Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

DCs Legends of Tomorrow (2016) [S02 : E16] with Sinhala Subtitles |දුෂ්ටයන්ගේ යතාර්ථය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Legend of tomorrow S2-1

කොහොමද කට්ටියට.. the 100 කරලා ඉවර වෙලා ටික දවසක් විවේක ගන්න හිටියත් අපේ අචියගේ පෙරැත්ත කිරිල්ල නිසාම මට ආයෙත් ඉක්මනටම සබක් කරන්න වුනා. මේක කරනකම් මෙකාගෙන් බේරිල්ලක් නෑ නොවෑ. ඔන්න දැන් පරක්කුයි කියලා බනින්න ලෑස්ති වෙනවා නෙවේ.. මං මේක බාරගත්තේ සිකුරාදා. අචින්ත සහෝ මේ ටිකේ හොදටෝම කාර්යබහුල වෙලා නිසා තමා මං මේක ගෙනාවේ. හැබැයි උපසිරසියේ මුල් පේලි 100 අචින්ත සහෝ කරලා තිබ්බ නිසා එයාටත් ස්තුතිය යන්න ඕන.

ගිය සතියේ අපිට දැකගන්න ලැබුනා ලෙජන්ඩ්ලා හෙල්ලත් අරගෙන ජේසුතුමාගේ ලේ හොයාගෙන පළවැනි ලෝක යුද්දේ අස්සේ ගිහින් කරගත්ත හදියක්. අන්තිමේ වුනේ හෙල්ලත් නැති කරගෙන ඒක විනාශ කරන්න තිබ්බ ලේ කුප්පියත් නැති කරගත්ත එක. හෙල්ල අරගත්තු මරණයේ කල්ලිය තමන්ට අවශ්‍ය ආකාරයට තමන්ගේ යතාර්ථයන් නිර්මාණය කරගන්නවා. ඒ කියන්නේ තෝන්ට, වගේම ලෙනාඩ් ස්නාර්ට්ට ෆ්ලෑෂ් නැති නගරෙකුත් ඩේමියන් ඩාක් සහ මැල්කම් මර්ලින්ට ඇරෝ නොමැති නගරෙකුත් හිමිවෙලා.

අපේ ලෙජන්ඩ්ලා දැන් ඉන්නේ කට්ටියගේ වහල්ලු වගේ. බලමුකෝ මේ අලුත් යථාර්ථයේ ලෙජන්ඩ්ලාට පුළුවන් වෙයිද කියලා කලින් වගේ වැඩ පෙන්නලා හෙල්ලය තමන්ගේ අතට ගන්න.එතකොට රිප් හන්ටර්ට මොකද වුනේ?මිනිහටනම් වෙලා තියෙන්නේ කැතම වැඩක් තමා…

එහෙමනම් මං යනවා.. ආ අනිත් CW කතා ටික වගේම මේකත් ආයේ විකාශය අප්‍රේල් 25ද කොහෙද.. ඒ ආවම අචින්ත සහෝ වෙනදා වගේම ඔයාලට උපසිරසි ගෙනෙයි….

Legends of Tomorrow (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

DCs.Legends.of.Tomorrow.S02E16.HDTV.x264-LOL.Turncoat
DCs.Legends.of.Tomorrow.S02E16.HDTV.x264-DiMENSiON.Turncoat
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>