඉතින් එක්ස් මෙන් ආවම ඒක විතරක් බලලා වැඩක් නෑ. මොකද ක්‍රොස්ඕවර් වෙන්න ඉඩ තියෙනවා. කොහොම හරි අර රැස් වළල්ලෙන් උනේ ඩේවිඩ් අර පරපෝෂිතයාව යටපත් කිරීමක්. හැමදේම හොදින් සිද්ද වුනා කියලා හිතද්දීම වාගේ වුණේ ක්ලාක්ගේ මහා හමුදාවක් ඇවිල්ලා එයාලව වටකරගත්ත එකයි.

අද අවසන් කොටසෙදි බලාගන්න පුළුවන් ඩේවිඩ්ට අර පරපෝෂිතයාගෙන් ගොඩඑන්න ලැබේවිද නැද්ද කියලා. ඒ ඔක්කෝටම කලින් අර ක්ලාක් කාරයා ඇවිල්ලා මොනවා කරාවිද කියලා බලන්න එපැයි නෙහ්. මෙලනිට ඔලිවර් ගැන අදහසක් ඇති වෙලා. මේ දෙන්නා මනෝ ලෝකෙදි හිටියට සැබෑ ලෝකයට ආවට පස්සේ ඔලිවර්ට මෙලනිව මතක නෑ. අන්තිම කොටස නිසා කතාව කියන්නේ නෑ ඉතින් වැඩක් නැතුව යනවා. හැබැයි අද අවසන් කොටසත් සුපිරියක් කියලා කියන්න පුළුවන්. අටවන පරිච්ඡේදය නොහොත් අවසාන කොටස වෙච්චි මේ කොටසට IMDb අගය 9.3/10ක් ලැබිලා තියෙනවා.

පෙබරවාරි 9 වැනිදා ඉදන් පටන් ඇදගෙන ආපු මේ කතාමාලාව අදින් අවසන් වෙනවා. මේ කොටස් අට එක් අයෙක් විතරක් නෙවෙයි කලේ. මං කලේ මුලාරම්භයක් ගත්ත එක විතරයි. එතැනින් පස්සේ යසිරු, චමල්, ප්‍රණීත්, සුධීර, නිලුපුල් වගේම වගේම විමාත් මේ සීරිස් එකේ අපේ චැට් එකේ ඉදන් අමාරු වචන වලට සහයක් දුන්නා. කොටින්ම මේ කොටස දුන්නෙත් එයයිට කරන්න කියලා. ඒත් ඉතින් එයාට කරන්න බැහැයි කියලා කිවවනේ. ඒ නිසයි පටන් ගත්ත එක මමම අවාසනයක් කලේ. සුපුරුදු පරිදි කතාවට මුල තිබ්බ උද්යෝගය මේ වෙද්දී නැතුව ගිහින්. හුග දෙනෙක්ට කතාව අල්ලලා නෑ එහෙම නැත්තම් තේරිලා නෑ. හැබැයි ඉතින් මං නම් කියන්නේ “පස්වැනි කොටසෙන් කතාව නොතේරුණා නම් ආයේ සීරිස් බලන්න එපා කියලා.” මොකද සීනිබෝල කතා බලලා තමන්ගේ මනස එකම තැනකට කොටු වෙච්ච ස්වභාවයක් ඇත්තේ. ඒකයි. කොහොම නමුත් මේකේ පස්වන කොටස යන කාලේදීම දැනුවත් කිරීමක් කලා ලීජන් දෙවැනි කතා සමය වෙනකං දීර්ඝ කලා කියලා. බොහෝවිට ලබන අවුරුද්දේ බලාගන්න පුළුවන් වෙයි. එහෙනම් ඉතින් දෙවැනි කතාසමය එනකන් පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ බලා ඉන්නකෝ.

මං ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!

Legion (2017– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>