Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

13 Assassins (2010) AKA Jusan Nin No Shikaku with Sinhala Subtitles |රණශුරයෝ [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

කොහොමද යාලුවනේ,ඔන්න මම අරන් ආව ගොඩක් හොඳ ඇක්ෂන් පිරුන කතාවක්.මේකත් මම කලින් උපසිරසි දුන්නු ඒවා වගේම පරණයි.හැබැයි පරණ උනාට නරක නෑ.අපි හැමෝම ආසයිනේ සමුරායිලට.පොඩි කාලේ කඩුවක් වගේ ලීයක් අරගෙන සෙල්ලම් කරපු අතීතයක් ඔයාලටත් තියෙන්න ඇති,මේකත් සමුරායිල ගැන තියෙන සුපිරි කතාවක්.අපි ෆිල්ම් වල එක එක විදිහේ වීරයෝ දැකල තියෙනවා.සමහර අය හෙන ඇගපත තියෙන ගොඩක් බය හිතෙන අය.උන් ඇවිත් 50කට විතර ගේමක් නැතුව ගහල යනවා.මේක ටිකක් වෙනස්.මම ඒ වගේ ෆිල්ම් නරකයි කියනවා නෙමේ.තාත්වික ගතිය රැකගෙන ඇක්ෂන් ෆිල්ම් එකක් කරනවා කියන්නේ අමාරු වැඩක්.ඔයාල දැකල ඇතිනේ සමහර ෆිල්ම් වල ගහගන්න සීන් එකක් යනකොට අපිට පෙන්නේනිකන් ගුරුත්වාකර්ෂණය නැති වෙලා වගේනේ. මේ ෆිල්ම් එකේ ඒ වගේ දේවල් ගොඩක් අඩුයි.ඇත්තටම තාත්විකයි.අපේ හිතේ ෆිල්ම් වල ඉන්න වීරයෝ කොයි වගේද කියල මතක් කරගන්නකෝ.මේ ෆිල්ම් එක බැලුවම ඔයාලගේ හිතේ වීරයෝ කියන්නේ කවුද කියන  අදහස  ටිකක් හරි වෙනස් වෙයි කියල මට හිතෙනවා.

මම ෆිල්ම් එක ගැන ටිකක් විස්තර කියන්නම්.මේක ඇත්තටම remake එකක්.1963 මේ නමින්ම තිරගත වුන ෆිල්ම් එකක ප්‍රතිනිෂ්පාදනය.ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය Takashi Miike විසින්.ඔයාල බලල ඇතිනේ එයාගේ one missed call එහෙම.නිෂ්පාදනය ඔස්කාර් සම්මානලාභී Toshiaki Nakazawa තමයි කරලා තියෙන්නේ. ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ Koji Yakusho(shall we dance),Takayuki Yamada ඇතුළු පිරිසක්. ඇක්ෂන් ෆිල්ම් එකක් කීවට හොඳ කතාවකුත් තියෙනවා මේකේ. 7.6 ක් imdb අගයක් මේ ෆිල්ම් ඒකට ලැබිල තියෙනවා 96% ක rotten tomatoes අගයකුත් ලැබිල තියෙනවා,දැන් හිතෙනවා නේද බැලුවට පාඩු නෑ කියල.

කතාව මෙහෙමයි.ජපානයේ ශෝගුන් පාලන සමයේ ශෝගුන්වරයාගේ සහෝදරයෙක් පිස්සු කෙලින්න ගන්නවා.පොර ගොඩක් කෘර විදිහට තමයි මිනිස්සුන්ට සලකන්නේ.ඒ නිසා ශෝගුන් මධ්‍යම රජයේ ජේෂ්ඨ නිලධාරියෙක් බොහොම දක්ෂ සමුරායි කෙනෙක්ට මේ පිස්සු පොරව මරන්න භාර කරනවා.හැබැයි රහසිගතව.ඔයාලම බලන්නකෝ මෙයාට ඒක කරන්න පුලුවන්ද කියල. උපසිරසි වල අඩුපාඩු තියෙනවා නම් සමාවෙන්න.

ඉතින් ජයවේවා

 

13 Assassins (2010) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

13 Assassins (2010) 720p MKV x264

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පියුමාල් දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles